January 13, 2025
සෙලාන් බැංකුව රජය සමග එක් වී සුළු හා මධ්‍යම පරිමාණ ව්‍යාපාර යළි බලගන්වන ණය යෝජනා ක්‍රමයක් හඳුන්වාදෙයි  
පුවත්

සෙලාන් බැංකුව රජය සමග එක් වී සුළු හා මධ්‍යම පරිමාණ ව්‍යාපාර යළි බලගන්වන ණය යෝජනා ක්‍රමයක් හඳුන්වාදෙයි  

Jul 22, 2024

සුහද හදක් ඇති දේශීය බැංකුව, සෙලාන් බැංකුව, ශ්‍රී ලංකා රජය සමග එක් වී මෙරට ක්ෂුද්‍ර, සුළු හා මධ්‍යම පරිමාණ ව්‍යාපාර යළි බලගැන්වීම සඳහා නව ණය යෝජනා ක්‍රමයක් හඳුන්වා දීමට පියවර ගෙන තිබේ.

ශ්‍රී ලංකා රජය මගින් අරමුදල් සපයනු ලබන මෙම ණය යෝජනා ක්‍රමයේ අරමුණ වන්නේ, මෙම කාණ්ඩයේ ව්‍යාපාරවල දියුණුව සඳහා සවිමත් අත්වැලක් සැපයීම ය. ඉදිරියේදී ශ්‍රී ලංකාවේ ආර්ථික තත්ත්වය වඩාත් යහපත් අතට හැරෙනු ඇතැයි අපේක්ෂා කෙරෙන අතර, එම හිතකර තත්ත්වයන්ගෙන් උපරිම ප්‍රයෝජන ගැනීම සඳහා මෙම ණය යෝජනා ක්‍රමය එම ව්‍යාපාරවලට සුවිශාල පිටිවහලක් වනු ඇත. නිෂ්පාදන, සංචාරක සේවා, ඉදිකිරීම්, ඇඟලුම් සහ කෘෂි නිෂ්පාදන යනාදී ක්ෂේත්‍රවල ව්‍යාපාරවලට මෙන්ම අපනයනය මූලික කරගත් ව්‍යාපාරවලට සෙලාන් බැංකුව හරහා මෙම ණය පහසුකම සඳහා අයදුම් කළ හැකි වේ.

යන්ත්‍රෝපකරණ (සූර්ය බලශක්ති ජනන පද්ධති) මිලදීගැනීම සහ ව්‍යාපාර කටයුතු පුළුල් කිරීම/ ඵලදායීතාව ඉහළ නැංවීම සඳහා ගෘහභාණ්ඩ මිලදී ගැනීම වැනි විශේෂ අරමුණු සඳහා මෙම ණය මුදල් භාවිතා කළ හැක. ඊට අමතරව නව සහ දියුණු තාක්ෂණයන් භාවිතයට ගැනීම, නව ඉදිකිරීම් සිදුකිරීම සහ දැනට පවතින ව්‍යාපාර ගොඩනැගිලි අලුත්වැඩියා කිරීම ආදිය සඳහාද මෙම මුදල් භාවිතා කළ හැකි වේ.

මෙම කාණ්ඩයේ ව්‍යාපාර මුහුණ දෙන විශේෂ අභියෝග සැලකිල්ලට ගනිමින් සැලසුම් කර ඇති මෙම ණය යෝජනා ක්‍රමය යටතේ ලබාගත හැකි උපරිම ණය මුදල රු. මිලියන 15 කි. ඒ සඳහා 7% ක ආකර්ෂණීය පොලියක් සමගින් ආපසු ගෙවීම සඳහා උපරිම වශයෙන් වසර 10 ක කාලයක් හිමි වේ.

මෙරට ව්‍යාපාරික ප්‍රජාවට අත්වැලක් වෙමින් රටේ ආර්ථික සංවර්ධනයට උරදීම සඳහා සෙලාන් බැංකුව සෑම විටම උත්සාහ දරයි. මෙම ණය යෝජනා ක්‍රමයට දායක වීම එම උත්සාහයේ නවතම පියවර ලෙස හැඳින්විය හැකි වේ. මෙය මෙරට ක්ෂුද්‍ර, සුළු හා මධ්‍යම පරිමාණ ව්‍යාපාරවලට දැවැන්ත ප්‍රගතියක් අත්පත් කරමින් රටේ ආර්ථික පුනර්ජීවනයට දායක වීමට ලැබෙන ස්වර්ණමය අවස්ථාවක් වනු නො-අනුමාන ය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Close