November 7, 2025
SLT-MOBITEL ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට 5G-Advanced තාක්ෂණය අත්හදා බලයි
පුවත්

SLT-MOBITEL ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට 5G-Advanced තාක්ෂණය අත්හදා බලයි

Feb 20, 2025

ජාතික තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ විසඳුම් සම්පාදකවන SLT-MOBITEL පසුගියදා ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට 5G-Advanced (5G-A) අත්හදා බැලීමක් සිදුකළේ ය. මෙය ශ්‍රී ලංකාව තුළ නවීනතම සන්නිවේදන තාක්ෂණය අත්හදාබැලීම සම්බන්ධ ඓතිහාසික සන්ධිස්ථානයක් ලෙස හැඳින්විය හැක.

මෙම අත්හදා බැලීම, SLT-MOBITEL මෙරට දුරකථන සන්නිවේදන ක්ෂේත්‍රයේ නවෝත්පාදනය සම්බන්ධයෙන් පෙරමුණ ගෙන සිටින බවට මනා සාක්ෂියකි. මෙහිදී තත්පරයකට ගිගාබයිට් 5 ක් හෙවත් 5 Gbps තරම් අධික වේගයක් වාර්තා කිරීමට SLT-MOBITEL සමත් විය. කොළඹ 08 ප්‍රදේශයේ පිහිටා ඇති SLT-MOBITEL ප්‍රධාන කාර්යාලයේදී සිදුකරන ලද මෙම අත්හදා බැලීම, තාක්ෂණික විශිෂ්ටත්වය ළඟා කරගනිමින් ක්ෂේත්‍රය තුළ පෙරමුණ ගැනීම සඳහා SLT-MOBITEL දක්වන උනන්දුව මැනැවින් ප්‍රදර්ශනය කළ අවස්ථාවකි. මෙම අත්හදා බැලීම සඳහා ZTE ගුවන් විදුලි උපකරණ සහ Xiaomi 14 Ultra දුරකථනයක් සමග 3CC Carrier Aggregation, Massive MIMO, 1024QAM modulation තාක්ෂණය සහ C-band spectrum භාවිතා කරන ලදී.

මෙය සාර්ථක අත්හදා බැලීම, අධික වේගයක්, වැඩි විශ්වාසනීයත්වයක් සහ වැඩි ජාල ධාරිතාවක් සමගින් ජංගම දුරකථන සන්නිවේදනයේ නව යුගයක් සනිටුහන් කිරීම සඳහා උසස් 5G තාක්ෂණය සතු පරිවර්තනීය හැකියාව මැනැවින් පෙන්නුම් කළ අවස්ථාවක් ලෙස හැඳින්විය හැක.

මෙම සුවිශේෂී සන්ධිස්ථානය සම්බන්ධයෙන් අදහස් දක්වමින් Mobitel (පුද්.) සමාගමේ ප්‍රධාන මෙහෙයුම් නිලධාරී සුදර්ශන ගීගනගේ මහතා මෙසේ පැවසී ය. “5G-Advanced තාක්ෂණය සාර්ථක ලෙස අත්හදා බැලීම, ශ්‍රී ලංකාව ඩිජිටල් විප්ලවයේ මීළඟ අදියර කරා යන ගමනේ පෙරමුණ ගැනීම සඳහා SLT-MOBITEL දක්වන කැපවීම තවදුරටත් තහවුරු කරනවා. මෙබඳු නව තාක්ෂණ මගින් රටේ කර්මාන්තවලටත් පුද්ගලයන්ටත් උදාවන නව අවස්ථා ගවේෂණය කිරීම සඳහා අප සිටින්නේ මහත් වූ උනන්දුවකින්. මෙය රටේ ඩිජිටල්කරණය සඳහා කේන්ද්‍රීය කාර්යභාරයක් ඉටුකරනු ඇති අතරම, වඩාත් විශිෂ්ට ශ්‍රී ලංකාවක් සඳහා වැඩි දායකත්වයක් ලබාදීමට අපට අවස්ථාව සලසා දෙනු ඇතැයි කියා අප සිතනවා.”

5G Advanced යනු දැනට පවතින 5G තාක්ෂණයෙහිම පරිණාමයකි. එහිදී වඩාත් ඉහළ මට්ටමේ ක්‍රියාකාරීත්වයක් ලබාගැනීම සඳහා Carrier Aggregation තාක්ෂණ, MASSIVE MIMO (Multiple Input, Multiple Output), Advanced Modulation තාක්ෂණයන් (1024QAM) සහ කෘත්‍රිම බුද්ධිය මූලික කරගත් Network Optimizations ක්‍රමවේදයන් භාවිතා කරනු ලැබේ. මෙමගින් සෞඛ්‍ය හා ප්‍රවාහන ක්ෂේත්‍රයන්හි සිට විනෝදාස්වාද ක්ෂේත්‍රය සහ සුහුරු නගර දක්වා විවිධ ක්ෂේත්‍ර තුළ නව අවස්ථා රාශියක් උදා වනු ඇත.

මෙම ඓතිහාසික සන්ධිස්ථානය සනිටුහන් කිරීම සඳහා SLT-MOBITEL සමග අත්වැල් බැඳගත් ZTE Corporation වෙනුවෙන් ZTE Sri Lanka හි ප්‍රධාන විධායක නිලධාරී යැන්ග් මින් මහතා මෙසේ අදහස් දැක්වී ය. “මෙම හවුල්කාරීත්වය, දුරකථන සන්නිවේදන ක්ෂේත්‍රයේ ගෝලීය නවෝත්පාදකයෙකු ලෙස ZTE සතු භූමිකාව තවදුරටත් තහවුරු කරනවා. එමෙන්ම එය SLT-MOBITEL වැනි, ක්ෂේත්‍රයේ ප්‍රමුඛ පෙළේ සමාගම් සමග එක් වී ඩිජිටල් තාක්ෂණ ක්ෂේත්‍රය වැඩිදියුණු කිරීම සඳහා අප දරන උත්සාහයටත් මනා සාක්ෂියක්. අප සමාගම සතු තාක්ෂණයේ සහ නිෂ්පාදනවල විශිෂ්ටත්වය මෙමගින් මැනැවින් පැහැදිලි වනවා. එපමණක් නොව එය ශ්‍රී ලංකාවේ ජනතාවට නවීනතම තාක්ෂණය හඳුන්වා දීමට SLT-MOBITEL සමාගමට සහය වීම සඳහා අප ලබාදෙන උත්සාහයට මනා සාක්ෂියක් ලෙසත් හැඳින්වීමට පුළුවන්.” 

SLT-MOBITEL මේ වනවිට පූර්ව-වාණිජ මට්ටමින් 5G ජාලයක් ක්‍රියාත්මක කර ඇති අතර, එමගින් පාරිභෝගිකයන්ට 5G තාක්ෂණයේ මහිමය අත්විඳීමට අවස්ථාව ලැබී තිබේ. 5G තාක්ෂණ පහසුකම් සහිත සහ SLT-MOBITEL හි පූර්ව වාණිජ 5G ජාලයට සම්බන්ධ කළ හැකි සන්නිවේදන උපාංග හිමි පාරිභෝගිකයන්ට මේ වනවිට කොළඹ, මහනුවර, අනුරාධපුර, ගාල්ල සහ යාපනය යන නගරවලදී 5G තාක්ෂණයේ බලය අත්විඳීමට අවස්ථාව හිමි වී ඇත.

2019 වසරේ සිටම SLT-MOBITEL මෙරට 5G තාක්ෂණය සම්බන්ධයෙන් පෙරමුණ ගනිමින්, එම තාක්ෂණයේ හැකියාවන් වරින් වර ජනතාවට ප්‍රදර්ශනය කර තිබේ. 2019 වසරේ අප්‍රේල් මාසයේදී දකුණු ආසියාවේ ප්‍රථම වරට ජංගම දුරකථන ජාලයක් තුළ 5G තාක්ෂණය ක්‍රියාත්මක කරමින්, වාණිජ ස්මාර්ට් දුරකථනයක් තම 5G ජාලයට සම්බන්ධ කර වාර්තාගත වේගයක් සනිටුහන් කිරීමට SLT-MOBITEL සමත් විය. තවද 5G තාක්ෂණයේ දියුණුව පෙන්නුම් කරමින්, පළමු වරට ශ්‍රී ලංකාව තුළ 5G SA සහ NSA දෙමුහුන් අත්හදා බැලීමක් ප්‍රදර්ශනය කරන ලද්දේද  SLT-MOBITEL විසිනි.

මේ පිළිබඳ වැඩිදුර තොරතුරු මෙන්ම ඔබේ දුරකථනය 5G තාක්ෂණය සමග භාවිතා කළ හැකිද යන්න දැනගැනීම සඳහා https://5g.sltmobitel.lk වෙත පිවිසෙන්න. 5G පහසුකම් සහිත දුරකථන නොමැති පුද්ගලයන්ට SLT-MOBITEL ශාඛා වෙත පැමිණීමෙන් 5G තාක්ෂණයේ හැකියාවන් අත්විඳීමට අවස්ථාව හිමි වේ.

3 Comments

  • Prepayment: 16.00 plnCash on delivery: 19.00 pln Oliver Koletzki  06 20071. all tracks of “format b”2. canvas aka radioslave – the cat (rebelone)3. daso & pawas – bummelzug (flash)4. slg – coffeine .florian meindl rmx. (trapez)5. solomun & stimming – feuervogel (dynamic)6. novox – hidden rooms ep (safari electronics)7. heckmann & kauffelt – sommersause (karton)8. holger zilske – enduro disco (leena music)9. digitalism – pogo .mentalism version. (kitsune)10.oliver koletzki – get wasted (stil vor talent) Of course backing up your photos is essential. Make sure you back your working files up using their current folder structure, in case you ever have to restore a backup. Not sure where your photos are stored? That includes Develop presets LR Some settings are stored in a shared location, where they can be shared with Camera Raw hosted by Photoshop or Elements. You may have downloaded Lightroom plug-ins, for example, Export plug-ins, Publish Services, custom web galleries, and so forth.
    https://rentscobfarti1980.cavandoragh.org/vavadapoland-pl
    A pirate expert on Caribbean parties. Is it the coolness of the sea breeze? No, it’s the refreshing lime-infused taste of beer! There is no maximum win in the game. The more value you bet, the greater your winnings. Forum Holzbau Polska Partner merytoryczny Bogata oferta jest w pełni zintegrowana z komputerami i urządzeniami mobilnymi, co pozwala grać w tysiące tytułów w dowolnym miejscu. Niezależnie od tego, czy wolisz sloty, stoły na żywo, czy gry instant win, Winarius zapewnia różnorodność i zaangażowanie w każdej sesji. Tak szerokie portfolio podkreśla, dlaczego ta platforma wyróżnia się na polskim rynku gier online. Nie oznacza to jednak, że nie powinniście zwracać uwagi na gry kasyno jackpot od pozostałych dostawców oprogramowania na rynku. Nie brakuje bowiem innych producentów, którym warto się przyjrzeć. Są nimi między innymi QuickSpin, Play’n Go, IGT, EGT Entertainment czy Yggdrasil.

  • 666 Casino stands as a fully licensed online casino, holding credentials from the UK Gambling Commission (UKGC) and adhering to all the latest policies and regulations to ensure safe gambling and fair play for all our members. Playson Limited is licensed and regulated in Great Britain by the Gambling Commission under account number 41337. Playson Limited holds a recognition notice certificate number RN 101 2018 granted by MGA on 3rd December 2018. Although each online casino has its own way of doing things, there are certain aspects that we all must adhere to. First and foremost, online casinos are strictly prohibited for those under the age of 18. At Betfair Casino, we’ve put in place strict identity verification measures to ensure only responsible adults can sign up and play with us. There are two kinds of virtual currency used at McLuck Casino, which are standard across online sweepstakes casino operators. Both Gold Coins and Sweeps Coins are used to play games across the site, but that’s where the similarities end.
    https://kiliweb.co.tz/aviatrix-navigate-the-skies-of-online-casino-gaming-a-review-for-indian-players/
    You can email the site owner to let them know you were blocked. Please include what you were doing when this page came up and the Cloudflare Ray ID found at the bottom of this page. Casino buffalo king megaways in this regard, the Bills are projected on DraftKings at 11.5 wins. In this article, the Dolphins at 9. Slot village casino whether you’re a seasoned pro or a beginner, offering affordable gaming options that still provide plenty of excitement and opportunities to win big. Without a locally-regulated online gaming market, you get a better exchange rate for the free points. The original Buffalo King is a certified slot legend, so I was more than happy to take Buffalo King Megaways for a spin on this review! And I’m happy to report it didn’t disappoint. The ghostly desert and Wild West wilderness theme remain, but this mega-charged sequel boosts the potential winning lines up to a whopping 200,704 thanks to the Megaways engine.

  • This website is using a security service to protect itself from online attacks. The action you just performed triggered the security solution. There are several actions that could trigger this block including submitting a certain word or phrase, a SQL command or malformed data. Em conclusão, o Book of Dead é um dos jogos de slots mais icônicos do mercado. Portanto, trata-se, em nossa avaliação, de uma escolha interessante, especialmente para quem aprecia temas relacionados ao Egito Antigo. Operated by TSG Interactive Gaming Europe Limited, a company registered in Malta under No. C54266, with registered office at Spinola Park, Level 2, Triq Mikiel Ang Borg, St Julians SPK 1000, Malta. License No. MGA B2C 213 2011, awarded on August 1, 2018. Maltese VAT-ID MT24413927. Online gambling is regulated in Malta by the Malta Gaming Authority.
    https://www.sofa-lab.com/big-bass-splash-%e2%94%80-review-completo-para-jogadores-brasileiros/
    O Jogos 360 é a versão brasileira da plataforma de jogos online gratuita, acessível diretamente pelo navegador, que atende jogadores de vários países e idiomas. Nosso objetivo é oferecer uma experiência divertida, funcional e sem custos para todos os usuários. O processo de obtenção de rodadas grátis ou dinheiro de jogo grátis será indicado nos Termos de Uso, ou na própria página de promoção do bônus.? Pode-se jogar o caça-níquel Book of Dead da Play’n Go ganhando até 5.000x a sua aposta e incríveis 10 giros grátis a partir de qualquer computador ou dispositivo móvel. Esses múltiplos podem ser aplicados de apostas que começam em 0.10 moedas e chegam a 50. Las líneas pagan Sem login. Sem cadastro. Sem formulário perguntando o nome do seu cachorro. É só escolher um jogo e apertar “Jogar Grátis”. Aqui, a diversão vem primeiro – e o resto a gente ignora.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Close