June 17, 2025
සණස ලයිෆ් ඉන්ෂුවරන්ස් සණස සබැඳි අත්වැල යටතේ ගංවතුරෙන් අවතැන් වූ ජනතාවට සහණ සපයයි
පුවත්

සණස ලයිෆ් ඉන්ෂුවරන්ස් සණස සබැඳි අත්වැල යටතේ ගංවතුරෙන් අවතැන් වූ ජනතාවට සහණ සපයයි

Jun 17, 2024

සණස ලයිෆ් ඉන්ෂුවරන්ස් සණස සබැඳි අත්වැල වැඩසටහන් මාලාව යටතේ ගංවතුරෙන් අවතැන් වූ ප්‍රදේශ රැසකට සහනාධාර බෙදා දුන්නේය. දිවයිනේ ප්‍රදේශ රැසකට මේ දිනවල ඇද හැලෙන අධික වර්ෂාවත් සමඟ ගංවතුරෙන් අපිරිසිදු වූ සණස සමිති පිරිසිදු කර අවතැන් වූ ජනතාවට වියළි සලාක හා භාණ්ඩ බෙදා දුන් අතර මේ සඳහා සණස ලයිෆ් ඉන්ෂුවරන්ස් කාර්ය මණ්ඩලය සහභාගි විය. මෙහි විශේෂත්වය වන්නේ ගොඩ බිමෙන් ළඟා විය නොහැකි ස්ථානවල සිටි විපතට පත් ජනතාවට නාවික හමුදා බෝට්ටු යොදා ගනිමින් කඩිනම් සහණ සැපයීමයි.

මෙම ප්‍රජා සත්කාරක වැඩසටහන් මාලාව පිළිබඳව අදහස් දක්වමින් සණස ලයිෆ් ඉන්ෂුවරන්ස් ප්‍රධාන විධායක නිලධාරි අයිවන් නිකලස් මහතා මෙසේ පැවසීය. “ජනතාවට පිළිසරණක් අවශ්‍ය සෑම මොහොතකම නොමසුරුව සියල්ලන්ටම ප්‍රථමයෙන් ඔවුන්ට අත්වැලක් වන්නට අප ආයතනය පෙළ ගැසෙනවා. සෑම ආපදාවකදීම නිරන්තරයෙන් ප්‍රධාන කාර්යාලය හා ශාඛා ජාලය එක් වී සහණ වැඩසටහන් ක්‍රියාත්මක කරනවා. ඒ සඳහා ඇප කැප වන කළමනාකාරිත්වය ඇතුළු කාර්ය මණ්ඩලයට ස්තූතිය පුද කරනවා.” සිය ආයතනික සමාජ වගකීම් මැනවින් හඳුනා ගෙන ඇති සණස ලයිෆ් ඉන්ෂුවරන්ස් කොවිඩ් ව්‍යාප්තිය ආරම්භ වූ 2020දීද සමාජ සුබසාධන වැඩසටහන් රැසක් දියත් කළේය. දිවයින පුරා සියලුම ජනතාවට වඩාත් ලෙන්ගතු සේවාවක් සපයමින්, සියලු ජීවිත රක්ෂණ අවශ්‍යතා සඳහා එකම වහලක් යටින් සේවා සැපයීමේ පරමාර්ථය ඇතිව පාරිභෝගිකයන්ට ඉහළ විශ්වාසනීය ප්‍රතිලාභ හා සේවා සපයන්නෙකු ලෙස ශ්‍රී ලංකාවේ ආර්ථිකයට කැපී පෙනෙන දායකත්වයක් දක්වමින් ක්‍රියාත්මක වන සණස ලයිෆ් ඉන්ෂුවරන්ස් සමාග‌මේ ශාඛා 100කට ආසන්න සංඛ්‍යාවක් දිවයින පුරා ව්‍යාප්ත වී ඇත.

1 Comment

  • I am really impressed with your writing abilities as well as with the structure for your weblog. Is that this a paid theme or did you modify it your self? Either way stay up the nice quality writing, it is uncommon to peer a great weblog like this one today!

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Close