April 21, 2025
සෙලාන් ටිකිරි සහ ශාන්ත තෝමස් කනිටු විදුහල එක්ව සිසුන් වෙනුවෙන් චිත්‍ර තරගයක්
පුවත්

සෙලාන් ටිකිරි සහ ශාන්ත තෝමස් කනිටු විදුහල එක්ව සිසුන් වෙනුවෙන් චිත්‍ර තරගයක්

Sep 19, 2023

සුහද හදක් ඇති දේශීය බැංකුව, සෙලාන් බැංකුවේ ළමා ඉතුරුම් සන්නාමය වන ‘සෙලාන් ටිකිරි’, කොල්ලුපිටිය ශාන්ත තෝමස් කනිටු විදුහල සමග එක් වී එම විදුහලේ දරුවන් වෙනුවෙන් “The Tikiri Artist” නමින් විශේෂ චිත්‍ර තරගයක් සංවිධානය කළේ ය. තමන් වැඩිහිටියන් බවට පත් වූ පසුව කවුරුන් වීමට බලාපොරොත්තු වන්නේද යන්න, චිත්‍ර මාධ්‍යය ඔස්සේ නිර්මාණශීලී ලෙස ඉදිරිපත් කිරීමට දරුවන්ට මෙහිදී අවස්ථාව ලැබිණි.

සෙලාන් බැංකුවේ සහකාර සාමාන්‍යාධිකාරී (අලෙවි) ගමික ද සිල්වා මහතා සහ ශාන්ත තෝමස් කනිටු විදුහලේ විදුහල්පති නිහාල් ප්‍රනාන්දු පියතුමන් ප්‍රමුඛව, එම විදුහලේ ප්‍රාථමික අංශයේ සිසුන්, ගුරුවරුන්, දෙමාපියන් සහ සෙලාන් බැංකුවේ මිලේනියම් ශාඛාවේ කාර්ය මණ්ඩලය මෙම අවස්ථාවට සහභාගී වූහ. තරගය අවසානයේ දරුවන් විසින් අඳින ලද චිත්‍ර ඇතුළත් ප්‍රදර්ශනයක් පවත්වන ලද අතර, ජයග්‍රාහකයන්ට වටිනා තෑගි හා සහතිකපත් පිරිනමන ලදි.

තම ඉතිරි කිරීමේ ගිණුම් සහ එමගින් පිරිනමන තෑගි ඔස්සේ දරුවන් තුළ ඉතිරි කිරීම පිළිබඳ උනන්දුව ඇතිකරවීමට මෙන්ම ඔවුන්ගේ නිර්මාණශීලීත්වය අවදි කිරීමට සෙලාන් ටිකිරි සෑම විටම උත්සාහ කරයි. මෙම චිත්‍ර තරගය එම උත්සාහයේ තවත් එක් පියවරකි.

1 Comment

  • I just could not leave your website before suggesting that I actually enjoyed the standard info a person supply for your visitors? Is gonna be again ceaselessly to inspect new posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Close