December 23, 2024
පාසල් දරුවන් දැනුමෙන් සවිබලගැන්වීමට 240 වැනි ‘සෙලාන් පැහැසර’ පාසල් පුස්තකාලය විවෘත කරයි
පුවත්

පාසල් දරුවන් දැනුමෙන් සවිබලගැන්වීමට 240 වැනි ‘සෙලාන් පැහැසර’ පාසල් පුස්තකාලය විවෘත කරයි

Aug 12, 2024

සුහද හදක් ඇති දේශීය බැංකුව, සෙලාන් බැංකුව, මෙරට දරු පරපුර ඉගෙනුමට හා පොතපත කියවීමට නැඹුරු කිරීමේ මෙහෙවර තවදුරටත් ඉදිරියට ගෙනයමින්, 240 වැනි ‘සෙලාන් පැහැසර’ පුස්තකාලය පසුගියදා කොටඹපිටිය මුස්ලිම් මධ්‍ය මහා විද්‍යාලයේදී  විවෘත කළේ ය. ප්‍රමාණවත් පහසුකම් නොමැති පාසල් තෝරාගෙන, 2026 වසර වනවිට පුස්තකාල 300 ක් ස්ථාපිත කිරීම ‘සෙලාන් පැහැසර’ ව්‍යාපෘතියේ මූලික අරමුණ වී තිබේ.

මෙම ව්‍යාපෘතිය යටතේ අවශ්‍ය පහසුකම් ලබාදීමට සුදුසු පාසලක් ලෙස කොටඹපිටිය මුස්ලිම් මධ්‍ය මහා විද්‍යාලය හඳුනා ගනු ලැබීමෙන් අනතුරුව, සෙලාන් බැංකුව විසින් එම පාසලේ පුස්තකාලයට පොත්පත් මෙන්ම පරිගණක දෙකක්, බහුමාධ්‍ය ප්‍රක්ෂේපණ යන්ත්‍රයක් සහ පුළුල් තිරයක් ඇතුළු තාක්ෂණික පහසුකම්ද ලබාදෙන ලදී. එමෙන්ම පුස්තකාලයේ ගෘහභාණ්ඩ මෙන්ම එහි වහලය සහ පොළොව ඇතුළු යටිතල පහසුකම්ද වැඩිදියුණු කිරීමට සෙලාන් බැංකුව කටයුතු කළේ ය. මෙම වැඩිදියුණු කිරීම් හේතුවෙන් එම පුස්තකාලය පරිහරණය කිරීම සිසුන්ට වඩාත් ප්‍රසන්න අත්දැකීමක්ව පවතියි.

240 වැනි සෙලාන් පැහැසර පුස්තකාලය විවෘත කිරීමේ අවස්ථාවට කලාප අධ්‍යාපන අධ්‍යක්ෂ ජගත් චන්ද්‍රසිරි, සෙලාන් බැංකුවේ වයඹ පළාත් (Northwest Region ll) ප්‍රාදේශීය කළමනාකරු උපේන්ද්‍ර අධිකාරී, හෙට්ටිපොළ සෙලාන් බැංකු ශාඛාවේ කළමනාකරු විජේ කුමාර්, කොටඹපිටිය මුස්ලිම් මධ්‍ය මහ විද්‍යාලයේ විදුහල්පති ජේ. එම්. මිහිලාර් සහ එම විද්‍යාලයේ පුස්තකාලයාධිපතිනිය වන එම්. අයි. ශිෆ්නා යන මහත්ම මහත්මීහුද, පාසලේ ගුරුවරුන්, ශිෂ්‍ය ශිෂ්‍යාවන් සහ දෙමාපියන් නියෝජනය කරන පිරිසක්ද සහභාගී වූහ. මීට සමගාමීව, ස්වාභාවික සම්පත් ආරක්ෂා කර ගැනීමේ වැදගත්කම අවධාරණය කරමින් මෙම අවස්ථාවේදී පාසල් භූමිය තුළ පැළ කිහිපයක්ද රෝපණය කරන ලදී.  

Leave a Reply

Your email address will not be published. Required fields are marked *