
සණස නිර්මාතෘ ආචාර්ය පී. ඒ. කිරිවන්දෙණියගේ ප්‍රධානත්වයෙන් ‘ජාත්‍යන්තර සමුපකාර දිනය’ සැමරෙයි
ජූලි 06 වැනි දාට යෙදුණු 102 වැනි ජාත්‍යන්තර සමුපකාර දිනය සැමරීම වෙනුවෙන් සණස නිර්මාතෘ ආචාර්ය පී. ඒ. කිරිවන්දෙණිය මහතාගේ ප්‍රධානත්වයෙන් වැඩසටහන් රැසක් ක්‍රියාත්මක විය. සණස මහා සංගමය, සණස සමිති සංගම් සහ සණස සමූහයට අයත් සියලුම ආයතන එක් වී සංවිධානය කළ මෙම වැඩසටහන් මාලාව සමුපකාර දින සැමරුම් පා ගමන්, මහ ජනතාව ඇතුළු වගකිවයුතු පාර්ශ්ව දැනුවත් කිරීමේ ජන රැළි ඇතුළු විවිධ වැඩසටහන්වලින් සමන්විත වූ අතර එහිදී දිවංගත සමුපකාරිකයන් සිහිපත් කිරීම හා ඔවුන් වෙත පිං පැමිණවීමද සිදු කෙරිණි.
‘සමුපකාරය හරහා සැමට යහපත් අනාගතයක් ගොඩනඟමු’ යන තේමාව මුල් කර ගනිමින් ගාල්ල, මාතර, කුලියාපිටිය, කෑගල්ල, කුරුණෑගල, මහනුවර, ගම්පහ සහ කළුතර යන ප්‍රදේශ මූලික කර ගනිමින් සංවිධානය කෙරුණු මෙම වැඩසටහන්වලදී ජාත්‍යන්තර සමුපකාර දිනය සැමරීමේ අරමුණට අමතරව සමුපකාරයෙන් සිදු වන සේවා පිළිබඳව මහ ජනතාව දැනුවත් කරමින් රටේ සංවර්ධනයට සමුපකාර සංකල්පය ප්‍රශස්ත අයුරින් භාවිත කිරීම සඳහා ජනතාව දිරි ගන්වන ලදී. මාර්ගගත ක්‍රමයට සණස සාමාජිකයන් අමතමින් ආචාර්ය පී. ඒ. කිරිවන්දෙණිය මහතා මෙසේ පැවසීය. “මෙවර ජාත්‍යන්තර සමුපකාර දිනය ‘සමුපකාරයෙන් ජනයාගේ අනාගතය යහපත් අකාරයට ගොඩනඟමු’ යන තේමාවට අනුව සැමරීම ඉතා කාලෝචිතයි. ඉන්දියාව, චීනය සහ ජපානය වැනි දියුණු රටවල් තම රටෙහි සංවර්ධනය වෙනුවෙන් සමුපකාරය සාර්ථකව උපයෝගී කර ගෙන තිබෙනවා. දේශපාලන බලපෑම්වලින් තොර සමුපකාරයක් අප රට තුළ ස්ථාපිත කීරීමට එවැනි රටවල් කදිම උදාහරණයක්.”
2 Comments
I am really impressed together with your writing skills as well as with the format in your blog.
Is this a paid subject or did you modify it yourself? Either way
keep up the excellent high quality writing, it is uncommon to look
a nice blog like this one nowadays. Lemlist!
I am extremely inspired along with your writing abilities and also with the structure to your blog. Is that this a paid subject or did you modify it yourself? Anyway stay up the nice high quality writing, it is rare to see a great blog like this one these days!