
SLT-MOBITEL ‘One Shot ULTRA’ වෙතින් ජංගම දුරකථන පාරිභෝගිකයන්ට අසීමිත ඇමතුම් සහ ඩේටා
ජාතික තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ විසඳුම් සම්පාදකවන SLT-MOBITEL සිය ජංගම දුරකථන සේවා පාරිභෝගිකයන් වෙනුවෙන් ‘One Shot ULTRA’ නමින් සුවිශේෂී පැකේජයක් හඳුන්වා දී තිබේ.
ඕනෑම ජාලයකට අසීමිත ඇමතුම් සමග ඕනෑම කාර්යයක් සඳහා නොනවතින ඩේටා ලබාදෙන මෙම පැකේජය පාරිභෝගිකයන්ට සුවිශේෂී අත්දැකීමක් වනු ඇත. විශේෂයෙන්ම SLT-MOBITEL ජාලයේ ක්‍රියාකාරීත්වය සහ වේගය නිසා තමන්ට රිසි සේ අන්තර්ජාලය භාවිතා කිරීමට පාරිභෝගිකයන්ට හැකියාව ලැබේ. මෙය ශ්‍රී ලංකාවේ දුරකථන ඇමතුම් සහ ඩේටා සම්බන්ධ නව යුගයක ආරම්භයක් වනු නිසැක ය.
මේ වනවිට SLT-MOBITEL ‘One Shot ULTRA’ පැකේජය දින 7, 30, 60, 90 සහ 180 යන කාලසීමා සඳහා ලබාගත හැකි අතර, පෙරගෙවුම් සම්බන්ධතාව රු. 488 සිට ලබාගත හැකි වේ. රු. 1,989 කට ලබාගත හැකි දින 30 පැකේජය පෙරගෙවුම් සහ පසුගෙවුම් යන ක්‍රම දෙකටම ලබාගත හැක. මේ පිළිබඳ වැඩිදුර තොරතුරු https://www.mobitel.lk/one-shot-ultra හි දක්වා තිබේ.
රීලෝඩ් පහසුකම් ලබාදෙන ස්ථානවන කීල්ස්, කාගිල්ස් සහ ලාෆ්ස් සුපිරි වෙළඳසැල් සහ වෙනත් අලෙවි නියෝජිතයන් වෙතින් තම පෙරගෙවුම් සම්බන්ධතාව නියමිත වටිනාකමට රීලෝඩ් කිරීමෙන් පාරිභෝගිකයන්ට One Shot ULTRA පැකේජය සක්‍රීය කරගත හැක. එමෙන්ම SLT-MOBITEL Self Care යෙදුම හෝ මාර්ගගත බැංකුකරණ යෙදුම් භාවිතයෙන්ද, නැතිනම් #170# ඩයල් කිරීම මගින්ද ඉතාමත් පහසුවෙන් මෙම පැකේජය සක්‍රීය කරගත හැකි වේ.
One Shot ULTRA පසුගෙවුම් පැකේජ ලබාගැනීමට බලාපොරොත්තුවන පාරිභෝගිකයන්ට එම පැකේජ දිවයින පුරා විසිරුණු MOBITEL ශාඛා වෙතින්, SLT Teleshops වෙතින් සහ බලයලත් නියෝජිතයන් වෙතින් ලබාගත හැක.
පාරිභෝගිකයන්ට විශිෂ්ටතම අන්තර්ජාල අත්දැකීමක් ලබාදෙන අතරම ඩිජිටල් ජීවන රටා සවිබලගැන්වීම සම්බන්ධයෙන් SLT-MOBITEL සතු දැක්මට සමගාමීව හඳුන්වා දෙන ලද One Shot ULTRA ශ්‍රී ලංකාවේ ‘මොබයිල් ඩේටා’ සම්බන්ධ සුවිශේෂී සන්ධිස්ථානයක් බවට පත්වනු නො-අනුමාන ය.
3 Comments
Thanks for sharing. I read many of your blog posts, cool, your blog is very good. https://www.binance.com/bg/join?ref=V2H9AFPY
I don’t think the title of your article matches the content lol. Just kidding, mainly because I had some doubts after reading the article.
Your point of view caught my eye and was very interesting. Thanks. I have a question for you.