July 27, 2024
ඔරියන්ට් ෆිනෑන්ස් ශාඛා ජාලය තවත් පුළුල් කරයි : පිළියන්දල නව ශාඛාව දැන් විවෘතයි
පුවත්

ඔරියන්ට් ෆිනෑන්ස් ශාඛා ජාලය තවත් පුළුල් කරයි : පිළියන්දල නව ශාඛාව දැන් විවෘතයි

Oct 20, 2023

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මුල්‍ය සේවා සපයන ආයතනයක් වන ඔරියන්ට් ෆිනෑන්ස් පීඑල්සී සමාගම, සේවාදායකයන්ගේ අවශ්‍යතාවයන් වටහා ගනිමින් සිය මුල්‍ය සේවාවන් හරහා ඔවුන් සවිබල ගැන්වීමේ මුඛ්‍ය අරමුණ පෙරදැරි කරගත් ආයතනයකි. එම අරමුණ සාර්ථක කර ගැනීම උදෙසා ශ්‍රී ලංකාව පුරා සිය ශාඛා ජාලය ව්‍යාප්ත කිරීමට ආයතනය කටයුතු කරයි. එහි සුවිශේෂී මඟ සළකුණක් සනිටුහන් කරමින් මෑතක දී ඔවුන්ගේ 33 වැනි ශාඛාව පිළියන්ද නගරයේ අභිමාණයෙන් විවෘත කරන ලදී.
ඔරියන්ට් ෆිනෑන්ස් ආයතනය විසින් සිය පාරිභෝගිකයන්ට නිරන්තරයෙන්ම උසස් තලයේ මුල්‍ය සේවාවන් ලබාදීම උදෙසා සිය ශාඛා ජාලය ව්‍යාප්ත කරමින් නව ශාඛා විවෘත කරන අතරම ඇතැම් ශාඛා නවීකරණය කරමින් වඩාත් උපායමාර්ගිකව සාර්ථක ස්ථාන කරා ස්ථානගත කිරීම පසුගිය මුල්‍ය වර්ෂය පුරා සිදුකරගෙන ගියේය. පාරිභෝගිකයන්ගේ සුවිශේෂී මූල්‍ය අවශ්‍යතා හඳුනාගනිමින් ඒවාට ගැළපෙන විසඳුම් වඩාත් කාර්යක්ෂම ලෙස ලබාදීම සහ පාරිභෝගිකයා අතර සම්බන්ධතාව වඩාත් ශක්තිමත් කිරීම මෙම ප්‍රයත්නයන් හි අරමුණයි.
ඔරියන්ට් ෆිනෑන්ස් ආයතනයේ අධ්‍යක්ෂ/ප්‍රධාන විධායක නිලධාරී කේ.එම්.එම් ජබීර් මහතා මෙසේ සිය අදහස් දැක්වීය.“ඩිජිටල් මාධ්‍යයන් ඔස්සේ සේවාවන් ලබාදීම සඳහා අප සැලකිය යුතු ලෙස අවධානය යොමු කරන අතරම, ශක්තිමත් ශාඛා ජාලයක් හරහා ලබාදෙන සුහද සේවය ද පාරිභෝගිකයන්ට වැදගත් බව අප විශ්වාස කරනවා. අපගේ පාරිභෝගිකයන් අපිට වඩාත් සමීප අපේ සේවාවේ ගුණාත්මකබව නිසාමයි. ඒ නිසාම අපගේ මූල්‍ය සේවාවන් පාරිභෝගිකයන් වෙත පහසුවෙන් ළඟා කරවීම සඳහා ශාඛා ජාලය ව්‍යාප්ත කිරීමේ කටයුතු කරමින් සිටිනවා. පාරිභෝගිකයන්ට විශිෂ්ඨ සේවයක් ලබා දෙමින් විශ්වාසය සහ විශ්වසනීයත්වය මත පදනම් වූ කල් පවත්නා සබඳතා ඔවුන් සමඟ ගොඩ නංවා ගැනීම අපගේ අරමුණයි. මෙම පිළියන්දල ශාඛාව විවෘත කිරීම ඒ අරමුණේ තවත් එක් සුවිශේෂී පියවරක්. අපගේ පිළියන්දල ශාඛාවේ සිටින මුල්‍ය වෘත්තීයවේදීන් ඔබගේ අවශ්‍යතාවයන් හඳුනාගනිමින් එයට වඩාත්ම ගැළපෙන මුල්‍ය විසඳුම් ඔබට ලබාදීමට කැපවී සිටිනවා.”
තමන්ටම සුවිශේෂී වූ මුල්‍ය අවශ්‍යතාවයන්ට මනාව ගැළපෙන ලෙස සකස් කළ මුල්‍ය සේවා ලබා ගැනීමේ අවස්ථාව ඔරියන්ට් ෆිනෑන්ස් ආයතනය මඟින් සිය පාරිභෝගිකයන් වෙත නිර්මාණයකර දී තිබෙන අතර ඕනෑම ඔරියන්ට් ශාඛාවකින් තැන්පතු ලබාගැනීම, ඉතුරු කිරීමේ ගිණුම්, ලීසිං පහසුකම්, රන් ණය, විකල්ප මුල්‍ය සේවා, ආයතනික මුල්‍ය පහසුකම් සහ තවත් මුල්‍ය සේවා ගණනාවක්ද හඳුන්වා දී තිබේ. මුල්‍ය ක්ෂේත්‍රයේ අවුරුදු 42ක පළපුරුද්ද සමඟ මුල්‍ය ස්ථාවරත්වය, මුල්‍ය ශක්තිය, විශ්වාසනීයත්වය සහ විශේෂඥතාවය ඇති ආයතනයක් ලෙස ක්ෂේත්‍රයේ පුරෝගාමී භුමිකාවක් ඔරියන්ට් ෆිනෑන්ස් ආයතනය ඉටුකර තිබේ.
පාරිභෝගිකයා කේන්ද්‍රකරගත් මුල්‍ය සේවා සපයන්නෙකු ලෙස සීමා මායිම් අභිබවන නව්‍ය මුල්‍ය සේවාවන් සහ වඩාත් ලෙංගතු පාරිභෝගික සේවාවක් සමීප කරමින් පාරිභෝගිකයන්ට ඔවුන්ගේ මුල්‍ය සාර්ථකත්වය ළඟා කිරීමේ සමීප මගපෙන්වන්නෙකු ලෙස සිය අභිමාණය සහ ආයතනික පිළිබිඹුව ස්ථාපිත කරගැනීමට ඔරියන්ට් ෆිනෑන්ස් සමත් වී තිබේ. මහ බැංකුවේ ලියාපදිංචි මුල්‍ය ආයතනයක් වන ඔරියන්ට් ෆිනෑන්ස් ආයතනය LRA මඟින් BB+ (stable) ශ්‍රේණිගත කිරීමක් ලබාගෙන තිබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *