July 27, 2024
SLT-MOBITEL ‘සිහිනයකි ආදරේ‘ සබැඳියාව නව මුහුණුවරකට
පුවත්

SLT-MOBITEL ‘සිහිනයකි ආදරේ‘ සබැඳියාව නව මුහුණුවරකට

Jan 28, 2024

ජාතික තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ විසඳුම් සම්පාදකවන SLT-MOBITEL, ‘සිහිනයකි ආදරේ‘ චිත්‍රපටය බලගැන්වීමට ඉදිරිපත් ව සිටී. ‘සිහිනයකි ආදරේ‘ යනු පරපුරෙන් පරපුරට විහිද යන මානුෂීය සබැඳියා, ආදරය, කරුණාව හා දයාව රිදී තිරය තුළ ප්‍රතිනිර්මාණයකරන සුවිශේෂී නිර්මාණයකි.
මීට පෙර ‘ප්‍රවේගය’ සහ ‘මායා’ වැනි විශිෂ්ඨ චිත්‍රපට නිෂ්පාදනය කළ ප්‍රවීණ නිෂ්පාදකවරයෙකුවන ආර්. සදේශ් කුමාර්, ශ්‍රීමති සදේශ් කුමාර් සමග එක් ව මෙම චිත්‍රපටය නිෂ්පාදනයකර තිබේ. එහි අධ්‍යක්ෂණය ප්‍රමුඛ පෙළේ ඉන්දියානු චිත්‍රපට අධ්‍යක්ෂවරයෙකුවන එස්. සරෝව් විසින් සිදුකර ඇති අතර, සම-අධ්‍යක්ෂණය තවත් දක්ෂ අධ්‍යක්ෂවරයෙකුවන ඩොනල්ඩ් ජයන්තගෙනි. ශ්‍රී ලාංකේය ප්‍රේක්ෂකයන්ගේ ආදරය දිනාගත් හේමාල් රණසිාංහ, පූජා උමාශංකර්, ශේෂාද්‍රී ප්‍රියසාද්, ලකී ඩයස් සහ දමිතා අබේරත්න ඇතුළු නළුනිළි පිරිසක් මීට සිය විශිෂ්ඨ රංගනයෙන් දායකතත්වය සපයයි.
‘සිහිනයකි ආදරේ‘ සිනමා සිත්තම, ආදරණීයන් හා පවුලේ සාමාජිකයන් අතර ඇතිවන බැඳීම් සහ එහි අරුත මැනවින් නිරූපණය කරයි. ජීවිතයේ අභියෝග හා අසාර්ථකවීම් හමුවේ නව මාවත් විවරන බවත්, ඒ මාවත් තුළින් අපට බලාපොරොත්තුවේ ආලෝකය ළඟාකරගත හැකි බවත් එය ප්‍රේක්ෂකයන්ට කියා දෙයි.
ජනතාවතේ හදවත්වලට සමීප සන්නාමයක් ලෙසින්, SLT-MOBITEL ශක්තිමත් සම්බන්ධතා සහ යටිතල පහසුකම් ඔස්සේ නිර්මාණශීලී සිතිවිලි යථාර්ථයක් බවට පත්කිරීමට අවශය පිටුබලය ලබාදීමට සෑම විටම කැප වී සිටී. පසුගිය කාලය තුළ යම් යම් අභියෝගවලට මුහුණ දුන් දේශීය සිනමා කර්මාන්තය යළි පිබිදෙමින් පවතින තම් මොහොතේ, එය දියුණුව කරා රැගෙන යාමට උරදීම SLT-MOBITEL හි අපේක්ෂාව වී ඇත.
‘සිහිනයකි ආදරේ‘ චිත්‍රපටයට දායකවන ප්‍රවීණ හා නවක නළුනිළි කැල, රටේ විවිධ්‍ ක්ෂේත්‍ර තුළ තරුණ පරපුරේ දක්ෂතා දිරිගැන්වීම ඉලක්ක කරගත් SLT-MOBITEL දැක්ම සමග මැනැවින් සමපාතවන පිරිසකි. ‘සිහිනයකි ආදරේ‘ සිනමා සිත්තම ගෙනෙන ආදරයේ බලාපොරොත්තුව සමගින්, නිර්මාණශීලීත්වය ඔස්‌සේ අර්ථවත් සම්බන්ධතා ඇතිකිරීමට SLT-MOBITEL දිගින් දිගටම දායක වනු ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *