July 27, 2024
සැම්සුන් ශ්‍රී ලංකා 2024 නව වසර Smart ආරම්භයක් සමඟින් පිළිගැනීමට පාරිභෝගිකයින්ට ආරාධනා කරයි
පුවත්

සැම්සුන් ශ්‍රී ලංකා 2024 නව වසර Smart ආරම්භයක් සමඟින් පිළිගැනීමට පාරිභෝගිකයින්ට ආරාධනා කරයි

Jan 17, 2024

2023 වසර අවසන් වෙත්ම සැම්සුන් ඉලෙක්ට්‍රොනික්ස් ගෘහස්ථ ඉලෙක්ට්‍රොනික උපකරණවල විශිෂ්ටතමයා ලෙස සිය ස්ථානය එලෙසෙම පවත්වා ගැනීමට සමත්ව සිටී. ක‍්‍රියාකාරීත්වය, හැඩය සහ පරිශීලක-හිතකාමී අතුරුමුහුණත් කිසිඳු බාධාවකින් තොරව ඒකාබද්ධ කරමින් උසස් තත්වයේ නිෂ්පාදන පිරිනැමීමේ පුරෝගාමියා වන සැම්සුන් smart ජීවන රටාව කෙරෙහි අවධානය යොමු කරමින් නව වසරට පියමං කිරීමට එක් වන ලෙස පාරිභෝගිකයින්ට ආරාධනා කරයි.

ලොව ප‍්‍රමුඛතම සන්නාම ඇගයීමට ලක් කරනු ලබන උපදේශන ආයතනය වන Brand Finance සින් ශ‍්‍රී ලංකාවේ වඩාත් ආදරය දිනාගත් ගෘහ උපකරණ සන්නාමය ලෙස සැම්සුන් ශ්‍රේණිගත කිරීම මගින් ලොව පුරා සිටින පාරිභෝගිකයින්ට සුවිශේෂ අත්දැකීම් ලබා දීමට සහ අඛණ්ඩ නවෝත්පාදනයන් සඳහා වූ සැම්සුන් හි නොසැලෙන කැපවීම අවධාරණය කරයි. මෙම ගෞරවනීය පිළිගැනීම මගින් සමාගමේ විශිෂ්ටත්වය, පාරිභෝගිකයින් තෘප්තිමත් කිරීම සහ ගෘහ ඉලෙක්ට්‍රොනික වෙළඳපොලේ සිය නායකත්වය පවත්වා ගැනීම සඳහා ඇති කැපවීම මනාව පිළිබිඹු කරයි.

උසස් ගුණාත්මකභාවයෙන් යුතු රූප රාමු ලබා දීමට සහ නවෝත්පාදනය සඳහා වන සීමාවන් අඛණ්ඩව අතික‍්‍රමණය කරමින් සැම්සුන් අති නවීන තාක්ෂණයෙන් යුතු නිෂ්පාදන හඳුන්වා දුන්නේය. 2017 දී, සැම්සුන් විසින් ගුණාත්මකභාවයෙන් ඉහළ රූපරාමු සහ 100% වර්ණ පරිමාවක් ලබා දෙමින් quantum dot තාක්ෂණය සහිත පළමු QLED රූපවාහිනිය හඳුන්වා දුන් අතර එය ‘ඊළඟ පරම්පරාවේ රූපවාහිනී තිර’ (next-generation display) යන්න නව වෙනසකට ලක් කළේය. 2018 දී, සැම්සුන් විසින් QLED 8K මාදිලියත් 2021 දී, Quantum Mini LED තිරය සහිත Neo QLED සහ MICRO LED තාක්ෂණයන් හඳුන්වා දෙන ලදී.  මෙම නව්‍ය තාක්ෂණයන් සමඟින් රූපවාහිනියේ රූපරාමුවල ගුණාත්මකභාවය නැවත අර්ථකථනය කරමින් කර්මාන්තයේ නව ප‍්‍රමිතීන් ස්ථාපිත කිරීමට සැම්සුන් මෙම සෑම අවස්ථාවකදීම සමත් විය.

අඛණ්ඩව වසර 17ක් පුරා රූපවාහිනී නිෂ්පාදන වෙළඳපොලේ ඉහළින්ම සිටින සැම්සුන් හි පාරිභෝගික ඉල්ලීම්වලට ප‍්‍රමුඛත්වය ලබා දීමට නිර්මාණය කළ රූපවාහිනී මාදිලි සහ වැඩිදියුණු කළ පරිශීලක අත්දැකීම් තුළින් වඩාත් නව්‍ය නිෂ්පාදන ලබා දීමට සමාගමේ ඇති කැපවීම අවධාරණය කරයි. මෙම කැපී පෙනෙන ජයග‍්‍රහණය මගින් විශේෂයෙන්ම රූපවාහිනී කර්මාන්තයේ නව ප‍්‍රමිතීන් සකස් කිරීමේ පුරෝගාමියා වන Neo QLED මාලාව සමඟින්, උසස් මට්ටමේ රූපවාහිනී අත්දැකීම් සහ පාරිභෝගික ඉල්ලීම්වලට ප‍්‍රමුඛත්වය ලබා දීමට නිර්මාණය කළ රූපවාහිනී මාදිලි ලබා දීමට සැම්සුන් හි නොසැලෙන කැපවීම පෙන්නුම් කරයි.

වෙළඳපල නායකත්වයට අමතරව තිරසාරත්වය ආරම්භ වන්නේ නිවසින් බව සැම්සුන් විශ්වාස කරයි. මුළුතැන්ගෙයි සහ ගෘහ උපකරණ සමඟින් ඒකාබද්ධ වූ නව්‍ය විසඳුම් හා වසර 20ක වගකීම් සහතිකය සමඟින් නිවෙස්වල තිරසාර භාවිතයන් ප‍්‍රවර්ධනය කිරීමට දායක වෙයි. සැම්සුන් විසින් සිය රෙදි සෝදන යන්ත‍්‍රවල Digital Inverter Motor සහ ශීතකරණවල Digital Inverter Compressor සඳහා වසර 20ක වගකීම් කාලයක් හඳුන්වා දී ඇත. මෙම පියවර මගින් පාරිභෝගිකයින්ට මානසික සුවය ලබා දෙමින්, නිෂ්පාදනවල කල්පැවැත්ම සහතික කරමින් සහ ඉලෙක්ට්‍රොනික අපද්‍රව්‍ය අවම කරමින් තිරසාරත්වය සඳහා සැම්සුන් හි කැපවීම ද ඉස්මතු කරයි.

සිය Digital Inverter තාක්ෂණය තුළින් බලශක්ති කාර්යක්ෂමතාව සහ තිරසාරත්වය සඳහා සැම්සුන් හි කැපවීම මනාව පැහැදිලි වේ. මෙම තාක්ෂණය මඟින් උපකරණවල ආයු කාලය දීර්ඝ කරමින් පාරිසරික අපද්‍රව්‍ය අවම කරන අතර පරිශීලකයින්ට මානසික සුවය ලබා දෙමින් විශ්වාසනීයත්වය ද සහතික කරයි. සැම්සුන්හි වසර 20ක වගකීම් සහතිකය පාරිභෝගිකයින්ට දශක දෙකක නඩත්තු සහ සේවාවලට අමතරව අමතර කොටස් සඳහා කල්පැවැත්ම සහ ප‍්‍රවේශය සහතික කරයි.

2024 දී සැම්සුන් විසින් ශ‍්‍රී ලාංකේය වෙළෙඳපොළට නව්‍ය නිෂ්පාදන පෙළක් හඳුන්වා දීමට බලාපොරොත්තුවෙන් සිටී. නවෝත්පාදනය සඳහා සමාගමේ කැපවීම SmartThings සමඟින් පරිශීලක-හිතකාමී තාක්ෂණය නිර්මාණය කිරීම මගින් පෙන්නුම් කෙරේ. එමගින් විවිධ උපාංග අතර කිසිඳු අපහසුවකින් තොරව ඒකාබද්ධ වීමට සහ සම්බන්ධ වීමට ඉඩ සලසයි.

නවෝත්පාදනය, තිරසාරභාවය සහ පාරිභෝගිකයින් තෘප්තිය කිරීම සඳහා සැම්සුන් හි දැඩි කැපවීම උසස් තාක්ෂණයෙන් යුතු කල් පවතින ගෘහ ඉලෙක්ට්‍රොනික උපකරණ සොයන පාරිභෝගිකයින් සඳහා එය වඩාත් ප‍්‍රියතම තේරීම බවට පත් කර ඇත. ඔබ නව වසරට පිවිසෙන විට, සැම්සුන් වෙතින් පමණක් පිරිනමන අති නවීන තාක්ෂණය, පරිසර හිතකාමී විසඳුම් සහ පාරිභෝගික විශ්වාසයේ අසමසම සම්මිශ‍්‍රණය ගැන අවධානය යොමු කරන්න. ගෘහ ඉලෙක්ට්‍රොනික උපකරණ පිළිබඳ ඔබේ බුද්ධිමත් තීරණ සෑම නවෝත්පාදනයකම විශිෂ්ටත්වය මූර්තිමත් කරන සැම්සුන් සන්නාමය සමඟින් ආරම්භ වන වසරක් සඳහා 2024 වසර සඳහා සැම්සුන් තෝරා ගන්න.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *