Samsung Sri Lanka, AI තාක්ෂණයේ නව්‍යකරණ විශේෂාංග සමඟින් Galaxy A57 5G සහ Galaxy A37 5G ශ්‍රී ලංකාවට හඳුන්වාදෙයි
Samsung හි වඩාත් ආකර්ෂණීය Galaxy A කාණ්ඩය යටතේ එලිදක්වනු ලැබූ Galaxy A57 5G සහ Galaxy A37 5G පසුගියදා ශ්‍රී ලාංකේය වෙළෙඳපොලට හඳුන්වා දෙන ලදී. සුවිශේෂී විශේෂාංග, ඉහළ ක්‍රියාකාරීත්වය සහ දිගු කාලීන විශ්වසනීයත්වය පදනම් කරගනිමින් නිර්මාණය කර ඇති උසස් මට්ටමේ ජංගම දුරකතන තාක්ෂණය සාමාන්‍ය පරිශීලකයින් වෙත ගෙන ඒම මෙම නවතම ස්මාර්ට් ජංගම දුරකතන මාදිලි පෙලෙහි අරමුණයි.
මෙම ස්මාර්ට් ජංගම දුරකතන නිෂ්පාදනයන්හි විශේෂත්වය වන්නේ One UI 8.5 පද්ධතිය යටතේ හඳුන්වා දී ඇති Awesome Intelligence නම් සුවිශේෂී AI තාක්ෂණයයි. ඒ තුලින් වෘත්තීයේදී, නිර්මාණශීලී කටයුත්තකදී සහ විනෝදාස්වාද කටයුතුවලදී සුවපහසු අත්දැකීමක් ලබා ගැනීමට පරිශීලකයින්ට හැකියාව උදා වේ. එමෙන්ම හඬ පටිගත කිරීම් (voice recordings) ස්වයංක්‍රීයව අකුරු බවට පත් කිරීම ඇතුලු AI යොදා ගනිමින් පහසුවෙන් නිර්මාණ සිදු කිරීම සඳහා වන නව්‍ය පහසුකම් මෙම මාදිලි දෙකෙහි අන්තර්ගත වේ.
මෙහි ඇති Voice Transcription විශේෂාංගය මඟින් ඕනෑම හඬ පටිගත කිරීමක් ක්ෂණිකව අකුරු බවට පත්කිරීමට හැකි බැවින් විවිධ රැස්වීම් හා දේශනයන් ලේඛන බවට පහසුවෙන් පරිවර්තනය කළ හැකි වේ. තවද මෙහි ඇති AI Select පහසුකම මඟින් තිරය මත ඇති අකුරු වෙන් කර ගැනීම, පින්තූර සකස් කිරීම හෝ විවිධ යෙදුම් (app) අතර දත්ත හුවමාරු කර ගැනීමද ඉතා පහසුවෙන් සිදු කළ හැකි වේ. මේ හේතුවෙන් ඔබගේ ස්මාර්ට් ජංගම දුරකතනය වැඩ කිහිපයක් එකවර සිදු කර ගැනීම සඳහා වඩාත් පහසුවෙන් භාවිත කිරීමට හැකි වනු ඇත.
ඡායාරූප සඳහා උනන්දුවක් දක්වන ජංගම දුරකතන පරිශීලකයින් හටද සුවිසල් විසඳුමක් එක් කරන මෙම නවතම මාදිලිවල ඇති 50MP ප්‍රධාන කැමරාව සහිත කැමරා පද්ධතිය ඕනෑම ආලෝක තත්වයකදී වුවද සුපැහැදිලි ඡායාරූප ලබා ගැනීමේ හැකියාව උදා කර දෙයි. එසේම මෙහි ඇති වැඩි දියුණු කළ Nightography තුලින් අවම ආලෝක තත්වයක් තුලදී පවා පැහැදිලි පින්තූර ලබා ගැනීමට හැකිවන අතර තාක්ෂණය මඟින් සමේ ස්වභාවික පැහැය මෙන්ම වර්ණ නිවැරදිව ප්‍රදර්ශනය වන පරිදි ස්වයංක්‍රීයව සකස් කිරීමේ පහසුවද උදා වේ.
නවතම Galaxy A57 5G මාදිලිය සතු කාර්යක්ෂමතාව හා ඡායාරූප සකස් කිරීමේ ඉහළ තාක්ෂණය තුලින් සියලු දේ සුපැහැදිලිව ඡායාරූප ගත කිරීමට හැකි වනු ඇත. එමෙන්ම ඡායාරූපයක ඇති අත්‍යාවශ්‍ය නොවන දේ ඉවත් කිරීමේ හැකියාව උදා කර දෙන Object Eraser විශේෂාංගය සහ ඡායාරූපයේ සෑම මුහුණක්ම පැහැදිලිව පෙන්වන Best Face වැනි පහසුකම්ද මෙහි ඇතුලත් වේ. මේ පහසුකම් හේතුවෙන් ඡායාරූප සංස්කරණය පිළිබඳ කිසිඳු දැනීමක් නොමැතිව වුවද උසස් තත්වයේ ඡායාරූප ලබා ගැනීමට ඔබට හැකි වනු නිසැකය.
ඉතා සිහින් නිමාවකින් යුත් Galaxy A57 5G ස්මාර්ට් ජංගම දුරකතනය දින දෙකක් දක්වා කිසිඳු බාධාවකින් තොරව භාවිත කළ හැකි 5,000mAh ප්‍රබල බැටරියකින් යුක්ත වන අතර ඊට සවිබලය සපයන Super Fast Charging පහසුකමද මෙහි අන්තර්ගත වේ. ඉතා ඉහළ ක්‍රියාකාරීත්වයකින් යුත් මෙම ස්මාර්ට් ජංගම දුරකතන CPU, GPU සහ NPU වැනි දියුණු කළ තාක්ෂණය හෛ්තුවෙන් වීඩියෝ නැරඹීම, gaming ඇතුලු එකවර වැඩ කිහිපයක් සිදු කර ගැනීමේ හැකියාව ලබා දෙයි. මෙහි ඇති 120Hz නැවුම් කිරීමේ අනුපාතයක් සහිත Super AMOLED+ තිරය හේතුවෙන් තද හිරු එළිය ඇති තත්වයකදී වුව පහසුවෙන් පැහැදිලි හා වර්ණවත් ඡායාරූප දැක ගැනීමට හැකියාව උදා වේ.
ඉතා ශක්තිමත් හා පහසුවෙන් භාවිත කළ හැකි අයුරින් නිර්මාණය කර ඇති මෙම ස්මාර්ට් ජංගම දුරකතන ජලය සහ දූවිලිවලින් ආරක්ෂා වීමේ හැකියාවෙන් යුක්ත බැවින් IP68 rating ශ්‍රේණිගත කිරීමද හිමිකරගෙන සිටියි. මේ හේතුවෙන් වර්ෂාවක් අවස්ථාවකදී මෙන්ම දූවිලි සහිත මාර්ගයන්හි වුවද කිසිඳු බාධාවකින් තොරව රිසි සේ ජංගම දුරකතනය භාවිත කිරීමට හැකියාව උදා වනු ඇත.
ආරක්ෂාව සහ දිගුකාලීන භාවිතය පිළිබඳව Samsung හි වැඩි අවධානයක් දිනාගෙන ඇති මෙම මාදිලි සඳහා වසර 6ක් දක්වා ආරක්ෂක One UI සහ Android OS යාවත්කාලීන කිරීම් 6ක් ලබා ගැනීමට අවස්ථාව ලැබේ. එමෙන්ම Samsung Knox Vault තාක්ෂණය මගින් ඔබේ පෞද්ගලික දත්තවලට ඉහළ ආරක්ෂාවක් ලබා දෙන අතර, Privacy Alerts සහ Private Album වැනි පහසුකම් මගින් ඔබේ පෞද්ගලික තොරතුරු පාලනය කිරීමේ වැඩි නිදහසක් ඔබට හිමිවේ.
මේ සම්බන්ධයෙන් අදහස් දැක්වූ Samsung Sri Lanka හි කළමනාකාර අධ්‍යක්ෂ SangHwa Song මහතා සඳහන් කර සිටියේ “Galaxy A57 5G සහ Galaxy A37 5G ස්මාර්ට් ජංගම දුරකතන මාදිලි හඳුන්වා දීම තුලින් ශ්‍රී ලාංකිකයින් වැඩි පිරිසකට AI තාක්ෂණය හරහා හරවත් අත්දැකීමක් උදා කර දීමට අපි බලාපොරොත්තු වනවා. සෑම කෙනෙකුටම ඉහළ මට්ටමේ තාක්ෂණය භුක්ති විඳීමේ අවස්ථාව උදා කර දීම වෙනුවෙන් අප සතු කැපවීම ප්‍රදර්ශනය කරනු ලබන මෙම හඳුන්වාදීම පරිශීලකයින් වෙත වඩාත් විශිෂ්ට හා පහසු අත්දැකීමක් උදා කර දිය හැකියි.” යනුවෙනි.
නව තාක්ෂණය භාවිත කරමින් එදිනෙදා ජීවිතයට නව අරුතක් එක් කර ගැනීමට කැමති පරිශීලකයින්ට වඩාත් ගැලපෙන අලංකාර නිමාවෙන් යුත් Galaxy A57 5G සහ Galaxy A37 5G ආකර්ෂණීය වර්ණ කිහිපයකින් තෝරා ගැනීමේ අවස්ථාවද ශ්‍රී ලාංකිකයින් වෙත උදා වනු ඇත.
එසේම මෙම නවතම ජංගම දුරකතන මාදිලි මිලදී ගැනීමේදී ඉදිරිපස තිරය මාරු කිරීම සඳහා වසර 2ක් දක්වා මෙන්ම පසුපස තිරය මාරු කිරීම සඳහා වසර 2ක් දක්වා ප්‍රතිලාභ හිමි වීමද විශේෂත්වයකි. සියලු පහසුකම් සහිත මෙම නවතම ජංගම දුරකතන මාදිලි Samsung Easy Pay හරහා මාස 24ක් දක්වා පහසු ගෙවීමේ ක්‍රමයට මිලදී ගැනීමට හැකි වීම තවත් පහසුවක් වනු ඇත.
මෙම හඳුන්වා දීම තුලින් ශ්‍රී ලංකාව පුරා සුවිසල් පාරිභෝගික ජාලයක් වෙත හොඳම තත්වයේ නවතම නිෂ්පාදනයක් ගෙන ඒමට Samsung කටයුතු කර ඇත්තේ මනා ක්‍රියාකාරීත්වයකින් හා තාක්ෂණයකින් යුත් විශ්වසනීය නිෂ්පාදනයක් පාරිභෝගිකයින් වෙත තිලිණ කරමිනි.

