July 27, 2024
‘Signature අලෙවි නියෝජිත හමුව 2023’
පුවත්

‘Signature අලෙවි නියෝජිත හමුව 2023’

Dec 4, 2023

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම පිරිමි ඇඳුම් නිෂ්පාදන සන්නාමයක් වන Signature, ඔවුන්ගේ Signature අලෙවි නියෝජිත හමුව 2023’ අති සාර්ථක අන්දමින් ගෝල්ෆේස් හෝටලයේ දී පැවැත්වීය. එහිදී රටපුරා විසිරි සිටින අලෙවි නියෝජිතයන් Signature සමග පැවැත්වූ ශක්තිමත් ව්‍යාපාරික බැඳීම ගෞරවයෙන් අගය කිරීමට ලක්විය. මෙම උත්කර්ෂවත් උළෙලේ දී ලංකාවේ ප්‍රථම තොග අලෙවි app එක සහ සුවිශේෂී නව Signature විලාසිතා රැසක් හඳුන්වාදීම ද සිදු වූ අතර සන්නාමය විශ්වාස කරමින් ඉහළ අලෙවිකරණ දායකත්වයක් ලබාදුන් සුවිශේෂී අලෙවිකරුවන් සම්මානයට පාත්‍රවිය.

මෙම අති උත්කර්ෂවත් උළෙලේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස Dreamron සමූහ ආයතනයේ කළමනාකාර අධ්‍යක්ෂ/ප්‍රධාන විධායක නිලධාරී ආචාර්ය කිෂෝ ගෝමස් මහතා සහභාගී විය. හමීඩියා සමූහයේ කළමනාකාර අධ්‍යක්ෂ ෆවුසුල් හමීඩ් මහතා, හමීඩියා සමූහයේ නියෝජ්‍ය කළමනාකාර අධ්‍යක්ෂ හුසේයින් සිද්ධික් මහතා සමග Signature සහ Hameedia කාර්ය මණ්ඩලය උළෙල අති උත්කර්ෂවත් අන්දමින් සංවිධානය කිරීමට පෙරමුණ ගත්තේය. Signature සමග නොබිදෙන සහසම්බන්ධතාවයක් පවත්වා ගත් සහ ඉහළ අලෙවිකරණ වාර්තා පෙන්නුම් කළ රටපුරා විසිරී සිටින අලෙවි නියෝජිතයන් 300ක් අතරින් 90 දෙනෙකු මෙම අවස්ථාවට සහභාගී වූ අතර ඒ අතරින් ඉහළ අලෙවිකරණ හැකියාවන් පෙන්වූ අලෙවිකරුවන් 25 දෙනෙකුට සම්මාන ප්‍රදානය එදින සිදුවිය.


කෑගල්ලේ New Sriyani Dress Point ආයතනය, කිරිබත්ගොඩ Thilakawardhana Textiles පෞද්ගලික සමාගම, කඩවත Kandy ආයතනය, ගාල්ලේ Hemara Rich Look ආයතනය සහ පිළියන්දල Prasad Textiles ආයතන මේ අතරින් ඉහළ අලෙවිකරණ හැකියාවන් පෙන්නුම් කරමින් ගෞරව සම්මානයට ලක්විය.

මෙම අවස්ථාව පිළිබඳව සිය අදහස් දැක්වූ Signature ආයතනයේ අධ්‍යක්ෂ අම්ජාඩ් හමීඩ් මහතා,“ Signature අලෙවි නියෝජිත හමුව 2023’ අප මෙතෙක් පැමිණි ගමනේ සුවිශේෂී සන්ධිස්ථානයක් සටහන් කිරීමට සමත් වී තිබෙනවා. ඒවගේම අපේ ගමන ආරම්භයේ පටන් එය සාර්ථක කරගැනීමට අප්‍රතිහත සහයෝගයක් ලබාදුන් සහ ඉතාම දිගු කාලයක් අපව විශ්වාස කරමින් අප සමග සිටි අපේ අලෙවිකරණ සහකරුවන්ට මගේ ගෞරවාදරය පිරිනැමීමට මෙය අවස්ථාවක් කරගන්නවා. සන්නාමයක් ලෙස අපේ සාර්ථකත්වය ලබාගැනීමට ඔවුන්ගෙන් ලැබුණු සහයෝගය සහ කැපවීම අතිශයින්ම වැදගත්. අපේ අලෙවිකරණ නියෝජිතයන්ගේ සාර්ථකත්වය සැමරීමට සහ ලංකාවේ ප්‍රථම තොග අලෙවි app එක මේ මොහොතේම හඳුන්වාදීමට ලැබීම අපට ඉමහත් ගෞරවයක්. පාරිභෝගික අවශ්‍යතා මනාව සංතෘප්ත කිරීමට සහ ඩිජිටල් නව්‍යකරණය සමග ව්‍යාපාර පවත්වාගෙන යාමට අපේ තිබෙන කැපවීම පිළිඹිබු කරන අවස්ථාවක් ලෙස මේ සුවිශේෂී මොහොත මම හඳුන්වාදෙන්න කැමතියි.”

1990 වසරේ දී හඳුන්වාදුන් Signature සාමාන්‍ය ඇඳුම් (casual wear) සහ කාර්යාල ඇඳුම් (formal wear) කාණ්ඩ තුළ අගය එකතු කිරීමෙන් සහ විලාසිතා හඳුන්වාදීමෙන් ලංකාවේ අසමසම සන්නාමයක් ලෙස ඉදිරියට පැමිණ විලාසිතාවලට කැමති ශ්‍රී ලාංකික පිරිමි පාර්ශවය අතර ඉහළ පිළිගැනීමක් අත්පත් කරගෙන තිබේ. මෙම සන්නාමය තුළින් formal, ceremonial, smart casual, casual, linen, party wear, suits, shirts, blazers සහ trousers එකතුවක් පාරිභෝගිකයන්ට හඳුන්වාදී ඇත. එසේම පිරිමි පාර්ශවයේ විලාසිතාවන්ගේ වටිනාකම තවත් ඉහළ නැංවීමට විශාල පරාසයක පැතුරුම් සම් පාවහන් නිෂ්පාදන සහ පිරිමි පැළඳුම් ආයිතම ගණනාවක් හඳුන්වාදීමට Signature මූලිකත්වය ගෙන ඇති අතර සෑම ඇඳුමක්ම පැළඳුමක්ම නිවැරදි විලාසිතා ආකෘතියකින් මනා පරිපූර්ණත්වයට පත් කිරීමට ඉවහල් වී ඇත.


සෑම මිනුමක්ම ඉහළ නිරවද්‍යතාවයක පවත්වා ගනිමින් වඩාත් උසස් විලාසිතාවේ නිපැයුම් හරහා සියලු දෙනාගේ අභිමානය ඉහළ නැංවීමට Signature දිර්ඝ කාලයක් කැපවීමෙන් කටයුතු කළ අතර ලංකාවේ පිරිමි පාර්ශවය අතර ඉහළම නමක් දිනාගත් සන්නාමය බවට පත්වීමට නොනවතින කැපවීම ඉවහල් විය. රටපුරා විසිරි ඇති සුවිශේෂී ශාඛා ජාලය සහ රටේ ඕනෑම තැනකට ගෙනැවිත් භාරදීමේ පහසුකම් සහිත https://signature.lk ඔන්ලයින් අලෙවි ඩිජිටල් අවකාශ්‍ය හරහා නියම පිරිමි විලාසිතාවන් සොයන, අභිමානයෙන් ඉදිරියට යන ශ්‍රි ලාංකික පිරිමින් අපේක්ෂා කරන සන්නාමය බවට පත්වීමට Signature සමත්වී තිබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *