October 26, 2025
Solar Care International PV සූර්ය බල ශක්ති පද්ධති නඩත්තු හා නව්‍යකරණ සේවා වෙනුවෙන් සම්මාන දිනයි
පුවත්

Solar Care International PV සූර්ය බල ශක්ති පද්ධති නඩත්තු හා නව්‍යකරණ සේවා වෙනුවෙන් සම්මාන දිනයි

Sep 25, 2025

මෙරට ප්‍රමුඛ සූර්ය බල ශක්ති විසඳුම් සහ නඩත්තු සේවා සපයන්නකු වන Solar Care International පෞද්ගලික සමාගම Global Business Excellence 2025 සම්මාන උළෙලේදී ශ්‍රී ලංකාවේ විශිෂ්ටතම සූර්ය බල ශක්ති නඩත්තු සේවා සපයන්නා ලෙසත්, Elite Series සම්මාන උළෙලේදී වසරේ වඩාත්ම නව්‍ය සූර්ය බල ශක්ති සමාගම ලෙසත්, Iconic Awards 2025 සම්මාන උළෙලේදී වසරේ විශිෂ්ටතම සූර්ය බල ශක්ති නඩත්තු සේවා සපයන්නා ලෙසත් සම්මානයට පාත්‍ර විය. සමාගමේ කළමනාකරණ අධ්‍යක්ෂ සහ කාර්මික අලෙවි පුහුණුකරු දසිත කොඩිතුවක්කු මහතා වෙත මෙම සම්මාන පිරිනැමිණි. Solar PV නඩත්තුව පිළිබඳව අන්තර්ජාතික වශයෙන් පිළිගත් වෘත්තිකයෙකු වන ඔහු දේශීය සහ ජාත්‍යන්තර වශයෙන් ස්ථාපනය කර ඇති ව්‍යාපෘතිවල සමස්ත ධාරිතාව මෙගාවොට් 320කට අධිකය. ශ්‍රී ලංකාවේ, ඉන්දියාවේ, මාලදිවයිනේ සූර්ය බල ශක්ති ව්‍යාපෘතිවලට පූර්ණ පසු විකුණුම් සේවා සැපයීමේ අරමුණෙන් ඇරැඹූ Solar Care International සූර්ය බල ශක්ති පද්ධති ස්ථාපන සහ නඩත්තු සේවා සියල්ල සපයයි. පියවර 41කින් යුතු ආරක්‍ෂිත නඩත්තු ක්‍රමවේදය පළමු වරට ශ්‍රී ලංකාවට හඳුන්වා දුන්න්නේද එම සමාගමයි.

ඔවුන් සූර්ය පැනල සඳහා වන Anti-soiling ආරක්‍ෂිත ගැල්වුම්, පද්ධති සෞඛ්‍ය වාර්තා, පක්ෂීන්ගෙන් වන හානි වළක්වන විසඳුම්, අර්ධ ස්වයංක්‍රීය හා පූර්ණ ස්වයංක්‍රීය පිරිසුදු කිරීමේ පද්ධති, තෙවැනි පාර්ශ්ව වගකීම් සහතික සහ ගෘහස්ත PV පරිශීලකයන්ට උපදේශන සේවා ඇතුළු නව්‍ය විසඳුම් සහ සේවා රැසක් සපයයි. ප්‍රමිතිගත නිමාව, සුරක්ෂිතභාවය, කල් පැවැත්මෙන් ඉහළ TYPE SCI ස්ථාපන ක්‍රමවේදය ඔවුන්ගේ හඳුන්වා දීම් අතර වේ. වායුගතික සිසිලනය, සහතික කළ උසස් ශ්‍රේණියේ අමුද්‍රව්‍ය සහ විශේෂඥ ඉංජිනේරුකරණය යන සියල්ලෙහි එකතුවක් වන එම ක්‍රමවේදය ගෘහස්ත, වාණිජ සහ උපයෝගිතා මට්ටමේ ව්‍යාපෘතිවල කල් පැවැත්ම සහ උපරිම කාර්යක්ෂමතාව සහතික කරයි. ලොව පුරා ප්‍රධාන සූර්ය බල ශක්ති සන්නාම 28කට වැඩි සංඛ්‍යාවක් සමග කටයුතු කරන එම සමාගම වර්තමානයේදී කිලෝවොට් 44,000කට අධික ධාරිතාවකින් යුතු ආරක්‍ෂිත නඩත්තු සේවා සපයා ඇත. ශ්‍රී ලංකාවේ සහ මාලදිවයිනේ බලය ලත් ChemiTek බෙදා හරින්නා වන එම සමාගම ශ්‍රී ලංකාවේ, ඉන්දියාවේ සහ මාලදිවයිනේ එකම SolarCleano බලය ලත් නියෝජිතයාද වේ. විශ්වාසනීය, ආරක්‍ෂිත සහ තිරසාර බල ශක්ති විසඳුම් තුළින් කළාපීය බල ශක්ති සුරක්ෂිතතාව තහවුරු කිරීම ඔවුන්ගේ ප්‍රධාන අරමුණයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Close