October 18, 2024
සණස ජෙනරල් ඉන්ෂුවරන්ස් Best Work Place of the Year සම්මානයෙන් පිදුම් ලබයි
පුවත්

සණස ජෙනරල් ඉන්ෂුවරන්ස් Best Work Place of the Year සම්මානයෙන් පිදුම් ලබයි

Jul 17, 2024

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම රක්ෂණ සමාගමක් වන සණස ජෙනරල් ඉන්ෂුවරන්ස් සමාගම Business World International Organization සංවිධානය කළ BWIO සම්මාන උළෙලේදී Best Work Place of the Year  සම්මානයෙන් පිදුම් ලැබීය. සම්මාන උළෙල කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් කොළඹ ටාජ් සමුද්‍රා හෝටලයේදී උත්කර්ෂවත් ලෙස පැවැත්විණි. ශ්‍රී ලංකාවේ ශීඝ්‍රයෙන්ම වර්ධනය වන රක්ෂණ සමාගමක් වන සණස ජෙනරල් ඉන්ෂුවරන්ස් සමාගම ලැබූ මෙම සුවිශේෂ ජයග්‍රහණය පිළිබඳව එහි සභාපති ටිෂාන් සුභසිංහ මහතා මෙසේ පැවසීය. “මේ ජයග්‍රහණය කණ්ඩායමක් ලෙස ලැබූ වටිනා ඇගැයීමක්. නිරන්තර කැපවීමෙන් වැඩ කරන අපගේ කාර්ය මණ්ඩලය සහ අප කෙරෙහි අඛණ්ඩ විශ්වාසය තබා ඇති වටිනා පාරිභෝගිකයන් මේ ජයග්‍රහණයෙහි කොටස්කරුවන් බව විශේෂයෙන් සඳහන් කළ යුතුයි.”

සණස ජෙනරල් ඉන්ෂුවරන්ස් කළමනාකරණ අධ්‍යක්ෂ ඉන්දික කිරිවන්දෙණිය මහතා මෙසේ පැවසීය. “නව්‍ය සංකල්ප අනුව පාරිභෝගිකයන්ට කාර්යක්ෂම සහ විශ්වාසවන්ත සේවයක් සළසමින් රක්ෂණ ක්ෂේත්‍රයේ වාර්තාගත වර්ධන වේගයක් සටහන් කිරීමට සණස ජෙනරල් ඉන්ෂුවරන්ස් සමාගමට පසුගිය කාලය පුරාම හැකි වී තිබෙනවා. සතුටින් සහ නිර්මාණශීලීව රාජකාරි ඉටු කළ හැකි ප්‍රසන්න වැඩ කිරීමේ පරිසරයක් සණස ජෙනරල් ඉන්ෂුවරන්ස් සතු වීම අපගේ සාර්ථකත්වයට ප්‍රධාන හේතුවක්. අපගේ කාර්යය මණ්ඩලය නිරන්තරයෙන් දිරිමත් කරමින් ප්‍රබෝධවත්ව වැඩ කිරීමට ඔවුන්ට අවස්ථාව උදා කර දෙමින් සණස ජෙනරල් ඉන්ෂුවරන්ස් නිර්මාණය කර ඇති වැඩ කිරීමේ සංස්කෘතිය සියලු දෙනාටම ආදර්ශයක්.” “කාර්ය මණ්ඩලයට මෙන්ම පාරිභෝගිකයන්ටත් සුහදශීලී පරිසරයක අත්දැකීම ලබන්නට සණස ජෙනරල් ඉන්ෂුවරන්ස් අවස්ථාව උදා කර දී තිබෙනවා. සහනශීලීතාව සහ පාරිභෝගික අවශ්‍යතාවලට සුහදව ආමන්ත්‍රණය කිරීම සමාගමේ වර්ධනයට ප්‍රබල පිටිවහලක් වී තිබෙනවා. පසුගිය කාලය පුරා දෙස් විදෙස් සම්මාන රැසකින් පිදුම් ලැබීම රක්ෂණ ක්ෂේත්‍රයේ වේගයෙන් ඉදිරියට යාමට අපට විශාල ශක්තියක් වුණා.” සණස ජෙනරල් ඉන්ෂුවරන්ස් ප්‍රධාන මෙහෙයුම් නිලධාරි වසන්ත පෙරේරා මහතා පැවසීය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *