
සමුධි ට්‍රේඩිං සහ AMARON ශ්‍රී ලංකාව බලගැන්වීමේ 20 වසරක අභිමානය සනිටුහන් කරයි
AMARON මෝටර් රථ බැටරි සඳහා ශ්‍රී ලංකාවේ බලයලත් බෙදාහරින්නා ලෙස කටයුතු කරන සමුධි ට්‍රේඩිං කම්පැණි (පුද්) සමාගම. ඉන්දියාවේ ප්‍රමුඛතම බැටරි නිෂ්පාකයකු වන අමර රාජා එනර්ජි මොබිලිට් ලිමිටඩ් සමඟ ඇති කරගත් සබඳතාවයේ සුවිශේෂී සන්ධිස්ථානයක් පසුගියදා සමරනු ලැබීය. ඔවුන් එසේ සමරනු ලැබුවේ ආයතන දෙක අතර ඇති කරගනු ලැබූ සහයෝගීතාවයේ හා වර්ධනයේ 20 වසරක විශ්වසනීය සබඳතාවයයි. සමුධි ට්‍රේඩිං සහ අමර රාජා එනර්ජ ට්‍රේඩිං යන සමාගම්වල ජ්‍යෙෂ්ඨ විධායක නිලධාරීන්ගේ සහභාගීත්වයෙන් කොළඹදී පැවති මාධ්‍ය හමුවකදී මෙම සුවිශේෂී 20 වසරක සබඳතාව සනිටුහන් කරනු ලැබීය.
ශ්‍රී ලාංකේය වෙළෙඳපොලට 2005 වසරේදී AMARON හඳුන්වා දුන් දින සිට එය මෙරට මෝටර් රථ බැටරි ක්ෂේත්‍රයේ විශ්වසනීය සන්නාමයක් බවට පත් කිරීම සඳහා සමුධි ට්‍රේඩිං වැදගත් කාර්යභාරයක් ඉටු කරනු ලැබීය. අවම නඩත්තු තාක්ෂණය, ඉහළ ක්‍රියාකාරීත්වය සහ දිගු කාලීන විශ්වාසය සමරන AMARON අද වන විට ශ්‍රී ලාංකේය වාහන හිමියන් අතර ජනප්‍රිය සන්නාමයක් බවට පත්ව ඇත.
අලෙවිකරුවන් 50 දෙනෙකුගෙන් සමන්විත සාමාන්‍ය බෙදාහැරීම් ජාලයක් සමඟින් ආරම්භ වූ ශ්‍රී ලංකාවේ AMARON අලෙවිය ආරම්භයේදී ඒකක 1000ක් පමණ විය. එය අද වන විට අලෙවිකරුවන් 600කට අධික සංඛ්‍යාවක් සමඟින් මාසිකව ඒකක 18,000ක අලෙවියක් වාර්තා කිරීමට සමත්ව ඇත්තේ ශ්‍රී ලංකාව තුළ සුවිසල් වර්ධනයක් අත්පත් කර ගනිමිනි. පාරිභෝගික විශ්වාසය පිළිබඳ නව ප්‍රමිතීන් නිර්මාණය කරමින් සිය නිෂ්පාදන සඳහා වසර 5ක වගකීමක් පිරිනැමූ ශ්‍රී ලංකාවේ පළමු බැටරි සන්නාමය ලෙසද AMARON සඳහන් කළ හැකිය.
මෙම සුවිශේෂී සැමරුම් අවස්ථාවට එක්වෙමින් අදහස් දැක්වූ සමුධි ට්‍රේඩිං සමාගමේ සභාපති හා කළමනාකාර අධ්‍යක්ෂ ගාමිණී රත්නායක මහතා “ශක්තිමත් බෙදාහැරීමේ ජාලයක් සමඟින් පසුගිය දශක දෙකක කාලය තුල ශ්‍රී ලංකාව පුරා රථවාහන පාරිභෝගිකයන් වෙත වටිනාකමක් හා කාර්යසාධනයක් හිමිකර දෙන සන්නාමයක් ගොඩනැගීමට අපි කටයුතු කළා. අමර රාජා සමාගම සමඟ වන අපගේ හවුල්කාරීත්වයෙහි අරමුණ වන්නේ හුවමාරු කරගත් වටිනාකම්, දිගුකාලීන කැපවීම හා ශ්‍රී ලංකාවේ වෙනස්වන ප්‍රවාහන අවශ්‍යතා සඳහා නව්‍යකරණ බලශක්ති විසඳුම් ලබාදීමයි. අනුකූලතාව, පාරිභෝගික අවධානය සහ ගැඹුරු වෙළෙඳපොල අවබෝධය තුලින් AMARON ශ්‍රී ලංකාවේ වඩාත් විශ්වසදායී බැටරි සන්නාමය බවට සාර්ථකව පත් කිරීමට අපට හැකියාව උදා වුණා. අපගේ නිෂ්පාදන පුළුල් කිරීම, සේවා ප්‍රමිතීන් ඉහළ නැංවීම සහ ශ්‍රී ලංකාවේ මෝටර් රථ බලශක්ති විසඳුම් සඳහා නව මිනුම් සලකුණු නිර්මාණය කිරීම තුලින් වර්ධනයේ ඊළඟ අදියර මෙහෙයවීමට අපි බලාපොරොත්තු වනවා.”යනුවෙන් පැවසුවේය.
ශ්‍රී ලංකාව පුරා බැටරි අලෙවියෙන් නොනැවතී ටයර් ආනයනය, නැවත පිරවීම, රබර් නිෂ්පාදනය හා කාබනික රබර් කිරි නිෂ්පාදනය සඳහාද සමුධි ට්‍රේඩිං යොමුව තිබේ. හෙට දවසේදී සිය සාර්ථක වර්ධනය සමඟින් 40%ක වෙළෙඳපොල කොටසක් තමන් සතු කර ගැනීමේ අරමුණින් යුතුව මෙහෙයුම් ක්‍රියාත්මක කරන සමුධි ට්‍රේඩිං මෙරට ප්‍රමුඛතම මෝටර් රථ බැටරි සැපයුම්කරු බවට පත්වීම සඳහා උපාය මාර්ගික සැලසුම් සකස් කිරීමටද කටයුතු කර ඇත. එහිදී විශේෂයෙන් ත්‍රිරෝද රථ බැටරි පිළිබඳව වැඩි අවධානයක් යොමු කර ඇති සමුධි ට්‍රේඩිං ඉහළ ඉල්ලුමක් සහිත ත්‍රිරෝද රථ කාණ්ඩයේ අවශ්‍යතා සපුරාලීම සඳහා වසරක වගකීමක් සහිත 35Ah බැටරියක් හඳුන්වා දීමටද කටයුතු කරන ලදී.
එසේම සිය නිෂ්පාදන පෙල තවදුරටත් පුළුල් කරමින් දිනෙන් දින වර්ධනය වෙමින් පවතින හයිබි්‍රඩ් වාහන වෙළෙඳපොල වෙත පිවිසීමටද කටයුතු කර ඇත්තේ හයිබි්‍රඩ් යෙදුම් සඳහා ම සකස් කරන ලද විශේෂිත සහායක බැටරියක් දියත් කරමිනි. පාරිභෝගික අත්දැකීම් තවදුරටත් ඉහළ නැංවීම වෙනුවෙන් මෙම වසර අගදී AMARON පාරිභෝගික සේවා හඳුන්වාදීමට කටයුතු කර ඇත. ඒ තුලින් ලියකියවිලිවලින් තොර වගකීම් කළමනාකරණය, වේගවත් මාර්ග සහාය සහ විශිෂ්ඨ පරිශීලක අතුරු මුහුණතක් තුලින් පහසුවෙන් සේවා සලසාගැනීමේ හැකියාව පාරිභෝගිකයින් වෙත උදා කරදෙන්නේ අලෙවියෙන් පසු සේවා විශිෂ්ටත්වය හා පාරිභෝගික පහසුව සඳහා AMARON හි කැපවීම තව තවත් ශක්තිමත් කරමිනි.
මේ සම්බන්ධයෙන් අදහස් දැක්වූ ARE&Mහි විධායක අධ්‍යක්ෂ හර්ෂවර්ධන ගෞරිනෙනි මහතා සඳහන් කර සිටියේ “අපගේ ජාත්‍යන්තර ව්‍යාපාර වර්ධනයේ ප්‍රධාන වෙළෙඳපොලක් හඳුන්වා දිය හැකි ශ්‍රී ලංකාවේ ව්‍යාපාර සාර්ථකව ඉදිරියට ගෙන යාමට සමුධි ට්‍රේඩිං දායකත්වය ලබා දී තිබෙනවා. ගෙවුණු දශක දෙකක කාලය තුළ ශක්තිමත් වෙළෙඳපොල කාර්යසාධනයක් පමණක් නොව, නවෝත්පාදනය, විශ්වසනීයත්වය සහ පාරිභෝගිකයන්ගේ පළමු සේවාව සඳහා අපගේ හවුල්කාරීත්වය පොදු අරමුණකින් කටයුතු කළා. ඊළඟ අදියරේ දී AMARON වෙළෙඳපොල ප්‍රමුඛයා බවට පත් කිරීමට හා කලාපයේ ගුණාත්මකභාවයේ සහ විශ්වසනීයත්වයේ නව මානයන් විවර කිරීම සඳහා සමුධි ට්‍රේඩිං වෙත අවශ්‍ය සහයෝගය ලබාදීමට අපි කැපවී සිටිනවා”යනුවෙනි.