March 19, 2026
SLIITහි යාන්ත්‍රික ඉංජිනේරු උපාධිය සඳහා පිරිනැමුණු IESLහි කොන්දේසි සහිත පිළිගැනීම ශ්‍රී ලංකාවේ අධ්‍යාපනික ගුණාත්මක මට්ටම ඉහළ නංවයි
පුවත්

SLIITහි යාන්ත්‍රික ඉංජිනේරු උපාධිය සඳහා පිරිනැමුණු IESLහි කොන්දේසි සහිත පිළිගැනීම ශ්‍රී ලංකාවේ අධ්‍යාපනික ගුණාත්මක මට්ටම ඉහළ නංවයි

Jun 21, 2024

SLIIT හි යාන්ත්‍රික ඉංජිනේරු උපාධි පාඨමාලාව, ශ්‍රී ලංකා ඉංජිනේරු ආයතනය  (Institution of Engineers Sri Lanka – IESL) විසින් කොන්දේසි සහිතව පිළිගැනීමක් ලබා ගනිමින් සුවිශේෂී සන්ධිස්ථානයකට පැමිණ තිබේ. පාඨමාලාව හදාරනු ලබන උපාධිධාරීන් ජාත්‍යන්තර වශයෙන් හඳුනාගැනීමට සහ සේවා නියුක්තිය සඳහා අත්‍යවශ්‍යවන සියලු සුදුසුකම් සපුරා ගැනීමට මෙම පිළිගැනීම මූලික වශයෙන් ඉතා වැදගත් වනු ඇත.

SLIIT හි යාන්ත්‍රික ඉංජිනේරු අංශයේ අංශ ප්‍රධානී, මහාචාර්ය මිගාර ලියනගේ මහතා විසින් මෙම ජයග්‍රහණයේ ඇති වැදගත්කම පිළිබඳව සහ IESL හි ප්‍රමිතීන් සපුරාලීමට හේතු වූ ප්‍රධාන සාධක හා අනෙකුත් ආයතනවලට වඩා වෙනස් මුහුණුවරක් ගත් SLIIT හි යාන්ත්‍රික ඉංජිනේරු උපාධි පාඨමාලාවේ සුවිශේෂී ලක්ෂණ පිළිබඳව ද ඔහු සමගින් කරනු ලැබූ සම්මුඛ සාකච්ජාවේදී අදහස් දැක්විය.

SLIIT හි යාන්ත්‍රික ඉංජිනේරු උපාධි පාඨමාලාව සඳහා IESL වෙතින් මෙම කොන්දේසි සහිත පිළිගැනීම ලබා ගත්තේ කෙසේද?

SLIIT ආයතනය 2013 වසරේදී යාන්ත්‍රික ඉංජිනේරු අංශය ස්ථාපිත කරමින්, ඉංජිනේරු උපාධි පාඨමාලා ආරම්භ කළා. අපි ඉදිරිපත් කරනු ලැබූ උපාධි පාඨමාලා සඳහා විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ (UGC) අනුමැතිය හිමි වුණා. ඒ අනුව ආරම්භක ඉන්ජිනේරු ශිෂ්‍ය කණ්ඩායම 2017 වසරේදී උපාධිය ලබා ගත්තා. අපගේ යාන්ත්‍රික ඉංජිනේරු උපාධි පාඨමාලාව, 2025 සහ 2026 වසරවල උපාධිධාරී කණ්ඩායම් සඳහා ශ්‍රී ලංකා ඉංජිනේරු ආයතනයෙන් කොන්දේසි සහිත පිළිගැනීමක් ලබා ගනිමින් සුවිශේෂී වූ ජයග්‍රාහී සන්ධිස්ථානයකට පැමිණියා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Close