July 27, 2024
දෙවන සෙලින්කෝ ලයිෆ් විකුණුම් වෘත්තික කණ්ඩායමක් සඳහා SLIM ඩිප්ලෝමාව ආරම්භ කරයි
පුවත්

දෙවන සෙලින්කෝ ලයිෆ් විකුණුම් වෘත්තික කණ්ඩායමක් සඳහා SLIM ඩිප්ලෝමාව ආරම්භ කරයි

Dec 5, 2023

සෙලින්කෝ ලයිෆ් සමාගමේ විකුණුම් වෘත්තිකයන් සඳහා නිර්මාණය කරන ලද මූල්‍ය විකුණුම් කළමනාකරණය පිළිබඳ ඩිප්ලෝමා පාඨමාලාව දෙවන කණ්ඩායමක් සඳහා පැවැත්වීමට එම සමාගම, ශ්‍රී ලංකා අලෙවිකරණ ආයතනය (SLIM) සමඟ අවබෝධතා ගිවිසුමක් අත්සන් කර ඇත.

SLIM විසින් ජීවිත රක්ෂණ වෙළඳපල සඳහා සකස් කරන ලද මූල්‍ය විකුණුම් කළමනාකරණය පිළිබඳ ඩිප්ලෝමා පාඨමාලාව සම්පූර්ණ කළ සෙලින්කෝ ලයිෆ් අලෙවිකරුවන් 30 දෙනෙකුගෙන් යුත් පළමු කණ්ඩායම මෙම වසර මුලදී තම ඩිප්ලෝමා උපාධි ලබා ගත්හ. එම උපාධිධාරීන් අතරින් ප්‍රථම ස්ථාන තුන දිනාගත් සිසුන් තිදෙනාට SLIM ආයතනයේ ඕනෑම පාඨමාලාවක් හැදෑරීම සඳහා සමාගම විසින් ශිෂ්‍යත්ව පිරිනැමීම කැපී පෙනෙන අතර, කණ්ඩායමේ ඉහළ ම ලකුණු ලබා ගත් උපාධිධාරීයාට තෝරාගන්නා පාඨමාලාවේ පිරිවැයෙන් 75% ක් අඩු කරන අතර දෙවන හා තෙවන ඉහළ ම ලකුණු ලබා ගත් උපාධිධාරීන් හට පාඨමාලාවේ පිරිවැයෙන් පිළිවෙළින් 50% ක් සහ 25% ක් අඩු වේ.

සෙලින්කෝ ලයිෆ් විසින් මෙම මූල්‍ය විකුණුම් කළමනාකරණය පිළිබඳ ඩිප්ලෝමා පාඨමාලාව හඳුන්වා දෙනු ලැබුවේ එහි විකුණුම් නිලධාරීන්ගේ කුසලතා, දැනුම හා විකුණුම් නිපුණතා වැඩිදියුණු කිරීමට සහ වෙළඳපොලේ ඉහළ ඛණ්ඩ වලට පිවිසීමටත්, පාරිභෝගිකයින්ට විශේෂිත සේවාවන් සැපයීමටත් හැකියාව ඇති ප්‍රවීණ විකුණුම් බලකායක් පෝෂණය කිරීමටයි. අපේක්ෂකයින්ට සම්පූර්ණ හා මනාව ගැලපෙන අධ්‍යාපනයක් ලබා දීම සහතික කරමින් නවතම පාඨමාලා විෂයයන්, විභාග හා පැවරුම් මෙම ඩිප්ලෝමා පාඨමාලාවට ඇතුලත් විය.

මූල්‍ය උපදේශකයින් සඳහා වැදගත් වන සාධනීය විකුණුම් භාවිත, මූල්‍ය සැලසුම්කරණය, සන්නිවේදනය, විශ්ලේෂණ කුසලතා සංවර්ධනය, කාලය කළමනාකරණය, මූල්‍ය වෙළෙඳපොළ, බදුකරණය සහ තවත් බොහෝ විෂයයන් මෙම ඩිප්ලෝමාවට ඇතුළත් විය.

2022 වසරේ දී ශ්‍රී ලංකා අලෙවිකරණ ආයතනය (SLIM) විසින් සෙලින්කෝ ලයිෆ් ‘වසරේ සන්නාමය’ ලෙසත්, ‘වසරේ සේවා සන්නාමය’ ලෙසත් නම් කළ අතර වර්ල්ඩ් ෆයිනෑන්ස් විසින් අඛණ්ඩව නව වන වසරටත් ශ්‍රී ලංකාවේ හොඳම ජීවිත රක්ෂණ සමාගම ලෙස සම්මානයට ලක් විය. 2023 SLIM-Kantar ජනතා සම්මාන උළෙලේ දී ශ්‍රී ලංකාවේ වඩාත්ම ජනප්‍රිය ජීවිත රක්ෂණ සමාගම ලෙස 17 වන වසරටත් සම්මානය දිනූ සෙලින්කෝ ලයිෆ් මෑතකදී ශ්‍රී ලංකාවේ වඩාත්ම අගය කරන ලද සමාගම් 10 න් එකක් ලෙස ද නම් කරන ලදී. සෙලින්කෝ ලයිෆ් සමාගම ආරම්භ කර ගෙවුණු වසර 35 න් අර්ධයකට අධික කාලයක් මෙරට ජීවිත රක්ෂණ ක්ෂේත්‍රයේ වෙළඳපල නායකත්වය දරා ඇත. 2023 වසරේ ශ්‍රී ලංකාවේ වඩාත් වටිනා රක්ෂණ සන්නාමය ලෙස බ්‍රෑන්ඩ් ෆයිනෑන්ස් විසින් නම් කර ඇති සෙලින්කෝ ලයිෆ් 2022 වසරේ අඛණ්ඩව තුන්වැනි වසරටත් ශ්‍රී ලංකාවේ ‘විශිෂ්ට සේවා ස්ථානයක්’ ලෙස ද සම්මාන ලැබීය. සක්‍රීය රක්ෂණ ඔප්පු මගින් ජීවිත ලක්ෂ 10 කට ආසන්න ගණනක් ආවරණය කරන සෙලින්කෝ ලයිෆ් සමාගම ඔප්පුහිමියන්ගේ ජීවිත සහ ඔවුන්ගේ අරමුණු වලට ඇති අවදානම අවම කරන සහ ආරක්ෂාව ලබා දෙන නව්‍ය රක්ෂණ විසඳුම් සම්පාදනය කරයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *