
සියපත ෆිනෑන්ස් දීප ව්‍යාප්ත ශාඛා ජාලයෙන් එකම දිනකදී පරිසර පිරිසිදු කිරීම් වැඩසටහන් 37ක්
සම්පත් බැංකු සමූහයට අයත් පූර්ණ අනුබද්ධිත මූල්‍ය සමාගම ලෙස දීප ව්‍යාප්ත ශාඛා ජාලයක් හරහා හෘද්‍යාංගම පාරිභෝගික සේවාවක් සපයමින් ශ්‍රී ලාංකිකයන්ගේ විශ්වාසය දිනාගත් මෙරට ප්‍රමුඛ පෙළ මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී විසින් දියත්කොට ඇති “සියපතෙන් මිහිකතට” තිරසර සමාජ සත්කාරක වැඩසටහන යටතේ එකම දිනකදී දිවයින පුරා ආගමික ස්ථාන, පරිසර පද්ධති සහ ජනාකීර්ණ පොදු ස්ථාන 37 ක් පිරිසිදු කිරීම පසුගියදා සිදුකරන ලදී.
2024 ජූනි මස 05 වැනිදාට යෙදුණ ලෝක පරිසර දිනය නිමිතිකොටගෙන සියපත ෆිනෑන්ස් පීඑල්සී විසින් ටොන් 2 කට ආසන්න නොදිරන කසල තොගයක් එලෙස එක් රැස්කොට පිරිසිදු කිරීම සහ එම කසල ප්‍රතිචක්‍රීයකරණය සඳහා භාරදීම සිදුකරන ලදී. මෙම දීපව්‍යාප්ත පිරිසිදුකිරීම් වලට අමතරව සියපත ෆිනෑන්ස් පීඑල්සී ප්‍රධාන කාර්යාලයේ 50 කට අධික කාර්ය මණ්ඩලය එක්ව පසුගියදා ශ්‍රීපාදය ආශ්‍රිත සංවේදී පරිසර කලාපය පිරිසිදු කිරීමේ වැඩසටහනක්ද ක්‍රියාත්මක කරන ලදී.
සියපත ෆිනෑන්ස් පීඑල්සී දඹුල්ල ශාඛාව විසින් සීගිරිය පුරාවිද්‍යා කලාපයත්, අවිස්සාවේල්ල ශාඛාව විසින් බෝපත් ඇල්ලත්, අනුරාධපුර ශාඛාව විසින් මිහින්තලේ රජමහා විහාරයත්, නුගේගොඩ ශාඛාව විසින් ගල්කිස්ස වෙරළ තීරයත්, මහරගම ශාඛාව විසින් තුන්මෝදර රන්මුදුඇල්ල පරිසර කලාපයත්, ගාල්ල ශාඛාව විසින් ගාලු කොටුවත්, මාතර ශාඛාව විසින් නිල්වලා ගඟේ ඩෙල්ටාව ආශ්‍රිත මාතර වෙරළ තීරයත්, වවුනියාව ශාඛාව විසින් වව්නියාව පරණ බස්නැවතුම්පොළ ප්‍රදේශයේ සිට පිටත වටරවුම් පාර හරහා නව බස් නැවතුම්පොළ ප්‍රදේශය දක්වාත්, රත්නපුර ශාඛාව විසින් රත්නපුර මහ සමන් දේවාල කලාපයත්, අක්කරෙයිපත්තු ශාඛාව විසින් සින්න මුහත්තුවරම් තම්පට්ටා වෙරළ තීරයත්, ප්‍රධාන කාර්යාලය මාලඹේ සහ පිටකොටුව කාර්යාල එක්ව බැද්දගාන තෙත්බිම් උද්‍යානයත්, බදුල්ල ශාඛාව විසින් මුතියංගන රජ මහා විහාරයත්, පුත්තලම ශාඛාව විසින් පුත්තලම කලපුවත්, සයින්දමරුදු ශාඛාව විසින් කල්මුණේ වෙරළ පල්ලිය කලාපයත්, නුවරඑළිය ශාඛාව විසින් ග්‍රෙගරි වැව කලාපයත්, නිට්ටඹුව ශාඛාව විසින් වාරණ රජමහා විහාරයත්, කුරුණෑගල ප්‍රධාන ශාඛාව සහ මෙට්‍රෝ ශාඛාව එක්ව බඩගමුව වන රක්ෂිත මාර්ගය ආශ්‍රිත ප්‍රදේශයත්, අම්පාර ශාඛාව විසින් අම්පාර බස්නැවතුම්පොළ සහ ළමා උද්‍යානයත්, කෑගල්ල ශාඛාව විසින් මීපිටිය පුරාණ ටැම්පිට මහා විහාරයත්, හැටන් ශාඛාව විසින් කොටගල කමර්ෂල් වැව අවට කලාපයත්, මීගමුව ශාඛාව විසින් මීගමුව වෙරළ තීරයත්, කල්මුණේ ශාඛාව විසින් තානායම ආශ්‍රිත වෙරළ තීරයත්, මඩකලපුව ශාඛාව විසින් කල්ලඩි වෙරළ තීරයත්, නවම් මාවත, දෙහිවල සහ වැල්ලවත්ත ශාඛා එක්ව වැල්ලවත්ත වෙරළ තීරයත්, පොළොන්නරුව ශාඛාව විසින් පරාක්‍රම සමුද්‍රය අවට කලාපයත්, ඇඹිලිපිටිය ශාඛාව විසින් චන්ද්‍රිකා වැව ආශ්‍රිත කලාපයත්, මහනුවර හා කටුගස්තොට ශාඛා එක්ව අම්බුළුවාව පරිසර කලාපයත්, හලාවත ශාඛාව විසින් හලාවත වෙරළ තීරය හා දැදුරු ඔය ආශ්‍රිතවත්, ගම්පහ සහ වත්තල ශාඛා එක්ව රාගම තේවත්ත ජාතික බැසිලිකා පරිශ්‍රයත්, කොහුවල සහ පිලියන්දල ශාඛා එක්ව බොරලැස්ගමුව පිල්ලෑව විහාරස්ථාන කලාපයත්, පෑලියගොඩ හා කිරිබත්ගොඩ ශාඛා එක්ව උස්වැටකෙයියාව වෙරළ තීරයත්, යාපනය ශාඛාව විසින් යාපනය නගරයත්, මහජන පුස්තකාලය සහ යාපනය කොටුව ආශ්‍රිත කලාපත්, පානදුර, කලුතර හා මොරටුව ශාඛා එක්ව කලුතර කැලිඩෝ වෙරළ තීරයත්, කුලියාපිටිය ශාඛාව විසින් පඬුවස්නුවර පුරාවිද්‍යා සංකීර්ණයත්, ත්‍රිකුණාමලය ශාඛාව විසින් ත්‍රිකුණාමලය පොදු වෙරළ තීරයත්, කිලිනොච්චි ශාඛාව විසින් කිලිනොච්චි වැවත් පිරිසිදු කළ අතර මාතලේ ශාඛාව විසින් මාතලේ අලුවිහාරය ආශ්‍රිත කලාපය ද පිරිසිදු කරන ලදී.
සියපත ෆිනෑන්ස් පීඑල්සී කළමනාකාර අධ්‍යක්ෂ ආනන්ද සෙනෙවිරත්න මහතා මෙම දීපව්‍යාප්ත පරිසර පිරිසිදුකිරීම් ප්‍රජා සත්කාරය පිළිබඳ අදහස් දක්වමින් “සියපත ෆිනෑන්ස් ආයතනික සමාජ සත්කාර වැඩසටහන් අතර සියපතෙන් මිහිකතට වැඩසටහන් මාලාව අප ක්‍රියාත්මක කරන්නේ අප ව්‍යාපාරයක් විදිහට ක්‍රියාත්මක වෙන, මිනිසුන් විදිහට ජීවත්වන මහපොළවත් පරිසරයත් රැකගැනීම අරමුණු කරගෙනයි. තමන් ගැනම පමණක් ආත්මාර්ථකාමීව සිතන මිනිසුන් හා පරිසරයේ වටිනාකම ගැන නොතේරෙන මිනිසුන් දිගින් දිගටම අක්‍රමවත් විදිහට පරිසරයට අපද්‍රව්‍ය බැහැරකරනවා. පරිසරයත් අපිත් කියන්නේ දෙපිරිසක් නෙමෙයි එකම කාසියක දෙපැත්ත වාගේ එකිනෙක බැඳී පවතින දෙපිරිසක් බවත් පරිසරයෙන් තොරව මිනිසාට පැවැත්මක් නැති බවත් මිනිසුන් වන අප තේරුම් ගත යුතුයි. හුදු පිරිසිදුකිරීම්වලටම සීමා නොවී පරිසරයට අක්‍රමවත් ලෙස කසල බැහැර කිරීම වරදක් සහ නොකළ යුත්තක් බව ශ්‍රී ලාංකිකයන්ට ඒත්තුගැන්වීම වෙනුවෙන් පරිසර හිතකාමී ශ්‍රී ලාංකික ආයතනයක් විදිහට අප ඉදිරියේදී කළ හැකි උපරිමය සිදුකරන්නට බලාපොරොත්තුවනවා.” යැයි පැවසීය.
සම්පත් බැංකු සමූහයට පූර්ණ අනුබද්ධිත මූල්‍ය සමාගම වන සියපත ෆිනෑන්ස් පීඑල්සී 2005 වසරේ අරඹා ගතවූ වසර 19 ක කාලය ඇතුලත නව්‍යකරණයෙන් පිරිපුන් මූල්‍ය සේවා සම්පාදනය කිරීමෙහිලා කීර්තිමත් ප්‍රමුඛ පෙළ ශ්‍රී ලාංකීය මූල්‍ය සමාගමකි. පළපුරුදු විශේෂඥ කාර්යය මණ්ඩලයක් සමග දීප ව්‍යාප්ත ශාඛා ජාලයක් හරහා විශ්වාසනීය හෘද්‍යාංගම පාරිභෝගික සේවාවක් සපයමින් සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරිකයින්, කෘෂිකර්මාන්තයේ නියැලි ගොවීන්, වගාකරුවන් මෙන්ම කෘෂි ව්‍යවසායකයන්, ධීවර කර්මාන්තයේ නියැලී සිටින්නන් සහ කාන්තා ව්‍යවසායිකාවන් යනාදී වශයෙන් දිරියෙන් නැගීසිටින්නට වෙරදරන ශ්‍රී ලාංකිකයන් රැසක් සවිබල ගන්වා ඇත.