May 4, 2024
සියපත ෆිනෑන්ස් පීඑල්සී 2024 කාන්තා දිනය අභිමානවත් ලෙස සමරයි
පුවත්

සියපත ෆිනෑන්ස් පීඑල්සී 2024 කාන්තා දිනය අභිමානවත් ලෙස සමරයි

Apr 1, 2024

“ඇය සවිබල ගැන්වීම දැය සවිබල ගැන්වීමයි” තේමාව පෙරදැරිකොට ගනිමින් ශ්‍රී ලාංකේය දිරිය කාන්තාවන් සවිබල ගැන්වීම තම තිරසාර මූල්‍ය ප්‍රතිපත්තියේ එක් ප්‍රමුඛ අරමුණක් කරගත් සියපත ෆිනෑන්ස් පීඑල්සී 2024 මාර්තු 8 වැනි දිනට යෙදී තිබූ ජාත්‍යන්තර කාන්තා දිනය අභිමානවත් ලෙස සමරන්නට යෙදිණ. ඒ අනුව සියපත ෆිනෑන්ස් පීඑල්සී ප්‍රධාන කාර්යාලයේ සේවය කරනු ලබන කාන්තාවන්ගේ නායකත්ව හැකියාව වැඩිදියුණු කිරීමෙහිලා ආයතනික මානව සම්පත් කළමනාකරණ අංශය විසින් පුද්ගල හැකියා ප්‍රවර්ධන උපදේශිකා ඉරුෂි අලුවිහාරේ මහත්මිය සමග එක්ව ”Rise, Shine, and Thrive” යන මැයෙන් ප්‍රායෝගික පුහුණු වැඩසටහනක් සංවිධානය කරන ලදී.

සියපත ෆිනෑන්ස් පීඑල්සී හි ඉහළ කළමනාකාරීත්වය, කළමනාකරණ හා කාර්යාලීය කාර්ය මණ්ඩලය මෙන්ම මෙහෙයුම් සේවාවන්ගේ නියැලි කාර්ය මණ්ඩලය ඇතුළුව සමස්ථ ආයතනික කාර්ය මණ්ඩලයේ කාන්තා නියෝජනය 40% ක් වන්නේ ස්ත්‍රී පුරුෂ භාවය නොසලකා හුදෙක් දක්ෂතාවය මත සුදුස්සාට සුදුසු තැන ලබාදෙමින් ක්‍රියාත්මක වන ආයතනික සංස්කෘතිය නිසාවෙනි.

සියපත ෆිනෑන්ස් පීඑල්සී සමග ශක්තිමත් වූ ගනුදෙනුකාරභවතුන් අතර 23%ක ප්‍රතිශතයක කාන්තා නියෝජනයක් දැකගත හැකිය. ශ්‍රී ලාංකීය ආර්ථිකය ශක්තිමත් කරන කාන්තා ව්‍යවසායකත්වය සවිබල ගැන්වීමෙහිලා සියපත ෆිනෑන්ස් සතු නව්‍යකරණයෙන් පිරිපුන් මූල්‍ය සේවා එදාමෙදාතුර දායකව ඇත.

2005 වසරේ ඇරඹූ සියපත ෆිනෑන්ස් පීඑල්සී ගතවූ වසර 18 ක කාලය ඇතුලත ශ්‍රී ලංකාව පුරා විසිරී පැතිරී සිටින කාන්තා ව්‍යවසායිකාවන් රැසකගේ ජීවන තත්ත්වය උසස් කර සවිබල ගැන්වීමෙහිලා විවිධ නිර්මාණශීලී ව්‍යාපෘති රැසක් දියත් කොට ඇති අතර මෙවර කාන්තා දිනය හා සමගාමීව “සියපත ෆිනෑන්ස් ලියක මහිම” යන තේමාව යටතේ නොසැලී, ධෛර්ය සම්පන්නව, අධිෂ්ඨානශීලී ලෙස විවිධ ක්ෂේත්‍ර රැසක ව්‍යාපාර, වෘත්තීන් හා ජීවනෝපායන්හි යෙදී සිටින කාන්තාවන් රැසක් හඳුන්වාදීමට නියමිතය. එමෙන්ම මූල්‍ය සාක්ෂරතාවය ලබාදෙමින් ශ්‍රී ලාංකීය කාන්තා ව්‍යවසායකත්වය වැඩිදියුණු කිරීමෙහිලා දීප ව්‍යාප්ත පුහුණු හා අධ්‍යාපනික වැඩසටහන් මාලාවක් මේ වසර පුරා දියත් කිරීමට ද සියපත ෆිනෑන්ස් සූදානම්ව සිටියි.

සම්පත් බැංකු සමූහයට පූර්ණ අනුබද්ධිත මූල්‍ය සමාගම වන සියපත ෆිනෑන්ස් පීඑල්සී නව්‍යකරණයෙන් පිරිපුන් මූල්‍ය සේවා සම්පාදනය කිරීමෙහිලා කීර්තිමත් ප්‍රමුඛ පෙළ ශ්‍රී ලාංකීය මූල්‍ය සමාගමකි. පළපුරුදු විශේෂඥ කාර්යය මණ්ඩලයක් සමග දීප ව්‍යාප්ත ශාඛා ජාලයක් හරහා විශ්වාසනීය හෘද්‍යාංගම පාරිභෝගික සේවාවක් සපයමින් සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරිකයින්, කෘෂිකර්මාන්තයේ නියැලි ගොවීන්, වගාකරුවන් මෙන්ම කෘෂිකර්මාන්තය හා සබැඳි ව්‍යවසායකයන් සහ ධීවර කර්මාන්තයේ නියැලී සිටින්නන් ද යනාදී වශයෙන් දිරියෙන් නැගීසිටින්නට වෙරදරන ශ්‍රී ලාංකිකයන් රැසක් සවිබල ගන්වා ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *