December 12, 2024
Chevron Lanka, Uber ශ්‍රී ලංකා සමග අත්වැල් බැඳගනියි
පුවත්

Chevron Lanka, Uber ශ්‍රී ලංකා සමග අත්වැල් බැඳගනියි

Nov 22, 2024

කැල්ටෙක්ස් සන්නාමයේ ලුබ්රිකන්ට් ශ්‍රී ලංකාව පුරාම බෙදාහරින හා අලෙවි කරන Chevron Lubricants Lanka PLC, එහි නිල ලුබ්‍රිකන්ට් බෙදා හැරීමේ සහකරු ලෙසින් Uber සමගින් අත්වැල් බැඳගන්නා බව සතුටින් දැනුම් දෙයි. මෙම සහයෝගීතාව ඔස්සේ, Uber හා එක්ව ශ්‍රී ලංකාව පුරාම ප්‍රවාහන පහසුකම් හා ඩිලිවරි සේවාවන් සපයන රියදුරන්ට, Chevron Lanka අලෙවි කරන මාදිලි රැසකම ප්‍රීමියම් ලුබ්රිකන්ට් ලබා ගැනීමේ පහසුව සැලසෙයි. Chevron Lanka සමාගම මගින් දිවයින පුරාම බෙදාහැරෙන කැල්ටෙක්ස් සන්නාමයේ ලුබ්රිකන්ට්, වාහනවල ඉන්ධන කාර්යක්ෂමතාවය ඉහළ නංවන අතරම, එංජින් ක්‍රියාකාරීත්වය මනාව පවත්වා ගනිමින් වාහනවල ආයු කාලයද දීර්ඝ කරයි. එමෙන්ම, මහමඟදී වාහනයේ ධාවන කටයුතු මනාව පවත්වා ගැනීමට හැකිවීමත්, වාහනය ආරක්ෂාකාරීව ධාවනය කිරීමට හැකිවීමත් නිසා නඩත්තු කටයුතු සඳහා වැයවන මුදල් ඉතිරිකර ගැනීමට හැකිවීමද රියදුරන්ට ලැබෙන අමතර වාසියකි. 

මෙම සහයෝගීතාවයත් සමග ‘Get Almost, Almost Anything’ යන සන්නාම ප්‍රතිඥාව වෙනුවෙන් තව තවත් කැපවන Uber Eats වෙතින්, Car Care නමින් නවතම කාණ්ඩයක් Uber Eats App එකට ඇතුළත් කෙරේ. ඒ සමගින් ශ්‍රී ලාංකික ලුබ්රිකන්ට් පාරිභෝගිකයින්ට දැන් ඔවුන්ගේ ප්‍රියතම Uber Eats App එකට සැණෙකින් log වී, ප්‍රීමියම් ලුබ්රිකන්ට් ගෙදරටම ගෙන්වා ගැනීමේ පහසුව පවතී.

Chevron Lanka PLC හි කළමනාකාර අධ්‍යක්ෂ සහ ප්‍රධාන විධායක නිලධාරි, බර්ට්‍රම් පෝල් මහතා මෙම සහයෝගිතාව පිළිබඳව පළ කළේ මෙවන් අදහසකි. “Uber ශ්‍රී ලංකා සමග මෙලෙස අත්වැල් බැඳ ගැනීම අපට සතුටට කාරණයක්. මේ සමග Uber රියදුරන්ට පහසුව සැලසෙනවා වගේම, එහි වෙළෙඳපොළට  සුවිශේෂී වටිනාකමක් එක් කිරීමටත් මෙම සහයෝගීතාවය තුළින් හැකියාව සැලසෙනවා. වාහනවල නඩත්තු කටයුතු නිසි පරිදි සිදුකිරීම රියදුරන්ගේ ආරක්ෂාවට ඉතාමත් වැදගත් කාරණයක්. මෙම ලුබ්‍රිකන්ට් මාදිලි පෙළ නිෂ්පාදන කර තිබෙන්නේ, එන්ජිමේ ආයු කාලය දීර්ඝ කරමින්, වාහනය ඉහළම කාර්යක්ෂමතාවයෙන් ධාවනය කිරීම සඳහාමයි. Uber සමගින් මෙලෙස අත්වැල් බැඳ ගැනීම තුළින් අපි බලාපොරොත්තු වන්නේ, වාහනයේ ඉහළම ක්‍රියාකාරිත්වය සලසා රියදුරන්ට හොඳම අත්දැකීමක් පිරිනමමින් ඔවුන්ට සහය වීමයි.” 

Uber Delivery හි මෙරට කළමනාකරු වරුන් විජේවර්ධන මහතා ද මෙම සහයෝගීතාවය සම්බන්ධයෙන් අදහස් දැක්විය. “Uber සන්නාම පොරොන්දුවේ තීරණාත්මක අංග දෙකක් වන්නේ රියදුරන් හා කුරියර් සේවාවයි. පරිභෝගිකයෙන් අත්දකින Uber app අත්දැකීම තවදුරටත් වැඩි දියුණු කර ඉහළම ප්‍රතිලාභ සැලසීමේ ක්‍රම පිළිබඳව අපි නිරන්තරයෙන් අත්හදා බැලීම් සිදු කරනවා. මෙම සහයෝගීතාව තුළින් මෙම සේවාවේ මෙහෙයුම් පිරිවැය අඩු කිරීමට වගේම විශ්වාසයෙන් යුතුව වාහනය ධාවනය කිරීමටත් හැකියි. මේ හරහා ඔවුන්ගේ සාර්ථකත්වය වෙනුවෙන් හොඳම අත්වැල සැපයීමට අපිට හැකියාව සැලසෙනවා. මේ සමඟින්, premium ලුබ්රිකන්ට් සඳහා වන පාරිභෝගික ඉල්ලුම පහසුවෙන් සපුරාලීමට අපිට හැකියාව ලැබෙන පරිදි, Uber Eats App එකට නවතම කාණ්ඩයක් එක් කිරීමටත් අපි කටයුතු කරනවා.” යනුවෙන් ඔහු සඳහන් කළේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *