July 27, 2024
SLT-MOBITEL හඳුන්වාදෙන අලුත්ම ‘UNLIMITED MAX’
පුවත්

SLT-MOBITEL හඳුන්වාදෙන අලුත්ම ‘UNLIMITED MAX’

Dec 12, 2023

SLT-MOBITEL ජංගම දුරකථන සේවා SLT-MOBITEL Mobile, UNLIMITED MAX නමින් නවතම පැකේජයක් හඳුන්වා දී තිබේ. මෙය පාරිභෝගිකයන්ට තම ප්‍රියතම සමාජ මාධ්‍ය යෙදුම්, ඕනෑම ජාලයකට අසීමිත ඇමතුම්, SMS 1000 ක් සමග අන්තර්ජාලය භාවිතා කිරීම සඳහා අමතර Anytime Data ඇතුළු ප්‍රතිලාභ රාශියක් පිරිනමන පැකේජයකි.

මොබයිල් ඩේටා සම්බන්ධ නවතම පෙරළියක්වන මෙම පැකේජය, දින 30 ක කාලයක් සඳහා රු. 988 කට සහ දින හතක කාලයක් සඳහා රු. 288 කට ලබාගත හැකි වේ. මෙමගින් Facebook, TikTok, YouTube, Messenger, Instagram, සහ WhatsApp භාවිතා කිරීම සඳහා අසීමිතව මොබයිල් ඩේටා හිමිවන අතර, ඕනෑම ජාලයකට අසීමිත ඇමතුම් සමග SMS 1000 ක් සහ පිළිවෙළින් 30GB (දිනකට 1GB) සහ 7GB (දිනකට 1GB) බැගින් අමතර ඩේටා හිමි වේ.

රු. 988 ක් රීලෝඩ් කිරීම මගින් දින 30 සැලසුම සහ රු. 288 ක් රීලෝඩ් කිරීම මගින් දින හතේ සැලසුම සක්‍රීය කරගත හැකි අතර, SLT-MOBITEL Self Care app තුළින් හෝ #170# ඩයල් කිරීම මගින්ද UNLIMITED MAX පැකේජය සක්‍රීය කරගත හැක.

SLT-MOBITEL, පාරිභෝගිකයන්ගේ වෙනස්වන අවශ්‍යතා හඳුනා ගනිමින්, එම අවශ්‍යතාවන්ට ගැළපෙන නවතම විසඳුම් හඳුන්වා දීමට සෑම විටම උත්සාහ දරයි. මේ වනවිට විනෝදාස්වාද සේවා සහ සමාජ මාධ්‍ය ශ්‍රී ලාංකිකයන්ගේ අන්තර්ජාල භාවිතාවේ ප්‍රධානතම අංග බවට පත් වී ඇති අතර, එවැනි පසුබිමක් තුළ UNLIMITED MAX පැකේජය බොහෝ දෙනෙකුට ඉමහත් සහනයක් වනු ඇත. සම්මානලාභී ජංගම දුරකථන ජාලයක ශක්තිය තුළින් පන්නරය ලබන UNLIMITED MAX පැකේජයේ වෙනස අත්විඳින මෙන් MOBITEL සිය පාරිභෝගිකයන්ට ආරාධනාකර සිටී.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *