February 23, 2025
සෙරන්ඩිබ් ෆ්ලා මිල්ස් සහ ප්‍රීමා පාන් පිටි මිල තව දුරටත් අඩු වේ
පුවත්

සෙරන්ඩිබ් ෆ්ලා මිල්ස් සහ ප්‍රීමා පාන් පිටි මිල තව දුරටත් අඩු වේ

Feb 17, 2025

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම පිටි නිෂ්පාදන සමාගම් දෙකක් වන සෙරන්ඩිබ් ෆ්ලා මිල්ස් සහ ප්‍රීමා, ජීවන වියදම් අඩු කිරීමේ රජයේ වැඩපිළිවෙළට සහයක් වෙමින් වෙළඳ අමාත්‍යංශය සමඟ සහයෝගීතාවකට එළඹ ඇත. ඒ අනුව, විශේෂයෙන්ම බේකරි කර්මාන්තය ඉලක්ක කරගනිමින්, පාන් හා බේකරි නිෂ්පාදනවල මිල අඩු කිරීම සඳහා  පෙබරවාරි 18 වන දින සිට ක්‍රියාත්මක වන පරිදි පාන් පිටි කිලෝග්‍රෑමයක මිල රු. 10කින් අඩු කිරීමට සමාගම් දෙකම එකඟතාව පළ කොට ඇත.

“2024 වසරේදී මූලික වශයෙන් අපි පාන් පිටි කිලෝග්‍රෑමයක මිල රුපියල් 10කින් අඩු කළා. කලින් අඩු කිරීම පාන් මිල අඩු කිරීමට හේතු නොවූවත්, ආයතන දෙකම දැන් කිලෝග්‍රෑමයකට රුපියල් 10ක අමතර අඩු කිරීමක් සඳහා පියවර ගෙන තිබෙනවා. මෙමඟින් සමස්ත මිල අඩු කිරීම කිලෝග්‍රෑමයකට රුපියල් 20 දක්වා ඉහළ ගොස් තිබෙනවා.” සෙරන්ඩිබ් ෆ්ලා මිල්ස් සමාගමේ සන්නාම සහ සමාගම් සන්නිවේදන අධ්‍යක්ෂ කාලිංග විජේසේකර මහතා පැවසීය.

“නවතම මිල අඩු කිරීම පිළිබඳ අප වෙළඳ අමාත්‍යවරයාට දැනුම් දී ඇති අතර, බේකරි සංගමය මෙම මිල අඩු කිරීමේ ප්‍රතිලාභය පාන් සහ අනෙකුත් බේකරි භාණ්ඩවල අඩු කළ මිල ගණන් හරහා සාමාන්‍ය පාරිභෝගිකයින්ට ලබා දෙනු ඇතැයි අප අවංකවම විශ්වාස කරනවා.” ඔහු තවදුරටත් පැවසීය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Close