September 8, 2024
අන්තර්කරණීය වර්ධනයක් සඳහා වූ නිපුණතා වැඩසටහන හා ශ්‍රී ලංකා සූපවේදීන්ගේ සංසදය එක්ව සූපශාස්ත්‍ර පිළිබඳ ඩිජිටල් කෘතියක් එළිදක්වයි
පුවත්

අන්තර්කරණීය වර්ධනයක් සඳහා වූ නිපුණතා වැඩසටහන හා ශ්‍රී ලංකා සූපවේදීන්ගේ සංසදය එක්ව සූපශාස්ත්‍ර පිළිබඳ ඩිජිටල් කෘතියක් එළිදක්වයි

Oct 20, 2023

අන්තර්කරණීය වර්ධනයක් සඳහා වූ නිපුණතා වැඩසටහන ශ්‍රී ලංකා සූපවේදී සංසදය හා එක්ව සැකසූ, තරුණ සූපවේදීන් විසින් පිළියෙළ කරනු ලබන සහ ශ්‍රී ලංකාවට ආවේණික කෑම වර්ග 40ක් ඇතුළත් ඩිජිටල් ඉවුම් පිහුම් ග්‍රන්ථය පසුගියදා එළිදක්වන ලදී. එය ඉහත ආයතන දෙකෙහි ප්‍රවීණත්වය හා හවුල්කාරීත්වය තුළින් බිහි වූ ප්‍රතිඵලයකි.

එක්සත් ජනපද සහයෝගීතා ආයතනය (USAID) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය විසින් සත්කාරකත්වය දක්වන ලද ලෝක සංචාරක දින වැඩසටහන අතරතුර පැවති Sustainable Niche Tourism Learning Expo ප්‍රදර්ශනයේදී මෙම ඩිජිටල් අනුවාදය ජනගත කරන ලදී. මෙම ග්‍රන්ථය එළිදැක්වීම සඳහා කදිම වේදිකාවක් වූ මෙම ප්‍රදර්ශනය, පරම්පරා ගණනාවක් පුරා විවිධ රසවලින් සහ උරුමවලින් සපිරි  ලාංකේය සූප ශාස්ත්‍ර සම්ප්‍රදාය මැනවින් පිළිබිඹු කළ අවස්ථාවක් විය.

“මෙම ග්‍රන්ථය සූප ශාස්ත්‍ර ක්ෂේත්‍රයට වටිනා සම්පතක් පමණක් නොව, ඉදිරියට යාමට ඇති අවස්ථා වඩාත් පුළුල් කරන මෙවලමක්. සූපවේදීන් වෘත්තීය පරිවර්තනයකට ලක් කිරීමට සහ කාන්තාවන් හා විශේෂ අවශ්‍යතා සහිත පුද්ගලයන් සඳහා ඇති අවස්ථා පුළුල් කිරීමට අන්තර්කරණීය වර්ධනයක් සඳහා වූ නිපුණතා වැඩසටහන කැප වී සිටිනවා. මේ ග්‍රන්ථය තමන්ගේ ආදායම වැඩි කර ගන්නා අතරම රටේ සූප ශාස්ත්‍ර ක්ෂේත්‍රයට ක්‍රියාකාරීව දායක වෙන්න ඇති හැකියාව පුළුල් කරනවා.” අන්තර්කරණීය වර්ධනයක් සඳහා වූ නිපුණතා වැඩසටහනේ උපදේශක ස්ටීවන් ලොඩ්සියාක් මහතා සඳහන් කළේය.

බොහෝ දෙනෙකුගේ අවධානය දිනා ඇති Supreme Chef රියැලිටි තරගාවලියට සහභාගී වූ තරගකරුවෝ රැසක්ද මීට සහභාගී වූහ. සූපවේදී සංසදයේ සාමාජික සූපවේදීන්ගේ මඟ පෙන්වීම යටතේ ඔවුන් පිළියෙළ කළ රසවත් ව්‍යාංජන සහ වෙනත් කෑම වර්ග ගණනාවක් රස විඳීමට ප්‍රදර්ශනයට සහභාගී වූවන්ට අවස්ථාව ලැබිණි. QR කේතයක් මගින් මෙම ග්‍රන්ථය බාගත කර ගැනීමට සහභාගී වූවන්ට අවස්ථාව හිමි වීමද සුවිශේෂ කරුණකි.

“මේ මුල පිරීම අපේ හදවතට බොහොම සමීපයි. Supreme Chef වැඩසටහනට සහභාගී වන තරගකරුවන් 14 දෙනෙකු සමඟ එකතු වෙලා එකිනෙකට වෙනස් ප්‍රදේශ දහයකට ආවේණික ආහාර වට්ටෝරු 40ක් පිළියෙළ කරන්න අපේ සූපවේදී උපදේශකයන් කටයුතු කළා. ඒ තුළින් වෘත්තීය සූපවේදින්ගේ මඟ පෙන්වීම ලබන්න වගේම අතීත ආහාර වට්ටෝරු සහ කල් තබා ගැනීමේ ක්‍රම පිළිබඳව වැඩිහිටි ප්‍රජාවගෙන්, ජනතාවගෙන් සහ ආයුර්වේද වෛද්‍යවරුන්ගෙන් ඉගෙන ගන්න අපේ පුහුණුවන්නන්ට මේ වැඩසටහන අතරතුර  හැකියාව ලැබුණා.” ශ්‍රී ලාංකික සූපවේදී ක්ෂේත්‍රය සතු උරුමය සුරැකීමට මෙන්ම ප්‍රවර්ධනය කිරීමට කැප වූ ශ්‍රී ලංකා සූපවේදී සංසදය සඳහන් කළේය.

ඉවුම් පිහුම් ක්ෂේත්‍රයේ පරිවර්තනීය වෙනසක් කිරීම සඳහා අන්තර්කරණීය වර්ධනයක් සඳහා වූ නිපුණතා වැඩසටහන දක්වන දායකත්වය මෙම ඩිජිටල් ග්‍රන්ථය එළිදැක්වීමට පමණක් සීමා නොවේ. ඔවුන් ජාතික ආධුනිකත්ව හා කාර්මික පුහුණු කිරීම් අධිකාරිය (NAITA), වෘත්තීය පුහුණු අධිකාරිය (VTA) සහ ජාතික තරුණ සේවා සභාව (NYSC) වැනි ආයතන ගණනාවක් සමඟ එක්ව සත්කාරක, සූපවේදී හා වෘත්තීය නිපුණතා වැඩසටහන් රැසක් ක්‍රියාත්මක කර තිබේ. විනිවිදභාවයකින් යුතු කුසලතා මත පදනම් වූ එම ආකෘති හරහා වෘත්තීය සූපවේදීන්ට ඉහළ තලවලට ළඟා වෙමින් සිය කාර්ය සාධනය මත පදනම් වූ ප්‍රගතියක් අත් කර ගැනීමට මෙම වැඩසටහන මඟින් අවස්ථාව උදා කර දී තිබේ. න්‍යායාත්මක පුහුණුවක් වෙනුවට කර්මාන්තයට අවශ්‍ය නිපුණතා සහිත ශ්‍රම බලකායක් නිර්මාණය කිරීමට මෙම වැඩසටහන් පෙළ විශාල වශයෙන් දායක වේ.

2 Comments

  • Hello, I want to subscribe for this website to get most recent updates, thus where can i do it please assist.

  • you are actually a good webmaster. The website loading velocity is incredible.

    It kind of feels that you are doing any distinctive trick.

    Moreover, The contents are masterwork. you have
    done a great process on this topic!

Leave a Reply

Your email address will not be published. Required fields are marked *