July 26, 2024
සෙලාන් ක්‍රෙඩිට් කාඩ්පත් සහ යූනියන් ඇෂුවරන්ස් සමාගම එක් වී ජීවිත රක්ෂණ සඳහා පහසු ගෙවීමේ ක්‍රම හඳුන්වාදෙයි
පුවත්

සෙලාන් ක්‍රෙඩිට් කාඩ්පත් සහ යූනියන් ඇෂුවරන්ස් සමාගම එක් වී ජීවිත රක්ෂණ සඳහා පහසු ගෙවීමේ ක්‍රම හඳුන්වාදෙයි

Oct 20, 2023

සෙලාන් ක්‍රෙඩිට් කාඩ්පත් සහ යූනියන් ඇෂුවරන්ස් සමාගම එක් වී, සිය ගනුදෙනුකරුවන් ජීවිත රක්ෂණ වෙනුවෙන් සිදුකරන ගෙවීම් සඳහා පහසු ගෙවීමේ ක්‍රම හඳුන්වා දී ඇත. මෙය එම ගනුදෙනුකරුවන්ට ආර්ථික වශයෙන් ඉමහත් සහනයක් වනු නිසැක ය.

මේ යටතේ සෙලාන් බැංකුවේ ක්‍රෙඩිට් කාඩ්පත් හිමියන්ට යූනියන් ඇෂුවරන්ස් සමාගමේ ජීවිත රක්ෂණ වාරික සඳහා මාස 12 ක් දක්වා පොලී රහිත පහසු ගෙවීමේ ක්‍රම හිමි වේ. යූනියන් ඇෂුවරන්ස් සමාගම මේ වනවිට ජනතාවගේ සෞඛ්‍ය, ආයෝජන, අධ්‍යාපන සහ රැකවරණ අවශ්‍යතා සඳහා මෙන්ම විශ්‍රාම ජීවිතය සඳහා ජීවිත රක්ෂණ සැලසුම් රාශියක් හඳුන්වා දී ඇත.

“අපගේ ක්‍රෙඩිට් කාඩ්පත් හිමියන් වෙනුවෙන් මෙවැනි පහසු ගෙවීමේ ක්‍රම හඳුන්වා දීම සඳහා මේ ආකාරයට යූනියන් ඇෂුවරන්ස් සමග අත්වැල් බැඳගැනීමට හැකි වීම අපට මහත් සතුටක්. මෙමගින් අපගේ ගනුදෙනුකරුවන්ට වඩාත් පහසුවෙන් ජීවිත රක්ෂණ මිලදී ගැනීමටත් ඒවා කළමනාකරණ කරගැනීමටත් හැකියාව ලැබෙනවා.” සෙලාන් බැංකුවේ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී (පාරිභෝගික බැංකුකරණ) ඉයුජීන් සෙනෙවිරත්න මහතා පැවසී ය.  

“සෙලාන් බැංකුවේ ක්‍රෙඩිට් කාඩ්පත් හිමියන් වෙනුවෙන් පහසු ගෙවීමේ ක්‍රම හඳුන්වා දීමට හැකි වීම අපට විශාල සතුටක්. මේ කාලයේ හැම දෙනාටම පාහේ විවිධාකාර අභියෝගවලට මුහුණ දීමට සිදු වී ඇති බව අප දන්නවා. මෙම හවුල්කාරීත්වය හරහා අප උත්සහ කරන්නේ, මෙරට පුද්ගලයන්ටත් පවුල්වලටත් අනවශ්‍ය ආතතියකින් තොරව තම අනාගතය මූල්‍යමය වශයෙන් සුරක්ෂිත කරගැනීම සඳහා සහනදායී හා ප්‍රායෝගික විසඳුමක් ලබාදීමටයි. සෑම විටම ජනතාවගේ යහපත වෙනුවෙන් කටයුතු කළ යුතු බව අප විශ්වාස කරන අතර, මෙම හවුල්කාරීත්වය, රටේ සියලුම දෙනාගේ මූල්‍යමය යහපැවැත්ම සහතික කිරීම සඳහා අප දක්වන කැපවීම තවදුරටත් තහවුරු කරනවා.” යූනියන් ඇෂුවරන්ස් සමාගමේ ප්‍රධාන අලෙවි නිලධාරී මහේන් ගුණරත්න මහතා පැවසී ය.

මෙම පහසු ගෙවීමේ ක්‍රම ලබාගැනීම සඳහා සෙලාන් කාඩ්පත් හිමියන් කළ යුතු වන්නේ, අදාළ ගෙවීම සිදුකර දින 7 ක් ඇතුළත 011-2008888 ක්ෂණික ඇමතුම් අංකය ඔස්සේ සෙලාන් බැංකුවේ පාරිභෝගික සේවාවට ඒ බව දැනුම් දීම පමණි. මේ සඳහා අවම සීමාව රු, 10,000 ක් වන අතර, උපරිම සීමාව රු. මිලියනයකි.

මෙම දීමනාව 2023 දෙසැම්බර් 31 දක්වා වලංගු වන අතර, මේ පිළිබඳ වැඩිදුර තොරතුරු 011-2008888 අංකයෙන් සෙලාන් බැංකුවේ පාරිභෝගික සේවාව ඇමතීම මගින් ලබාගත හැකි වේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *