March 5, 2024
SLAEA සභාපති SVAT අහෝසි කිරීමේ අභියෝග මධ්‍යයේ මුදල් රහිත විකල්ප ක‍්‍රම වේදයක අවශ්‍යතාවය අවධාරණය කරයි
පුවත්

SLAEA සභාපති SVAT අහෝසි කිරීමේ අභියෝග මධ්‍යයේ මුදල් රහිත විකල්ප ක‍්‍රම වේදයක අවශ්‍යතාවය අවධාරණය කරයි

Dec 18, 2023

ශ‍්‍රී ලංකා ඇඟලූම් අපනයනකරුවන්ගේ සංගමයේ (SLAEA) සභාපතිවරයා ලෙස නැවතත් තේරී පත් වූ ඉන්දික ලියනහේවගේ මහතා සරල කරන ලද එකතු කළ අගය මත බදු ක‍්‍රමය (SVAT) අහෝසි කිරීමේ යෝජනාව තුළින් එල්ල වන සැලකිය යුතු අභියෝගය පිළිබඳව අවධාරණය කර සිටී. ඇඟලූම් කර්මාන්තය තුළ මූල්‍ය ගනුදෙනු කළමනාකරණය සඳහා ආරක්ෂිත සහ නවීන ක‍්‍රමවේදයක වැදගත්කම පෙන්වා දෙමින් මුදල් රහිත විකල්ප ක‍්‍රමයක් හඳුන්වා දෙන ලෙස ඔහු රජයෙන් ඉල්ලා සිටියේය. SLAEAහි 41 වැනි වාර්ෂික මහා සභා රැුස්වීමේදී ලියනහේවගේ මහතා මෙම අදහස් පළකල අතර 2024 දක්වා සමස්ත විධායක කමිටුව ද නැවත තේරී පත් වියx මුදල් මත පදනම් වූ ක‍්‍රම වේදයක් ¥ෂණයට හා අක‍්‍රමිකතාවලට තුඩු දිය හැකි බව ඔහු සඳහන් කළේය.

වැඩිදුරටත් අදහස් දක්වමින් ඔහු අවධාරණය කර සිටියේ ‘‘මුදල් රහිත නව ක‍්‍රමයක් ක‍්‍රියාත්මක කිරීම සඳහා රජය සමඟ සහයෝගයෙන් කටයුතු කිරීමට ඇඟලූම් කර්මාන්තය සූදානම්. SVAT ඉවත් කිරීම 2025 දක්වා කල් දැමීමට ගත් තීරණය අගය කරන අතරම ශක්තිමත් සහ විනිවිදභාවයෙන් යුතු මුදල් රහිත බදු ආපසු ගෙවීමේ ක‍්‍රම වේදයක් අත්‍යවශ්‍යයි. ඒවගේම කර්මාන්තයේ තිරසාර වර්ධනයට සහ සදාචාරාත්මක ව්‍යාපාරික මූලධර්ම සඳහා ¥ෂණයෙන් තොර මූල්‍ය පරිසරයක් ඉතා වැදගත්” යනුවෙනි.

මේ අතර, කර්මාන්තයේ වත්මන් තත්ත්වය පිළිබඳව පැහැදිල් කරමින් සභාපතිවරයා ශ්‍රී ලංකාවේ ඇඟලූම් අපනයනයෙන් 85% කට වඩා වැඩි ප‍්‍රමාණයකට හිමිකම් කියනු ලබන එක්සත් ජනපදය, යුරෝපා සංගමය සහ එක්සත් රාජධානිය ඇතුළු ශ‍්‍රී ලංකාවේ ප‍්‍රධාන වෙළඳපලවල ඇණවුම්වල අඩුවීම හේතුවෙන් ජපානය සහ ඉන්දියාව වැනි රටවල් සමඟ උපායමාර්ගික හවුල්කාරිත්වයක් ඇති කර ගන්නා ලෙස රජයෙන් ඉල්ලා සිටියේය.

‘‘ශ්‍රී ලංකාවෙන් ලැබෙන ඩොලර් මිලියන 35 සැලකීමේදී විශේෂයෙන් ජපානයට වාර්ෂිකව ඩොලර් බිලියන 26ක් වටිනා ඇඟලූම් ආනයනය කරන කැපී පෙනෙන අවස්ථාවක් තිබෙනවා. ජපන් වෙළඳපොලේ අපගේ පැවැත්ම පුළුල් කිරීමට සැලකිය යුතු අවස්ථාවක් තිබෙනවා.”

ඉන්දියාවට ඇඟලූම් අපනයනය කිරීම සම්බන්ධයෙන් ලියනහේවගේ පෙන්වා දුන්නේ දැනට පවතින ෂීත්‍ඔ් යටතේ ශ‍්‍රී ලංකාවේ ඇඟලූම් කෝටාව ඉන්දියාවට දැනට වසරකට කෑලි මිලියන 8 කට සීමා කර ඇති බවයි. ශ‍්‍රී ලංකාව ඉන්දියාවෙන් ඩොලර් බිලියනයක වටිනාකමකින් යුත් අමුද්‍රව්‍ය ආනයනය කළද ඉන්දියාවට අපනයනය කරනු ලබන්නේ ඩොලර් මිලියන 50 ක වටිනාකමින් රෙදිපිළි සහ ඇඟලූම් පමණි. මෙම සීමාව ඉවත් කිරීම දෙරට අතර වෙළෙඳාම සහ සහයෝගීතාව වර්ධනය කර ගැනීමට හැකිවනු ඇතැයි කර්මාන්තය බලාපොරොත්තු වේ.

41 වන වාර්ෂික මහා සභා රැුස්වීමේ ප‍්‍රධාන ආරාධිත අමුත්තා වූ ජපාන තානාපති කාර්යාලයේ නියෝජ්‍ය ¥ත මණ්ඩල ප‍්‍රධානී ණ්එිමනස ණදඒරද මහතා විසින් ඇණවුම් පහත වැටී තිබියදීත්, ආර්ථික අර්බුදය මධ්‍යයේ ශ‍්‍රී ලංකාවේ ඇඟලූම් ක්ෂේත‍්‍රය සතු ඔරොත්තු දීමේ හැකියාව අගය කළේය.

”ශ‍්‍රී ලංකාව ඇඟලූම් වෙළෙඳපොළ පුළුල් කිරීම පිළිබඳව තවදුරටත් සොයා බැලිය යුතුයි. ඨීඡුූ සහනය සදාකාලික නොවන බවට මා සම්පුර්ණයෙන්ම එකඟයි. ඒවගේම මධ්‍ය හා දිගු කාලීන වෙළඳපල ප‍්‍රවේශය ශක්තිමත් කිරීම ශ්‍රී ලංකාවට වැදගත්. නිදහස් වෙළඳ ගිවිසුම් ඒ සඳහා ඇති හොඳම මාර්ගය බව මා විශ්වාස කරනවා.” යැයි ඔහු අවධාරණය කළේය. ජපාන වෙළඳපොළට පිවිසීමට හොඳ අවස්ථාවක් සලසන ඍක්‍ෑඡු හා සම්බන්ධ වීමට ශ්‍රී ලංකාවේ ඇති කැමැත්ත ඔහු පිළිගත්තේය.

ශ‍්‍රී ලංකා ඇඟලූම් අපනයනකරුවන්ගේ සංගමය යනු රටේ ඇඟලූම් අපනයනයෙන් 70%කට වඩා වැඩි සාමාජික සංඛ්‍යාවකින් සමන්විත ඇඟලූම් අපනයනකරුවන් නියෝජනය කරන ප‍්‍රමුඛතම සංගමයයි.

ීඛ්ෑ් විවිධ ව්‍යවස්ථාපිත සහ ව්‍යවස්ථාපිත නොවන මණ්ඩල සහ සංගම්වල ක‍්‍රියාකාරී සාමාජිකයෙකු වන අතර ඇඟලූම් කර්මාන්තයේ අඛණ්ඩ වර්ධනයට සහාය වන රජයේ ප‍්‍රතිපත්ති තීරණ කෙරෙහි බලපෑම් කිරීමේදී සහ ක‍්‍රියාත්මක කිරීමේදී තීරණාත්මක කාර්යභාරයක් ඉටු කරයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *