May 29, 2026
මධ්‍යම පළාතේ සුළු හා මධ්‍යම පරිමාණ ව්‍යාපාරවල ඩිජිටල් පරිවර්තනය වේගවත් කළ ‘SmartChat Mega – Kandy’
පුවත්

මධ්‍යම පළාතේ සුළු හා මධ්‍යම පරිමාණ ව්‍යාපාරවල ඩිජිටල් පරිවර්තනය වේගවත් කළ ‘SmartChat Mega – Kandy’

May 29, 2026

SLT‑MOBITEL Enterprise සංවිධානය කළ SmartChat Mega – Kandy ප්‍රදර්ශනය පසුගියදා මහනුවර Oak Ray Regency හිදී පැවැත්විණි. එහිදී SLT‑MOBITEL Enterprise  මඟින් හඳුන්වා දී ඇති, ඩිජිටල් සහ AI තාක්ෂණයන් පදනම් කරගත් ව්‍යාපාරික විසඳුම් හා සේවාවන් රැසක් ප්‍රදර්ශනය කරන ලදී.

මෙම ප්‍රදර්ශනයේ කොළඹ අදියර මෙම වසර මුලදී සාර්ථක අන්දමින් පැවැත්විණි. වේගයෙන් වෙනස් වන ඩිජිටල් තාක්ෂණික අවකාශය තුළ සාර්ථක වීම සඳහා මෙරට සුළු හා මධ්‍යම පරිමාණ ව්‍යාපාරවලට බෙහෙවින් වැදගත් වන විසඳුම් හා සේවාවන් එකතුවක් එම ව්‍යාපාර වෙත හඳුන්වා දීම මෙම ප්‍රදර්ශනයේ ප්‍රධානතම අරමුණ විය. මෙම විසඳුම් හා සේවාවන් සුළු හා මධ්‍යම පරිමාණ කාණ්ඩයේ ව්‍යාපාරවල දියුණුවට මෙන්ම ව්‍යාපාර ලෝකයේ අනාගත අභියෝගවලට සාර්ථක ලෙස මුහුණ දීමට අත්වැලක් වන පරිදි සැලසුම් කර තිබේ. මහනුවර නගරයේ මෙබඳු වැඩසටහනක් සංවිධානය කිරීම මඟින් පිළිබිඹු වන්නේ රට පුරා සුළු හා මධ්‍යම පරිමාණ ව්‍යාපාර වෙත මෙම විසඳුම් සමීප කරවීම සඳහා SLT-MOBITEL පියවර ගනිමින් සිටින බවයි.

විශේෂ ආරාධිතයන් ඇතුළුව සුළු හා මධ්‍යම පරිමාණ ව්‍යාපාර 200 කට අධික සංඛ්‍යාවක නියෝජිතයෝ මෙම ප්‍රදර්ශනයට සහභාගී වූහ. මෙය මෙරට ජාතික තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ විසඳුම් සම්පාදක මෙන්ම ශ්‍රී ලංකාවේ සුළු හා මධ්‍යම පරිමාණ ව්‍යාපාර ක්ෂේත්‍රයේ ඩිජිටල් පරිවර්තනයේ නියමුවා වශයෙන් SLT‑MOBITEL සතු භූමිකාව තවදුරටත් ශක්තිමත් කළ වැඩසටහනක් ලෙස හැඳින්විය හැකි වේ.

Mobitel ඇතුළු විවිධ අංශ නියෝජනය කළ ප්‍රදර්ශන කුටි 8 ක් මෙම ප්‍රදර්ශනයට ඇතුළත් වී තිබිණි. ප්‍රදර්ශනයට සහභාගී වූවන්ට සෘජුවම SLT‑MOBITEL නියෝජිතයන් සමඟ සාකච්ඡා කිරීමටත්, එම නියෝජිතයන්ගේ මඟපෙන්වීම සහිතව නවීනතම විසඳුම් හා සේවාවන් දැකබලා ගැනීමටත්, ඒ පිළිබඳ වැඩිදුර තොරතුරු අධ්‍යයනය කිරීමටත් අවස්ථාව හිමි විය. මෙම ප්‍රදර්ශන කුටි 8 තුළ Cloud, IoT සහ Enterprise Mobility විසඳුම්, සුරක්ෂිත ව්‍යාපාරික පදනම් සහ සහයෝගීත්ව මෙවලම් ඇතුළු විසඳුම් හා සේවාවන් රැසක් ප්‍රදර්ශනය කරන ලදී.

මෙහිදී නවීන තාක්ෂණය පහසුවෙන් භාවිතයට ගැනීම, පිරිවැය අවම කිරීම, ව්‍යාපාර වර්ධනය සහ ඩිජිටල්කරණය වැනි වැදගත් කරුණු රැසක් සම්බන්ධයෙන් දැනුවත් වීමටද ව්‍යාපාර නියෝජිතයන්ට අවස්ථාව හිමි විය. එම දැනුවත් කිරීම් සිදුකරන්නේ ලද්දේ SLT‑MOBITEL ඉංජිනේරුවන් සහ සේවා විශේෂඥයන් විසිනි. පාරිභෝගිකයන්ගේ අවශ්‍යතාවන්ට ගැළපෙන පරිදි සකස් කරන ලද තාක්ෂණික විසඳුම් තුළින් ව්‍යාපාරික මෙහෙයුම් වඩාත් කාර්යක්ෂම කරගනිමින් වර්තමාන ඩිජිටල් ආර්ථිකය තුළ උපරිම තරගකාරීත්වයක් පවත්වා ගන්නා ආකාරය පිළිබඳව පාරිභෝගිකයන්ට පැහැදිලි මඟපෙන්වීමක් ලබාදීමට SLT‑MOBITEL නියෝජිතයෝ මෙහිදී කටයුතු කළහ. 

රට පුරා සුළු හා මධ්‍යම පරිමාණ ව්‍යාපාරවලට අත්වැලක් වෙමින්, තාක්ෂණය පදනම් කරගත් පරිවර්තනයක් තුළින් අනාගත අභියෝගවලට ශක්තිමත් ලෙස මුහුණ දිය හැකි සාර්ථක ව්‍යාපාර ගොඩනංවා ගැනීමට අත්වැලක් වීම සඳහා SLT‑MOBITEL Enterprise දක්වන උනන්දුව හා කැපවීම SmartChat Mega – Kandy ප්‍රදර්ශනය මඟින් මැනැවින් පිළිබිඹු විය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Close