February 14, 2026
සෙලාන් බැංකුව Dragons of Asia 2023 සම්මාන උළෙලේ දී Best in Country සම්මානය ඇතුළු සම්මාන තුනක් දිනාගනී
පුවත්

සෙලාන් බැංකුව Dragons of Asia 2023 සම්මාන උළෙලේ දී Best in Country සම්මානය ඇතුළු සම්මාන තුනක් දිනාගනී

Dec 30, 2023

සුහද හදක් ඇති දේශීය බැංකුව, සෙලාන් බැංකුව, පසුගියදා පැවති Dragons of Asia 2023 සම්මාන උළෙලේදී සම්මාන තුනකින් පිදුම් ලැබීමට සමත් විය. මෙහිදී මෙරට ජාතික දිනය වෙනුවෙන් සෙලාන් බැංකුව ක්‍රියාත්මක කළ ප්‍රවර්ධන වැඩසටහනට ශ්‍රී ලංකාවේ විශිෂ්ටතම වැඩසටහනට හිමි වන Blue Dragon සම්මානය සහ අඩු වියදමකින් සිදුකළ විශිෂ්ටතම ප්‍රචාරණ වැඩසටහනට හිමි Gold Dragon සම්මානය හිමි වූ අතර, සුප්‍රකට ‘ඇල්බට් අංකල්’ ප්‍රචාරණ වැඩසටහනේ නවතම අදියර වෙනුවෙන් ලෝකඩ සම්මානයක් හිමි විය.

එකමුතු බව, විශ්වාසය සහ නවෝත්පාදන චින්තනය දිරිගැන්වීම සඳහා සෙලාන් බැංකුවේ ප්‍රචාරණ වැඩසටහන්වලින් සිදු වූ මෙහෙවර මෙලෙස Dragons of Asia සම්මාන උළෙලේදී ඇගයීමට ලක් විය. උදාහරණයක් ලෙස, 75 වන නිදහස් දිනය වෙනුවෙන් සෙලාන් බැංකුව ක්‍රියාවට නංවන ලද ප්‍රවර්ධන වැඩසටහනේදී, සිංහල හා දෙමළ භාෂා දෙකෙන්ම ජාතික ගීය ගායනා කිරීම දිරිගන්වන ලදි. දරු දැරියන් පිරිසක් සිංහල හා දෙමළ භාෂා දෙකෙන්ම ජාතික ගීය ගයන වීඩියෝ දෙකක් මෙම වැඩසටනනට ඇතුළත් විය. මෙහි විශේෂත්වය වූයේ, නරඹන්නන් නොදැන සිටියද, සිංහලෙන් ජාතික ගීය ගායනා කළ දරුවන් සැබැවින්ම දෙමළ භාෂාව කථාකරන දරුවන් පිරිසක් වීම සහ, දෙමළෙන් ජාතික ගීය ගායන කළ දරුවන් සැබැවින්ම සිංහල කථාකරන දරුවන් පිරිසක් වීම ය. භාෂාව යනු මිනිසුන් බෙදා වෙන්කරන සාධකයක් නොවිය යුතු ය යන්න මෙම වැඩසටහනේ මූලික පණිවිඩය විය. මේ ඔස්සේ, ජාතික භාෂා දෙකෙන්ම ජාතික ගීය ගැයීම සම්බන්ධ සංවේදී ගැටලුව, එකමුතු බව සඳහා ආයාචනයක් බවට පරිවර්තනය කරන ලදී. මෙම අරමුණ අතිශයින් සාර්ථක වූ බවට මෙම සම්මානය සාක්ෂි දරයි. ීී

Western Union මුදල් හුවමාරු සේවාව සඳහා ‘ඇල්බට් අංකල්’ චරිතය සෙලාන් බැංකුව මුලින්ම භාවිතා කළේ මීට වසර 20 කට පමණ පෙර ය. එහි ජනප්‍රියත්වය හේතුවෙන් නවතම දැන්වීම් මාලාවක් සඳහා මෙම චරිතය නැවත භාවිතා කරන ලදි. වගකීම්සහගත පුරවැසියන් බවට පත්වෙමින්, විධිමත් නාලිකාවක් වන Western Union සේවාව හරහා මෙරටට මුදල් එවීම මගින් ලැබෙන වාසි සහ, එසේ මුදල් එවන පුද්ගලයන්ට ඇල්බට් අංකල් වෙතින් ලැබෙන ඩිජිටල් තෑගි පිළිබඳව පණිවිඩය ජනතාව වෙත සන්නිවේදනය කිරීම මෙහි අරමුණ විය. පරම්පරා කිහිපයක් අතර සම්බන්ධතාව තරකරමින්, වර්තමානයේ ප්‍රේෂණ සම්බන්ධයෙන් පවතින සංකීර්ණ ගැටලුවලට ඇති සරල විසඳුම් මොනවාද යන්න පෙන්වා දීමට මෙමගින් උත්සාහ දරන ලදි. එමෙන්ම ජාතික අවශ්‍යතාවක් සපුරාලමින් නිල ක්‍රමවේදයන් ඔස්සේ මෙරටට මුදල් එවීමේ වැදගත්කමද මෙහිදී අවධාරණය කෙරිණි. ඩිජිටල් යුගයේ පුරෝගාමී සහ අනාගත-හිතකාමී සන්නාමයක් ලෙස සෙලාන් නාමය ස්ථානගත කිරීමට මෙම ප්‍රවර්ධන වැඩසටහනද මහෝපකාරී විය.

“මැලේසියාවේදී පැවති Dragons of Asia Awards 2023 සම්මාන උළෙලේදී අපගේ ප්‍රචාරණ හා ප්‍රවර්ධන වැඩසටහන් මෙලෙස ඇගයීමට ලක්වීම සතුටට කරුණක්. එය විශේෂ අරමුණු මුල්කරගත් අලෙවිකරණ වැඩසටහන් ඔස්සේ අන්තර්කරණය වූ හා සවිබලගැන්වුණු සමාජයක් නිර්මාණය කිරීමට අප ගන්නා උත්සාහය අගය කිරීමක් ලෙස හැඳින්විය හැකියි. එමෙන්ම එය ජනතාවගේ අවශ්‍යතා සපුරාලීම සඳහා මානව-කේන්ද්‍රීය විසඳුම් හඳුන්වා දීමට සෙලාන් බැංකුව දරන උත්සාහයට ලැබුණු ඇගයීමක් ලෙසත් හැඳින්වීමට පුළුවන්. ඉදිරියටත් මූල්‍ය සේවාවන් සරල කරමින් දියුණුව බලගන්වන මෙවැනි වැඩසටහන් ක්‍රියාවට නැංවීම අපගේ අරමුණයි.” සෙලාන් බැංකුවේ සහකාර සාමාන්‍යාධිකාරී (අලෙවි හා විකුණුම්) ආසිරි අභයරත්න මහතා පැවසී ය.

Shift Integrated, Loops Integrated, Third Shift Media සහ Ogilvy Public Relations වැනි ආයතන සමග සෙලාන් බැංකුව පවත්වාගෙන යන සමීප සම්බන්ධතාව, මෙම ප්‍රචාරණ වැඩසටහන් සාර්ථක කරගැනීමට මහෝපකාරී වී තිබේ. එය Dragons of Asia සම්මාන උළෙලේදී සෙලාන් බැංකුව පෙන්නුම් කළ සාර්ථකත්වයට තුඩුදුන් ප්‍රධානතම සාධකයක් විය.

වසර 35 කට අධික උරුමයක් සහිත සෙලාන් බැංකුව, මූල්‍ය සේවාවන් සරල කරමින්, මූල්‍ය සාක්ෂරතාව ප්‍රවර්ධනය කරමින්, සමස්ත සමාජයටම යහපත සලසන නවීන තාක්ෂණය හඳුන්වා දීමේ මෙහෙවර තුළ පුරෝගාමී කාර්යභාරයක් ඉටුකරමින් සිටී. සියලුම ප්‍රජාවන්ට යහපත සලසන මානව-කේන්ද්‍රීය හා ඉදිරිගාමී විසඳුම් හඳුන්වා දීම සඳහා සෙලාන් බැංකුව දරන උත්සාහයේ සාර්ථකත්වය, මෙම ප්‍රවර්ධන වැඩසටහන් මෙලෙස ඇගයීමට ලක්වීම මගින් නැවතත් තහවුරු වී තිබේ.

9 Comments

  • Your article helped me a lot, is there any more related content? Thanks!

  • Just here to dive into discussions, exchange ideas, and gain fresh perspectives as I go.
    I enjoy learning from different perspectives and contributing whenever I can. Always open to fresh thoughts and building connections.
    Here’s my site:https://automisto24.com.ua/

  • Blog được xây dựng với mục tiêu chia sẻ thông tin hữu ích, cập nhật kiến thức đa dạng và mang đến góc nhìn khách quan cho bạn đọc. Nội dung tập trung vào việc tổng hợp, phân tích và truyền tải một cách minh bạch – dễ hiểu, giúp bạn tiếp cận nguồn thông tin chất lượng trong nhiều lĩnh vực.

  • Blog được xây dựng với mục tiêu chia sẻ thông tin hữu ích, cập nhật kiến thức đa dạng và mang đến góc nhìn khách quan cho bạn đọc. Nội dung tập trung vào việc tổng hợp, phân tích và truyền tải một cách minh bạch – dễ hiểu, giúp bạn tiếp cận nguồn thông tin chất lượng trong nhiều lĩnh vực.

  • It became obvious to me that Mafia Casino promotions online digital casino platforms have improved a lot in usability. Back then everything felt not optimized, but now pages run smoothly, the visuals look fresh, and navigation is comfortable. It feels more like entertainment than just spinning reels.

  • Mir ist aufgefallen dass Biggg Spiele spielen Spielplattformen sich stark modernisiert haben. Früher war alles veraltet, doch heute laden Seiten schnell, Designs sehen klarer aus und die Bedienung ist einfach. Es fühlt sich wie ein Erlebnis an, nicht nur wie Reel-Spins.

  • Mir ist aufgefallen dass http://verde-casino.ch/ Spielplattformen sich stark weiterentwickelt haben. Früher war alles nicht optimiert, doch heute reagiert die Oberfläche sofort, Designs sehen ansprechender aus und die Bedienung ist einfach. Es fühlt sich wie eine digitale Unterhaltung an, nicht nur wie Reel-Spins.

  • This casino https://jobstest.test1248.com/2025/10/15/online-casino-gamble-eine-przise-analyse-des-3/ offers a solid mix of popular slots and live dealer games. The platform feels well-designed, promotions are attractive, and support is helpful, which adds confidence.

  • I recently tried this casino https://modastiley.mdc.org.co/juegos-de-casino-gratis-entretenimiento-de-casino-43/ and was surprised by how smooth everything felt. The games run fast, bonuses are transparent, and navigation is user-friendly, making the experience comfortable.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Close