SLT-MOBITEL මෙරට ව්‍යාපාර බලගන්වන නවතම SASE විසඳුම් ලබාදීම සඳහා Versa සමඟ එක් වූ ප්‍රථම Manages Services සම්පාදකයා බවට පත් වේ
ජාතික තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ විසඳුම් සම්පාදක වන SLT-MOBITEL සහ, ඒකාබද්ධ ආරක්ෂක සහ ජාලකරණ විසඳුම් සම්බන්ධ ගෝලීය ප්‍රමුඛයා වන Versa අතර සුවිශේෂී හවුල්කාරීත්වයකට පසුගියදා අත්සන් තැබිණි. මෙය Secure Access Service Edge (SASE) විසඳුම් සම්බන්ධයෙන් ඇතිකරගන්නා ලද ශ්‍රී ලංකාවේ ප්‍රථම Managed Service Provider (MSP) හවුල්කාරීත්වය ලෙස සැලකේ. මෙම හවුල්කාරීත්වය මෙරට ආයතනික සම්බන්ධතා සහ ආරක්ෂාව සම්බන්ධ පුරෝගාමී පියවරක් වනු නිසැකය.
මෙම හවුල්කාරීත්වය තුළින් මෙරට ව්‍යාපාරවලට ලොව නවීනතම SASE තාක්ෂණයන් හඳුන්වා දෙමින්, ඩිජිටල් යුගයේ ව්‍යාපාර බලගැන්වීම සඳහා ලෝක මට්ටමේ විසඳුම් පිරිනැමීම SLT-MOBITEL හි අපේක්ෂාව වී තිබේ. රටේ ඩිජිටල් පරිවර්තනයේ පුරෝගාමියා වශයෙන් ජාලකරණය සහ ආරක්ෂාව පිළිබඳ ගෝලීය ප්‍රමුඛයින් සමඟ හවුල්කාරීත්වයන් ගොඩනංවා ගනිමින්, ශ්‍රී ලාංකික ව්‍යාපාරවලට නවතම ගෝලීය තාක්ෂණික ප්‍රවණතාවල ප්‍රතිලාභ කඩිනමින් අත්කර දීම සඳහා SLT-MOBITEL දක්වන උනන්දුව මෙමඟින් මැනැවින් පිළිබිඹු වේ.
Versa හි උසස් SASE විසඳුම් ශ්‍රී ලංකාවට හඳුන්වා දීමේ ක්‍රියාවලිය සාර්ථක කරගැනීම සඳහා දේශීය හවුල්කරුවෙකු ලෙස Connex Information Technologies (පුද්.) සමාගම පත්කිරීමටද SLT-MOBITEL පියවර ගෙන ඇත.
Versa මඟින් බලගැන්වෙන SLT-MOBITEL SASE විසඳුම් ඔස්සේ ව්‍යාපාරවලට වැදගත් දත්ත සහ යෙදුම් ආරක්ෂා කිරීමට, ක්ලවුඩ් තාක්ෂණය පාදක කරගත් මෙහෙයුම් වඩාත් කාර්යක්ෂම ලෙස ලෙස සිදුකිරීමට, විවිධ ස්ථානවල සිට සේවය කරන කාර්ය මණ්ඩලවල කාර්යසාධනය වැඩිදියුණු කිරීමට සහ එක් ඒකාබද්ධ විසඳුමක් හරහා ජාලකරණය සහ ආරක්ෂාව වඩාත් සරල හා කාර්යක්ෂම ලෙස කළමනාකරණය කිරීමට හැකියාව ලැබේ.
මෙය SLT‑MOBITEL හි තවත් පුරෝගාමී ප්‍රයත්නයක් තුළින් අවම පිරිවැයක් යටතේ වඩාත් ඉහළ ආරක්ෂාවක් අත්විඳීමට, ජාලමය කාර්යක්ෂමතාව වැඩිදියුණු කිරීමට සහ මෙහෙයුම් සරල කිරීමට මෙරට ව්‍යාපාරවලට හිමි වන සුවිශේෂී අවස්ථාවක් ලෙස හැඳින්විය හැක.

