July 27, 2024
ඉන්දියාවේ මැණික් හා ස්වර්ණාභරණ අපනයන ප්‍රවර්ධන කවුන්සිලයෙන් සරීටා ජුවලර්ස් වෙත විශිෂ්ටතා සම්මානයක්
පුවත්

ඉන්දියාවේ මැණික් හා ස්වර්ණාභරණ අපනයන ප්‍රවර්ධන කවුන්සිලයෙන් සරීටා ජුවලර්ස් වෙත විශිෂ්ටතා සම්මානයක්

Nov 8, 2023

මෙරට ප්‍රමුඛ පෙළේ ස්වර්ණාභරණ නිෂ්පාදන සමාගමක් වන සරීටා ජුවලර්ස් පසුගියදා ඉන්දියාවේ මැණික් හා ස්වර්ණාභරණ අපනයන ප්‍රවර්ධන කවුන්සිලය විසින් ඉහළම  ඇගැයීමකට ලක් කරන ලදී.

ඩුබායිහි ඉන්ටර්කොන්ටිනෙන්ටල් හෝටලයේදි පැවති ජාත්‍යන්තර මැණික් හා ස්වර්ණාභරණ ප්‍රදර්ශනයේ තෙවැනි අදියරේදී සරීටා ජුවලර්ස් මෙලෙස සම්මානයට පාත්‍ර විය. එම ප්‍රදර්ශනයට 50කට අධික ඉන්දියානු මැණික් හා ස්වර්ණාභරණ කර්මාන්තකරුවෝ පිරිසක් සහ 300කට ආසන්න ගැනුම්කරුවෝ පිරිසක් සහභාගී වූහ.

1980 දශකයේ මැද භාගයේදී මැණික් හා ස්වර්ණාභරණ කර්මාන්තයට පිවිසි ආර්. බාලසුබ්‍රමනියම් මහතා පී. මුරුගේසු මහතා සමඟ එක්ව 2004දී ‘සරීටා’ සන්නාමය හදුන්වා දුන්නේය. එතැන් පටන් දේශීය මෙන්ම විදේශීය පාරිභෝගිකයන් දස දහස් ගණනකට ඉහලම ප්‍රමිතියෙන් යුතු ස්වර්ණාභරණ මිල දී ගැනීමට අවස්ථාව උදා කර ඇති සරීටා ජුවලර්ස් වර්තමානයේදී ස්වර්ණාභරණ ක්ෂේත්‍රයේ අද්විතීය නාමයක් දිනා ඇත.

රෝස, සුදු හා කහ රත්රන්වලින් නිපද වූ වළලු, කරාබු, මාල, පෙන්ඩන්ට්, මුදු, බ්‍රේස්ලට්, තැල්ල, රන් කාසි වැනි නිෂ්පාදන ගණනාවක් සරීටා ජුවලර්ස් වෙතින් මිල දී ගත හැකිය. මංගල උත්සව සඳහා අවශ්‍ය ස්වර්ණාභරණ නිෂ්පාදනයටද සරීටා ජුවලර්ස් ප්‍රසිද්ධියක් උසුලයි. සරීටා ජුවලර්ස් නිෂ්පාදනය කරන ස්වර්ණාභරණවලට දේශීය මෙන්ම විදේශීය පාරිභෝගිකයන් අතර විශාල ඉල්ලුමක් තිබේ.

“තමන් දීර්ඝ කාලයක් පුරා දුක් මහන්සියෙන් හම්බ කළ මුදල් සමඟ පාරිභෝගිකයන් අප වෙතට එනවා. ඒ නිසා අපේ වගකීම තමයි ඔවුන්ට විශ්වාසවන්ත සේවාවක් සැපයීම. ඔවුන්ට ඉස්තරම් ස්වර්ණාභරණ මිල දී ගන්නට පහසුකම් සැළසීම අපිට විශාල තෘප්තියක්. ඒ තුළින් ක්ෂේත්‍රයේ උන්නතිය වෙනුවෙන් සැළකිය යුතු දායකත්වයක් දක්වන්නත් අපිට හැකි වෙලා තිබෙනවා. මෑතකදී ලැබුණු මේ අගය කිරීම සමඟ අපේ වෙහෙස සහ කැපවීම අපතේ ගිහින් නැහැ කියලා තහවුරු වෙලා තිබෙනවා.” බාලසුබ්‍රමනියම් මහතා සඳහන් කළේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *