July 27, 2024
සණස ඉන්ෂුවරන්ස් විශිෂ්ට ජයක් ලබයි
පුවත්

සණස ඉන්ෂුවරන්ස් විශිෂ්ට ජයක් ලබයි

Dec 8, 2023

වෙළෙඳ සේවා E කාණ්ඩයේ ක්‍රිකට් තරගාවලිය අරඹමින් පැවති පළමු තරගයේ MAS SILUETA කණ්ඩායම පරදා සණස ඉන්ෂුවරන්ස් කණ්ඩායම විශිෂ්ට ජයක් වාර්තා කළේය. කාසියේ වාසිය දිනූ සණස ඉන්ෂුවරන්ස් කණ්ඩායම මුලින්ම පන්දු යැවීමට තීරණය කළ අතර MAS SILUETA කණ්ඩායමේ මුල් කඩුලු තුන ලකුණු 14ක් ඇතුළතදී දැවී ගිය අතර පන්දු වාර 25ක් අවසානයේ MAS SILUETA කණ්ඩායම කඩුලු අටක් දැවී ලකුණු 124ක් රැස් කළේය. MAS SILUETA කණ්ඩායම වෙනුවෙන් දක්ෂ පිති හරඹයක නිරත වූ විරාජ් රාජපක්ෂ ලකුණු 57ක් ලැබූ අතර සණස ඉන්ෂුවරන්ස් වෙනුවෙන් පන්දු යැවීමේදී චරිත් ගයාෂාන්ත් කඩුලු හතරක්ද, දුලාජ් දිල්ශාන් කඩුලු තුනක්ද දවා ගත්හ. ලකුණු 124ක ඉලක්කය පන්දු වාර 21.3කදී කඩුලු දෙකක් පමණක් දැවී පහසුවෙන් සපුරා ගැනීමට සණස ඉන්ෂුවරන්ස් සමත් වූ අතර පන්දුවට පහර දීමේදී ආරම්භක පිතිකරුවන් වන පුලස්ති බෙත්මගේ සහ දුලාජ් දිල්ශාන් විශිෂ්ට පිති හරඹයක නිරත වෙමින් ලකුණු 43ක් හා ලකුණු 49ක් ලැබූහ. තුන් ඉරියව් දක්ෂතා නිසා දුලාජ් දිල්ශාන් තරගයේ වීරයා සම්මානයෙන් පිදුම් ලැබීය.

මෙහි විශේෂත්වය වන්නේ ප්‍රථම වතාවට මෙම තරගාවලිය සඳහා සහභාගී වන සණස ඉන්ෂුවරන්ස් කණ්ඩායම ප්‍රථම තරගයෙන්ම විශිෂ්ට ජයග්‍රහණයක් ලැබීමයි. ශ්‍රී ලංකාවේ හිටපු වේග පන්දු යවන ක්‍රීඩක නුවන් සොයිසා සණස ඉන්ෂුවරන්ස් කණ්ඩායමේ පුහුණුකරු ලෙස කටයුතු කරන අතර ඔහු අදහස් දක්වමින් පවසා සිටියේ ඉහළ දක්ෂතාවලින් පරිපූර්ණ කණ්ඩායමක් සණස ඉන්ෂුවරන්ස් සතු බවය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *