
ASPIRE සමඟ අත්වැල් බැඳගනිමින් තම දියණියගේ ජීවක සිහිනයට පණ දෙන දිරිය මව
එදානෙදා අපි මුහුණදෙන අභියෝග අපගේ සිහින යටපත් කරන මුත් අභියෝගයන්ට අභියෝගයක් වෙමින් මංජුලා රාමලිංගම්ගේ මහත්මිය සිය ජීවන රඟමඩල තුළ සාර්ථක මවකගේ සහ ආදර්ශමත් පුරවැසියෙකුගේ භූමිකාවන් නිරූපණය කරයි. අවුරුදු 17 දී විවාහ වී, 18 දී මවක් වූ ඇය සිය ජීවිතය තුළ මහමෙරක් තරම් දුක් කම්කටොලූ වලට මුහුණ දුන්නාය. අද වන විට ඇය ඇගේ දියණියව වෛද්‍යවරියක් කිරීමේ සිහිනය දක්වා රැගෙන යන්නේ නොසැලෙන අධිෂ්ඨානයෙනි. අනේකවිඳ පීඩාවන්ගෙන් මිදීමට ඇය ඇගේ ජීවන ගමනට ශක්තියක් කර ගත්තේ කසළ එක්රැස් කිරීම තුළින් ලබන ආදායමයි.
ශ‍්‍රී ලංකාව කසළ කළමනාකරණ අර්බුදයට දැඩි ලෙස මුහුණ දෙන අතර දිනකට ජනනය වන ඝණ අපද්‍රව්‍ය ප‍්‍රමාණය මෙටි‍්‍රක් ටොන් 9,000 ඉක්මවයි, එය සෑම වසරකම 1.2% කින් වර්ධනය වේ. මෙහි ප‍්‍රතිවිපාක හුදු සංඛ්‍යාලේඛනවලින් ඔබ්බට විහිදෙන අතර එය පාරිසරික හායනය, සෞඛ්‍ය ගැටලූ සහ සමාජ අභියෝග වලට හේතු වෙයි. අපද්‍රව්‍ය අවිධිමත් ලෙස බැහැර කිරීම, විශේෂයෙන් ප්ලාස්ටික් අවිධිමත් ලෙස බැහැර කිරීම හරහා ජල දුෂණය වන අතර පරිසර පද්ධතිවලට තර්ජනයක් එල්ල වේ.
ජීවන ගමනට මූල්‍යමය අත්වැලැක් අවැසිව සිටි මංජුලා මහත්මියට ASPIRE වැඩසටහන පිළිබඳව දැන ගැනීමට ලැබුණේ ඇගේ ඥාති සහෝදරයෙකු හරහාය. ක්‍දජ්-ක්‍දක් පදනමේ මූල්‍ය අනුග‍්‍රහය ඇතිව World Vision Lanka හි සහයෝගී ප‍්‍රයත්නයක් වන ASPIRE අවිධිමත් අපද්‍රව්‍ය කළමනාකරණය පිළිබඳ ගැටලූව විසඳීමට උත්සාහ කළේය. ව්‍යාපෘතියේ අරමුණ වූයේ ප්ලාස්ටික් එකතු කිරීම පමණක් නොව ප්ලාස්ටික් එකතු කිරීම ශක්තිමත් කිරීම, ඒවා ප‍්‍රතිචක‍්‍රීයකරණය කිරීමේ ප‍්‍රයත්නයන් වැඩිදියුණු කිරීම, වගකිවයුතු PET ප්ලාස්ටික් බැහැර කිරීමට සහ අපද්‍රව්‍ය කළමනාකරණ පද්ධතියේ ප‍්‍රධාන කාර්යභාරයක් ඉටු කරන කසළ රැස් කරන ප‍්‍රජාවගේ ජීවිත නඟා සිටුවීම යන්නයි. ASPIRE හා සම්බන්ධ වීමට මංජුලා ගත් තීරණය එහි පළමු වැඩමුළුවෙන් පසුව තව තවත් ශක්තිමත් වූ අතර ඇය ASPIRE හි ක‍්‍රියාශීලී සහභාගිවන්නියක් බවට පත් විය.
1 Comment
Can you be more specific about the content of your article? After reading it, I still have some doubts. Hope you can help me.