February 24, 2025
ගෝලීය කාර්ය සාධන විශිෂ්ටතා සම්මාන උළලෙහි‘World Class’සම්මානය දිනාගැනීම වෙනුවෙන් SLSI වෙතින් කොමර්ෂල් බැංකුවට උපහාරයක්
පුවත්

ගෝලීය කාර්ය සාධන විශිෂ්ටතා සම්මාන උළලෙහි‘World Class’සම්මානය දිනාගැනීම වෙනුවෙන් SLSI වෙතින් කොමර්ෂල් බැංකුවට උපහාරයක්

Feb 21, 2024

පසුගිය වසරේ ආසියානු පැසිෆික් ගුණාත්මක ආයතනය (APQO) විසින් සංවිධානය කළ ගෝලීය කාර්ය සාධන විශිෂ්ටතා සම්මාන ප්‍රදානෝත්සවයේදී කොමර්ෂල් බැංකුව ලත් ජයග්‍රහණය අගයමින් ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් පසුගියදා බැංකුවට විශේෂ උපහාරයක් දක්වන ලදී. ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනයේ නිර්දේශය මත කොමර්ෂල් බැංකුව විසින් APQO ආයතනයට කරන ලද ඉදිරිපත් කිරීම හේතුවෙන් එම ගෝලීය කාර්ය සාධන විශිෂ්ටතා සම්මාන ප්‍රදානෝත්සවයේදී ‘World Class’ නාමය දිනාගත් ආයතන 8 අතරට කොමර්ෂල් බැංකුව එක් විය. ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය මගින් නිර්දේශය ලබා දී ඇත්තේ ජාතික ගුණාත්මක තත්ත්ව සම්මාන ප්‍රදානෝත්සවය (SLNQA) සඳහා වූ Baldrige විශිෂ්ටතා රාමුවට අනුව බැංකුව විසින් ව්‍යාපාරික විශිෂ්ටත්වය ළඟාකර ගැනීමට දැක්වූ කැපවීම පිළිබඳවයි.

මෙම ජයග්‍රහණය අගයමින් මෙම වසරේ ජාතික ගුණාත්මක තත්ත්ව සම්මාන උළෙලේ දී ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය වෙතින් කොමර්ෂල් බැංකුවට පිරිනැමුණු විශේෂ සම්මානය, බැංකුව වෙනුවෙන් පිළිගත්තේ මානව සම්පත් කළමනාකරණ අංශ ප්‍රධානී පුෂ්පා චන්ද්‍රසිරි මහත්මිය විසිනි.

ගුණාත්මක තත්ත්ව කාර්ය සාධනයේ විශිෂ්ටත්වය ඇගයීම සඳහා ශ්‍රී ලංකාවේ ලබාදෙන ඉහළම සම්මානය වන ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනයේ ජාතික තත්ත්ව සම්මානය දිනාගත් මෙරට එකම බැංකුව කොමර්ෂල් බැංකුව වේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Close