July 27, 2024
SLT -MOBITEL පාරිභෝගික සේවා ඉහළ නැංවීම සඳහා රත්නපුර ශාඛාව නව ස්ථානයක පිහිටුවයි
පුවත්

SLT -MOBITEL පාරිභෝගික සේවා ඉහළ නැංවීම සඳහා රත්නපුර ශාඛාව නව ස්ථානයක පිහිටුවයි

Dec 13, 2023

ජාතික තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ විසඳුම් සම්පාදකවන SLT-MOBITEL, සිය  රත්නපුර ශාඛාව නව ස්ථානයක විවෘත කිරීම පසුගියදා සිදුවිය. පාරිභෝගිකයන්ට වඩාත් හොඳ සේවාවක් සැලසීමේ අරමුණින් මෙය සිදුකරන ලදි.

මෙම නව ශාඛාව අංක 428, ප්‍රධාන වීදිය, රත්නපුර යන ස්ථානයේ පිහිටා තිබේ. පුද්ගල හා ආයතනික පාරිභෝගිකයන්ට වඩාත් කාර්යක්ෂම සේවාවක් ලබාදීමට හැකිවන ආකාරයට, නවීනතම පහසුකම් සහිතව, ඉතා අලංකාර ලෙස මෙම ශාඛාව සැලසුම්කර තිබේ.

නව දුරකථන සම්බන්ධතා ලබාගැනීම මෙන්ම බිල්පත් සේවා හා විමසීම් සේවා ඇතුළුව, ප්‍රධාන පෙළේ SLT-MOBITEL ශාඛාවකින් ලබාගත හැකි සියලුම සේවා නව රත්නපුර ශාඛාවෙන් ලබාගැනීමට පාරිභෝගිකයන්ට අවස්ථාව ලැබෙනු ඇත.

පාරිභෝගිකයන්ට විශිෂ්ටතම සේවාවක් සලසන අතරම ඔවුන් සමග පවතින සබන්ධතා තවදුරටත් ශක්තිමත් කරගැනීම සඳහා මනා හැකියාවක් සහ පුහුණුවක් සහිත කාර්ය මණ්ඩලයක් SLT-MOBITEL රත්නපුර ශාඛාවේ සේවය කරති. එමෙන්ම, පාරිභෝගිකයන්ගේ වෙනස්වන ජීවන රටාවන්ට හොඳින් ගැළපෙන ආකාරයට, SLT-MOBITEL උපකරණ හා උපාංග, නව සම්බන්ධතා සහ eSIM සඳහා හඳුන්වා දී ඇති දීමනා රාශියක්ද මෙම ශාඛාව වෙතින් ලබාගත හැකි වේ.

කාර්ය මණ්ඩලයේ මෙන්ම Smart Digital Touchpoints වල සහය සමගින් ස්ථාවර හා ජංගම දුරකථන විසඳුම් සහ ආයතනික සේවා රාශියක් SLT-MOBITEL රත්නපුර ශාඛාව වෙතින් ලබාගත හැක. මේ සියල්ල ඔස්සේ රත්නපුර ප්‍රදේශයේ ජනතාවට විශිෂ්ටතම සේවාවක් සැලසීමට SLT-MOBITEL සහ එහි රත්නපුර ශාඛාවේ කාර්ය මණ්ඩලය සූදානමින් සිටී.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *