January 15, 2025
‘සණස ඉදිරිය’ විශ්ව විද්‍යාල සිසුන් දැනුවත් කිරීමේ වැඩසටහන සාර්ථකව අවසන් වේ
පුවත්

‘සණස ඉදිරිය’ විශ්ව විද්‍යාල සිසුන් දැනුවත් කිරීමේ වැඩසටහන සාර්ථකව අවසන් වේ

Jun 12, 2024

සණස සමූහයේ නිර්මාතෘ ආචාර්ය පී. ඒ. කිරිවන්දෙණිය මහතාගේ සංකල්පයක් වන ‘සණස ඉදිරිය’ වැඩසටහනට සමගාමීව විශ්ව විද්‍යාල විද්‍යාර්ථයන්ගේ වෘත්තීය කුසලතා සංවර්ධනය තුළින් ශ්‍රී ලාංකික කෘෂිකර්ම ක්ෂේත්‍රයේ ඵලදායීතාව වැඩි කිරීම අරමුණු කර ගෙන වයඹ විශ්ව විද්‍යාලයේ කෘෂිකර්ම පීඨයේ අවසන් වසර සිසුන් දැනුවත් කිරීමේ වැඩසටහනක් ගොවිජන පර්යේෂණ හා පුහුණු ආයතනයේදී පැවැත්විණි. මේ සඳහා සණස සමූහයේ නිර්මාතෘ වයඹ විශ්ව විද්‍යාලයේ කුලපති ආචාර්ය පී. ඒ. කිරිවන්දෙණිය මහතා ඇතුළුව සණස විශ්ව විද්‍යාලයේ කුලපති මහාචාර්ය ඩබ්ලිව්. ඩී. ලක්ෂ්මන්, වයඹ විශ්ව විද්‍යාලයේ කෘෂිකර්ම වැවිලි කළමනාකරණ පීඨයේ පීඨාධිපති මහාචාර්ය ජගත් එදිරිසිංහ සහ සණස ලයිෆ් ඉන්ෂුවරන්ස්, සණස ජෙනරල් ඉන්ෂුවරන්ස් යන ආයතන දෙකෙහි මහත්ම මහත්මීන් මෙන්ම සණස සමූහයේ අනෙකුත් සමාගම් නියෝජනය කරමින් විධායක නිලධාරීහු  පිරිසක්ද සහභාගී වූහ.

අධ්‍යාපනයේ වැදගත් කඩඉමක් පසු කර ඇති විද්‍යාර්ථයන්ට සාර්ථක ව්‍යවසායකයන් බවට පත් වී ජීවිතය සාර්ථක කර ගැනීම උදෙසා මෙම වැඩසටහන පැවැත්වූ අතර සණස සමූහය සහ වයඹ විශ්ව විද්‍යාලයේ කෘෂිකර්ම හා වැවිලි කළමනාකරණ පීඨය එක් වී අනාගත තරුණ පරම්පරාවේ වෘත්තීය කුසලතා ඉහළ නැංවීම වෙනුවෙන් මෙම වැඩසටහන සංවිධානය කළේය. මෙහිදී පිරිස ඇමතු සණස සමූහයේ නායක ආචාර්ය පී. ඒ. කිරිවන්දෙණිය මහතා මෙසේ පැවසීය. “අප තව දුරටත් කුඩා රටක් නොවේ. අපට රටක් ලෙස තනිව ජීවත් විය නොහැකියි. තාක්ෂණයත් සමග ලෝකය විශ්ව ගම්මානයක් බවට පත් වී තිබෙනවා. සණස ලයිෆ් ඉන්ෂුවරන්ස්, සණස ජෙනරල් ඉන්ෂුවරන්ස් යන ආයතන දෙක ඇතුළු අපගේ සමාගම් දාහතර විශ්ව විද්‍යාලයේ අවසන් වසර නිමා කරන විද්‍යාර්ථයන්ට වෘත්තීය දැනුම සහිත සීමාවාසික පුහුණුව මෙන්ම දීර්ඝ කාලීන රැකියා අවස්ථා රාශියක් සැපයීමට බලාපොරොත්තුවෙන් සිටිනවා.”

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Close