July 27, 2024
දේශීය තේ කර්මාන්තයේ නියුතු ජනතාවට සෙරන්ඩිබ් වෙතින් අධි ශක්ති තිරිඟු පිටි
පුවත්

දේශීය තේ කර්මාන්තයේ නියුතු ජනතාවට සෙරන්ඩිබ් වෙතින් අධි ශක්ති තිරිඟු පිටි

Dec 14, 2023

ශ‍්‍රී ලාංකීය තේ කර්මාන්තයේ නියැලී සිටින ජනතාවගේ අභිවෘද්ධිය වෙනුවෙන් සෙරන්ඩිබ් ෆ්ලා මිල්ස් සහ වැවිලි මානව සංවර්ධන භාරය එකට අත්වැල් බැඳගනිමින් සෙරන්ඩිබ් අධි ශක්ති තිරිඟු පිටි පසුගියදා නුවරඑළියේ දී අති උත්කර්ෂවත් අන්දමින් හඳුන්වා දෙන ලදී.

මෙම නවතම තිරිඟු පිටි නිෂ්පාදනය හඳුන්වාදීම තුළින් සෙරන්ඩිබ් ආයතනය, වතුකර ජනතාවගේ විවිධ පෝෂණ ඌනතා සහ එ් ආශ‍්‍රිත සෞඛ්‍ය ගැටළු විසඳාලීම මෙන්ම උසස් ජීවන තත්ත්වයක් උදාකර දීමට බලාපොරොත්තු වේ.

දේශීය ආර්ථිකය නගා සිටුවන තේ කර්මාන්තය ආශ‍්‍රිත වතු ජනතාවට ඇති පෝෂණ ඌනතා සහ සෞඛ්‍ය ගැටළු හඳුනාගෙන, එ්වාට පිළියමක් ලෙස මෙම අධි ශක්ති තිරිඟු පිටි හඳුන්වාදීම සිදුකර ඇත. මෙමගින් වතු ජනතාවගේ සෞඛ්‍ය තත්ත්වය ඉහළ නංවා ඔවුන්ගේ ජීවන තත්ත්වය තවත් ඉහළට ඔසවා තැබීමට ද සෙරන්ඩිබ් ආයතනය බලාපොරොත්තු වේ.

මෙම අධි ශක්ති තිරිඟු පිටි හඳුන්වාදීමේ උත්සවය සඳහා වැවිලි මානව සංර්ධන භාරයේ සභාපති භාරත් අරුල්සාම් මහතා, අධ්‍යක්ෂ ජනරාල් එල්.ආර්. පෙරේරා මහතා, සෞඛ්‍ය අධ්‍යක්ෂ ආචාර්ය ආර්.එම්.එස්.කේ. අමුණුගම මහතා ද සහභාගි විය. එමෙන්ම සෙරන්ඩිබ් ෆ්ලා මිල්ස් හි ප‍්‍රධාන විධායක නිලධාරී විජේ ශර්මා මහතා, ප‍්‍රධාන මූල්‍ය නිලධාරී සුරේෂ් මුරුගේසු මහතා, සන්නාම සහ සන්නිවේදන අධ්‍යක්ෂ කාලිංග විජේසේකර මහතා මෙන්ම ප‍්‍රාදේශීය වැවිලි සමාගම්වල ප‍්‍රධාන විධායක නිලධාරීන් සහ නියෝජිතයින් ඇතුළු සම්භාවනීය අමුත්තන් රැසක් ද සහභාගී විය.

අලූතෙන්ම හඳුන්වා දුන් මෙම අධි ශක්ති තිරිඟු පිටිවල යකඩ, ෆෝලික් ඇසිඞ්, විටමින් බී12 වැනි පෝෂ්‍ය පදාර්ථ  අඩංගු වේ. සමබල ආහාර වේලක් නොගැනීම නිසා තේ වතුවල සේවය කරන ජනතාව අතර බහුලව පවතින පෝෂණ ඌනතා, රක්තහීනතා, ෆෝලේට් ඌනතා සහ බෝ නොවන රෝග වැළැක්වීම අරමුණු කරගෙන මෙම අධි ශක්ති තිරිඟු පිටි ගුණාත්මකව සකසා ඔවුන්ට බෙදා දීම සිදුකර තිබේ.

මෙවැනි ප‍්‍රජා සත්කාර සිදුකිරීම මඟින් ජනතාවගේ ජීවිත ඉහළට ඔසවා, ඔවුන්ව සවිබල ගැන්වීම ද සිදුකරනු ලැබේ. ප‍්‍රජාව ඉලක්ක කරගත් වගකිව යුතු ව්‍යාපාර ආයතනයක් ලෙස ජනතාවගේ ජීවිතවල ධනාත්මක වෙනසක් ඇතිකිරීමෙහිලා සෙරන්ඩිබ් ෆ්ලා මිල්ස් නාමය කැපවී සිටී. මෙවැනි වැඩසටහන් සිදුකිරීම, තේ වතු ආශ‍්‍රිත ප‍්‍රජාව වෙනුවෙන් පමණක් නොව දේශීය වශයෙන් සිදුකරන සාධනීය දායකත්වයක් ලෙස ද හැඳින්විය හැකියි.

සෙරන්ඩිබ් ෆ්ලා මිල්ස් හි සන්නාම සහ සන්නිවේදන අධ්‍යක්ෂ කාලිංග විජේසේකර මහතා ප‍්‍රකාශ කරන ලද්දේ, වැවිලි මානව සංවර්ධන භාරය සමඟ එක්වී හඳුන්වා දුන් මෙම අධි ශක්ති තිරිඟු පිටි නිෂ්පාදනයේ සාර්ථකත්වය සහ ගුණාත්මක බව පිළිබඳව සෙරන්ඩිබ් නාමය නිහතමානීව ආඩම්බර වන බවයි. එමෙන්ම, මෙම පෝෂණීය නිෂ්පාදනය හඳුන්වාදීමෙන්, තේ වතු ආශ‍්‍රිත ජීවත්වන සහ එහි සේවය කරන ජනතාවගේ ආහාර රටාවේ පෝෂණීය වෙනසක් සිදුකිරීමත්, ඔවුන්ගේ සෞඛ්‍ය සහ ජීවන රටාව තව තවත් ගුණාත්මක බවින් වැඩි කිරීමත් සිදුකරන බව එතුමා සඳහන් කරන ලදී. දේශීය පෝෂණ අවශ්‍යතා වෙනුවෙන් සක‍්‍රීයව දායක වීම සෙරන්ඩිබ් ෆ්ලා මිල්ස් ආයතනයේ අරමුණ බවත් කාලිංග විජේසේකර මහතා වැඩි දුරටත් සඳහන් කරන ලදී.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *