July 13, 2026
SLT-MOBITEL විසින් ‘Road to LPL’ සමගින්, ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් උණුසුම කුළුගන්වයි
පුවත්

SLT-MOBITEL විසින් ‘Road to LPL’ සමගින්, ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් උණුසුම කුළුගන්වයි

Jul 13, 2026

ශ්‍රී ලංකාවේ  ජාතික තොරතුරු තාක්ෂණ සහ සන්නිවේදන විසඳුම් සම්පාදකයා වන SLT-MOBITEL, 2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) තරගාවලියට ප්‍රවේශයක් වශයෙන්, දිවයිනම ආවරණය කරමින් ‘Road to LPL’ නමින් විශේෂ ප්‍රවර්ධන වැඩසටහනක් දියත් කරමින් සිටී. ශ්‍රී ලංකාවේ පුරෝගාමී Internet Protocol Television (IPTV) සේවා සම්පාදකයා වන SLT‑MOBITEL PEOTV මෙම තරඟාවලියේ නිල විකාශන සහකරු ලෙස සාඩම්බරයෙන් යුතු සුවිශේෂී වැඩකොටසක් ඉටු කර සිටී.

IPG සමූහයේ සහ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ නොමඳ සහයෝගීතාවය සමග, SLT-MOBITEL විසින් සංවිධානය කරන ‘Road to LPL’ වැඩසටහනේදී, එහි ප්‍රවර්ධන කටයුතු සඳහා නිල කර තිබෙන ට්‍රක් රථයක් දිවයින පුරා ගමන් කරනු ඇත. මෙම ට්‍රක් රථය, ගාල්ල, මහනුවර, යාපනය, කොළඹ සහ දඹුල්ල යන LPL තරගාවලියේ ප්‍රධාන ස්ථානයන් මෙන්ම, ශ්‍රී ලංකාව පුරා අනෙකුත් ප්‍රධාන නගරද ආවරණය කරමින් සිටී.  ජාතික අභිමානයත්, සන්නාමයේ දෘෂ්‍යතාවයත්, SLT-MOBITEL කාර්ය මණ්ඩලයේ සහභාගීත්වයත්, එමෙන්ම ක්‍රිකට් ලෝලීන්ගේ උද්‍යෝගයත් ඉහළ නැංවීම සඳහා SLT-MOBITEL දක්වන කැපවීම, මෙම වැඩසටහන මගින් ඉස්මතු වී තිබේ.

ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලියේ උද්යෝගය සහ ජවය ශ්‍රී ලංකාව පුරා ක්‍රිකට් ලෝලීන්ගේ සහ විවිධ ජනප්‍රජාවන්ගේ සිත් සතන් වලට සමීප කිරීම සඳහාම, දිවයිනම ආවරණය කෙරෙන ප්‍රවර්ධන ව්‍යාපාරයක් ලෙසින්, 2026 ජූලි 10 වන දින ගාල්ලේදී මෙම ‘Road to LPL’ වැඩසටහනේ ආරම්භය නිල වශයෙන් සනිටුහන් විණි.

මෙම ‘Road to LPL’ වැඩසටහන ඔස්සේ, SLT-MOBITEL විසින් ක්‍රිකට් ලෝලීන්ට LPL තරඟාවලියට සහභාගී වන කණ්ඩායම් සමඟත්, එසේම LPL ක්‍රීඩකයින් සමඟත් සෘජුවම සම්බන්ධ වීමට අවස්ථා ගණනාවක් නිර්මාණය කර දී තිබිණි. ඒ අතරම මෙම වැඩසටහන සමගින් ක්‍රිකට් ක්‍රීඩාව තේමා කොට ගත් විනෝදාත්මක අත්දැකීම් රාශියක්ද සැලසුම් කර තිබෙනු දක්නට ලැබිණි. මෙම අත්දැකීම් තුළට, Spin the Wheel, VR Cricket Challenge, Scream for the Team සහ Gully Cricket ඇතුළු ක්‍රියාකාරකම් රැසක් ඇතුළත් වූ අතර, ඒ ඔස්සේ ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලියේ උද්‍යෝගය පළමුවෙන්ම අත්විඳින්නට ‘Road to LPL’ වෙත සහභාගී වූ ක්‍රීඩා ලෝලීන්ට ඉඩ හසර සලසා දී තිබිණි. මේ අතර, ක්‍රිකට් ක්‍රීඩා ලෝලීන්ට LPL කැන්වසය මත තම අත්සන් තැබීම ඔස්සේ තමන්ගේ ප්‍රියතම කණ්ඩායම් වලට තමන්ගේ සහාය ඉදිරිපත් කරමින් ඔවුන්ව දිරිමත් කරන්නට අවස්ථාවක්ද සැපයී තිබුණි. එසේම, සහභාගී වූ ක්‍රිකට් ලෝලීන්ට ආකර්ෂණීය ත්‍යාග සහ LPL තරඟ ටිකට්පත් දිනා ගැනීමටද අවස්ථාව මෙහිදී ලැබී තිබීමද අමතක කළ නොහැක. මේ අතර, LPL උමතුවට  තවත් උද්වේගය එක් කරමින් එක් කරමින්, ගාල්ල, මහනුවර, යාපනය, කොළඹ සහ දඹුල්ල යන ප්‍රදේශයන්හි LPL කණ්ඩායම් පහ නියෝජනය කරනා කණ්ඩායම් නායකයින්ද මෙම ‘Road to LPL’ වැඩසටහනට සහභාගී වෙමින්, ක්‍රිකට් ක්‍රීඩාවට ලැදි රසිකයින්ට, LPL තරගාවලියට පැමිණීමට සහ තමන්ගේ ප්‍රියතම කණ්ඩායම් වෙනුවෙන් හඬ නැගීමට නව ජවයක් සහ දිරියක් ලබාදී තිබිණි.

මෙම ‘Road to LPL’ මාර්ග සංදර්ශනය, 2026 ජූලි 13 වන දින කොළඹ ශ්‍රී ලංකා ටෙලිකොම් මූලස්ථානයට සම්ප්‍රාප්ත වූයේ, ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම දේශීය ක්‍රිකට් තරඟාවලියේ උණුසුම, SLT-MOBITEL කාර්ය මණ්ඩල සාමාජික සාමාජිකාවන්ට මෙන්ම, මහජනතාවටත් එක එල්ලේම අත්විඳින්නට ප්‍රවේශය සලසා දෙමිනි. SLT-MOBITEL කාර්ය මණ්ඩල සාමාජික සාමාජිකාවන්ට ‘Road to LPL’ වැඩසටහනේ එම පෙර නොදුටු විරූ අත්දැකීම අත්විඳින්නට ඉඩකඩ සලසා දීම, ශ්‍රී ලංකාවම ආවරණය වන පරිදි පැවැත්වුණු LPL ප්‍රචාරණ වැඩසටහනේ වැදගත් මංසළකුණක් විණි. මෙහිදී ක්‍රිකට් තේමාවෙන් බලගැන්වුණු, ක්‍රියාකාරකම් මාලාවක් ද සමගින්, ‘Road to LPL’ මාර්ග සන්දර්ශනයේ කොළඹ අදියර තුළ විශේෂත්වය වුයේ LPL කුසලානය එළි දැක්වීමයි. එසේම, වැඩසටහනට සහභාගී වූවන්ට, LPL කැන්වසය මත තම අත්සන් සටහන් කිරීමට මෙන්ම, LPL ක්‍රිකට් කණ්ඩායම් වල නායකයින් හමුවීමටද අවකාශය  ලැබිණි. මෙම අවස්ථාව, සහභාගී වූ සෑමදෙනෙකුටම මතකයෙන් ගිලිහී නොයන අත්දැකීමක් නිර්මාණය කර දුන් බව කිව යුතුම වේ. එසේම, මෙම අවස්ථාව ඔස්සේ, SLT-MOBITEL සහ ලංකා ප්‍රිමියර් ලීග් යන සන්නාමයන් ද්විත්වය පිළිබඳ පොදු ජන දැනුවත්භාවය ඉහළ නංවමින්, එම සන්නාමයන් සඳහා වැඩි දෘශ්‍යතාවයක්ද ලබා දී තිබිණි.

ක්‍රීඩාවත්, නවීන තාක්‍ෂණයත්, විනෝදාස්වාදයත්, එමෙන්ම නවෝත්පාදනයත් ප්‍රබල ලෙසින් සංකලනය වීම සංකේතවත් කරමින්, 2026 ජූලි 17 වන දින පැවැත්වීමට නියමිත දර්ශනීය LPL ඩ්‍රෝන සංදර්ශනයකින්, LPL තරඟාවලිය ආරම්භ වීමට නියමිතව තිබේ. මෙවර ලංකා ප්‍රිමියර් ලීග් තරඟාවලිය 2026 අගෝස්තු 8 වන දින දක්වා පැවැත්වෙනු ඇත. එහිදී, ශ්‍රී ලංකාව පුරා සිටින ක්‍රිකට් ලෝලීන්ට SLT-MOBITEL PEOTV සහ PEO MOBILE ඩිජිටල් පර්යන්තයන් හරහාද සම්පූර්ණ තරඟාවලියම සජීවීව නැරඹීමට හැකියාව තිබේ. මෙම තරග සියල්ලම true HD තාක්ෂණයෙන් යුතුව විකාශනය කෙරෙන අතර, ඒ ඔස්සේ නරඹන්නන්ට සුපැහැදිලි, අතිවිශිෂ්ට නැරඹුම් අත්දැකීමක් ලබාදෙනු ඇත.

LPL තරඟාවලියේ උද්යෝගය SLT-MOBITEL කාර්ය මණ්ඩල සාමාජික සාමාජිකාවන් වෙතට සහ ක්‍රිකට් ක්‍රීඩා ලෝලීන් වෙතට ගෙන ඒමට අමතරව, ‘Road to LPL’ වැඩසටහන තුළින්, ක්‍රිකට් ක්‍රීඩාවට විවිධ ජනප්‍රජාවන් එකට එක් කිරීමට ඇති බලයද පැහැදිලිවම පෙන්වා දී තිබේ. ඊට අමතරව, ක්‍රීඩා ලෝලීන්ට හුදු තරග නැරඹුම් අත්දැකීමකට එහා ගොස්, LPL තරගාවලිය හා සක්‍රියව සම්බන්ධ වීමේ අවස්ථාවද එමගින් උදා වී තිබිණි.

ලංකා ප්‍රිමියර් ලීගය සමඟ SLT-MOBITEL සමූහය නිර්මාණය කොට ගත් මෙම හවුල්කාරිත්වය, ශ්‍රී ලංකාවම විසින් පොදුවේ ක්‍රිකට් ක්‍රීඩාව වෙනුවෙන් බෙදාහදාගන්නා සිඳී නොයන ආශාව සවිබලගැන්වීම සඳහා SLT-MOBITEL සමූහය දක්වන කැපවීමට නිර්වචනයක් ලබාදී තිබේ. එසේම, එතුළින් LPL තරගාවලිය වෙත ක්‍රීඩා ලෝලීන්ගේ සහභාගීත්වය තිරසාරව ඉහළ නැංවීමට SLT-MOBITEL සමූහය දක්වන කැපවීමද පෙන්නුම් කරයි. ඊට අමතරව, විවිධ ජනප්‍රජාවන් එකට එක් කරමින්, සමස්ත ජාතියකට අනුප්‍රාණයක් ලබාදීමට ක්‍රීඩාවට සහ තාක්ෂණයට එක්ව ක්‍රියා කළ විට ලැබෙන බලයද මෙමගින් පිළිබිඹු වී තිබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Close