June 22, 2025
SLT-MOBITEL PEOTV වෙතින් නාලිකා අංක 130 ඔස්සේ Industry TV නාලිකාව නැරඹීමේ අවස්ථාව
පුවත්

SLT-MOBITEL PEOTV වෙතින් නාලිකා අංක 130 ඔස්සේ Industry TV නාලිකාව නැරඹීමේ අවස්ථාව

Dec 13, 2023

ශ්‍රී ලංකාවේ ප්‍රථම හා එකම Internet Protocol Television (IPTV) සේවා සම්පාදකයා වන SLT-MOBITEL PEOTV වෙතින් දැන් නාලිකා අංක 130 ඔස්සේ “Industry TV” නාලිකාව නැරඹීමේ අවස්ථාව සලසා දී තිබේ. Industry TV නාලිකාව යනු කර්මාන්ත සඳහාම වෙන්වූ ප්‍රථම රූපවාහිනී නාලිකාව වන අතර එය කර්මාන්ත අමාත්‍යාංශය හා එක්ව ලංකා කාර්මික සංවර්ධන මණ්ඩලය විසින් ලෝක රූපවාහිනී දිනයේදී ජනගත කරන ලදී.

PEOTV නාලිකා අංක 130 ඔස්සේ, විකාශය වන Industry TV නාලිකාව “ඔබේ ජයග්‍රහණයේ රේඛාව” (Your Winning Line) යන තේමාව යටතේ ක්‍රියාත්මක වන අතර, කර්මාන්ත ක්ෂේත්‍රය මුල් කරගත් Industry News, කර්මාන්ත කතා, වැඩබිම් රසෝඝය, Plus Mind, Help Desk, ව්‍යවසායකත්ව රජදරුවෝ, Industrial Zone, Money Talk, I Book, Brands, Investor Pool, Metal World, Tea Life, Plantation World, Travel Bazar, ව්‍යාපාරික ශක්ති, Business Clinic, Industry Frame ආදී විවිධ වැඩසටහන් රාශියක් නැරඹීමේ අවකාශය PEOTV පාරිභෝගිකයන්ට උදාකර දෙයි.

විනෝදාස්වාද සේවා සඳහා නව්‍ය හා පාරිභෝගික-කේන්ද්‍රීය ප්‍රවේශයක් අනුගමනය කිරීම සම්බන්ධයෙන් ප්‍රේක්ෂකයන් අතර විශාල ජනප්‍රියත්වයක් හිමිකර ගැනීමට PEOTV සේවාව සමත් වී ඇති අතර, මෙරට විශාලතම දේශීය හා විදේශීය HD නාලිකා එකතුව ගෙනෙන PEOTV සේවාව, ඉංග්‍රීසි, සිංහල, දමිල, තෙළිඟු, මලයාලම් සහ හින්දි ඇතුළු භාෂා රැසකින් සමන්විත නවතම චිත්‍රපට රැසක් ප්‍රේක්ෂකයන් වෙත රැගෙන එයි. එමෙන්ම සියලුම වයස් කාණ්ඩවලට ගැළපෙන සජීවී ක්‍රීඩා වැඩසටහන්, විනෝදාස්වාද වැඩසටහන්, ප්‍රවෘත්ති සහ අධ්‍යාපනික වැඩසටහන් ඇතුළු විශාල විවිධත්වයක් රැගත් රූපවාහිනී නාලිකා රැසක් PEOTV ඔස්සේ නැරඹිය හැක. ඉහළ ගුණාත්මකභාවයකින් යුත් සුපැහැදිලි දර්ශන සහිත වැඩසටහන් විකාශය කිරීමට කැප වී සිටින PEOTV, මෙරට ප්‍රේක්ෂකයන්ගේ රූපවාහිනී නැරඹුම් අත්දැකීම පෙරළියකට ලක්කිරීමට සමත් වූ සේවාවකි. තවද, ලංකාවේ ඉහල ප්‍රේක්ෂක ප්‍රතිචාර දිනාගත් දේශීය HD රූපවාහිනී නාලිකා වැඩිම ප්‍රමාණයක් සිය ප්‍රේක්ෂක ජනතාවට තිලිණ කරන එකම රූපවාහිනී සේවා සැපයුම්කරු ලෙස PEOTV නම් දරා සිටියි.

එවැනි අත්දැකීම් සිය පාරිභෝගිකයන් හට නිරන්තරයෙන් සමීප කරවන PEOTV මගින් Industry TV නාලිකාව නැරඹීමේ අවකාශය ලබාදීම වනාහි තවදුරටත් සිය පාරිභෝගික අත්දැකීම් පුළුල් කිරීමට ඔවුන් දරන උත්සාහයේ සාක්ෂියකි.

5 Comments

  • Hey! Do you know if they make any plugins to help with SEO?
    I’m trying to get my site to rank for some targeted keywords but I’m not seeing very good results.
    If you know of any please share. Kudos! I saw similar blog here:
    Blankets

  • Your article helped me a lot, is there any more related content? Thanks! https://accounts.binance.com/uk-UA/register?ref=W0BCQMF1

  • Good day! Do you know if they make any plugins to help with SEO?
    I’m trying to get my website to rank for some targeted keywords but I’m not seeing very good results.

    If you know of any please share. Appreciate it! You can read similar blog here:
    Coaching

  • Howdy! Do you know if they make any plugins to help with SEO?

    I’m trying to get my site to rank for some targeted keywords
    but I’m not seeing very good results. If you know of any
    please share. Many thanks! You can read similar article here: Code of destiny

  • No [bingo](https://bingo-br.com), o cadastro é o primeiro passo para garantir seu bônus de 100$! Ao se inscrever no site, você recebe um bônus exclusivo para novos usuários. O processo de registro é simples: insira seus dados, crie uma senha segura e pronto! O bônus de 100$ será adicionado à sua conta imediatamente, permitindo que você comece a jogar e explorar os melhores jogos de cassino. Aproveite essa oportunidade única de começar com saldo extra, inscreva-se no [bingo](https://bingo-br.com) agora e comece a apostar!

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Close