July 27, 2024
SLT-MOBITEL ‘Katukurunda Speed 2023’ බලගන්වයි
පුවත්

SLT-MOBITEL ‘Katukurunda Speed 2023’ බලගන්වයි

Nov 29, 2023

ජාතික තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ විසඳුම් සම්පාදක SLT-MOBITEL, ‘Katukurunda Speed 2023’ මෝටර් රථ ධාවන ක්‍රීඩා වැඩසටහනේ සන්නිවේදන සේවා සහකරු ලෙස කටයුතු කිරීම සඳහාවන ගිවිසුමට පසුගියදා අත්සත් තැබී ය. මෙරට තුළ අධිවේගී ජංගම හා ස්ථාවර දුරකථන සේවා සැපයීම සම්බන්ධ පුරෝගාමියෙකුවන SLT-MOBITEL මෙම වැඩසටහනට අඛණ්ඩව අනුග්‍රහය දක්වන තෙවැනි අවස්ථාව මෙයයි. මෙම වැඩසටහන 2023 දෙසැම්බර් මස 03 වන දින කටුකුරුන්ද ගුවන් හමුදා ධාවන පථයේදී පැවැත්වේ.

ශ්‍රී ලංකා මෝටර් රථ ධාවන ක්‍රීඩා සංගමය මගින් සංවිධානය කරනු ලබන මෙම වැඩසටහනට, එම සංගමය සමග අත්වැල් බැඳගෙන සිටින ක්‍රීඩා සමාජ 10 ම එක් වී සිටී. මෙවර ඉසව්වට දිවයිනේ මෝටර් රථ ධාවන ක්‍රීඩා ක්ෂේත්‍රයේ කැපීපෙනෙන ධාවන ශූරයන් රැසක් එක්වනු ඇතැයි අපේක්ෂා කෙරේ. මෙම  වැඩසටහනේ සියලු ඉසව් SLT-MOBITEL හි නිල YouTube හා Facebook නාලිකා සහ PEO TV හරහා සජීවී ලෙස විකාශය කිරීමටද කටයුතු යොදා ඇත.

සැබැවින්ම ජාතික සන්නාමයක් වශයෙන් SLT-MOBITEL මෙරට මෝටර් රථ ධාවන ක්‍රීඩා ක්ෂේත්‍රයට අනුග්‍රහය දැක්වීම සඳහා අවස්ථා රාශියකදී ඉදිරිපත් වී ඇත. මෙවරත් එම ක්‍රීඩාවේ උන්නතියට වැදගත්වන තාක්ෂණික සහය ලබාදෙමින්,  ශ්‍රී ලංකාවේ ක්‍රීඩා ක්ෂේත්‍රය දියුණුවේ නව මානයක් වෙත රැගෙන යාමේ මෙහෙවර තවදුරටත් ශක්තිමත් කිරීම SLT-MOBITEL හි අරමුණ වී තිබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *