May 20, 2025
SDTI Campus ජාතික විශිෂ්ටතා ජනාධිපති සම්මාන දිනයි
පුවත්

SDTI Campus ජාතික විශිෂ්ටතා ජනාධිපති සම්මාන දිනයි

Jun 19, 2024

SDTI Campus 2024 ජනාධිපති සම්මාන උළෙලේදී ජාතික විශිෂ්ටතා ජනාධිපති සම්මානයෙන් පිදුම් ලැබීය. සම්මාන උ‌ළෙල කොළඹ ෂැංග්‍රිලා හෝටලයේදී උත්කර්ෂවත් ලෙස පැවැත්විණි. SDTI Campus නිර්මාතෘ කීර්ති ශ්‍රී දේශමාන්‍ය, කීර්ති ශ්‍රී දේශබන්දු, ආචාර්ය ශාන්ත බණ්ඩාර මහතාගේ මග පෙන්වීම මත සාර්ථකත්වයට පත් ආයතනයෙහි විශිෂ්ට ව්‍යවසායකත්ව හැකියාව සහ අධ්‍යාපන සංකල්ප මෙහිදී ඇගැයීමට ලක් කෙරිණි. දකුණු ආසියාවේ හොඳම විශ්ව විද්‍යාලයක් ලෙස සම්මානයට පාත්‍ර වී ඇති SDTI Campus ISO 9001:2015 අන්තර්ජාතික තත්ත්ව සහතිකයද හිමි කර ගෙන ඇත‍.

SDTI Campus, අධ්‍යාපන අමාත්‍යංශයේ නිපුණතා සංවර්ධන අරමුදල සමඟ ඩිප්ලෝමා පාඨමලා මෙහෙයවන අතර විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ පිළිගැනීම සහිත උපාධි පාඨමාලා රැසක් පිරිනමයි. මෙම හවුල්කාරිත්වය තුළින් SDTI Campus ශ්‍රී ලංකාව පුරා විසිරී සිටින ග්‍රාමීය හා නාගරික තරුණ තරුණියන්ට මෙන්ම කුසලතා සපිරි ආසියානු කළාපයේ තරුණ තරුණියන්ටද රැකියා වෙළෙඳපොළ තුළ ඉහළ ඉල්ලුමක් ඇති ක්ෂේත්‍රවල අධ්‍යාපන අවස්ථා දැරිය හැකි මිලකට සපයයි. එසේම SDTI Campus ශ්‍රී ලංකාව පුරා විසිරී ඇති ශාඛා ජාලයක් සමඟ සහ දුරස්ථ අධ්‍යාපනය ඔස්සේ උසස් අධ්‍යාපන හා වෘත්තීය සිහින සැබෑ කිරීම වෙනුවෙන් කැප වන දැයේ ගෞරවාන්විත සරසවියකි. SDTI Campus 2021 SAPSAA විශිෂ්ටතා සම්මාන උළෙලේදී කැපී පෙනෙන වෘත්තීය උපායමාර්ගික සහ උසස් අධ්‍යාපන ආයතනය ලෙස නම් කරන ලදී. අගමැති සම්මානය (2011), එක්සත් ජාතීන්ගේ අධ්‍යාපනික රන් සම්මානය (2013-2014), ජාතික විශිෂ්ටතා සම්මානය (2018) සහ ආසියානු විශිෂ්ටතා සම්මානය (2021) යන සම්මානවලින්ද SDTI Campus පිදුම් ලබා ඇත. උසස් තත්ත්වයේ අධ්‍යාපනයක් සඳහා අවම පිරිවැයක් යටතේ ප්‍රවේශ වීමට අවස්ථාව උදා කරන SDTI Campus ශ්‍රී ලාංකික සිසුන්ගේ උසස් අධ්‍යාපන සහ වෘත්තීය හැකියා වර්ධනයට සුවිශාල දායකත්වයක් සපයයි. SDTI campus සමාජ මාධ්‍ය තුළින් සහ නිල වෙබ් අඩවියෙන් වැඩි විස්තර ගත හැකිය.

1 Comment

  • Thank you for all your valuable hard work on this web page. My mum delights in doing research and it’s obvious why. Most of us hear all concerning the compelling way you make very important strategies via this website and attract participation from other people on the topic while our simple princess is without question becoming educated so much. Enjoy the remaining portion of the year. You’re the one performing a wonderful job.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Close