January 17, 2025
සැම්සුන් ගෝලීය Soundbar නිෂ්පාදන වෙළෙඳ පොලේ 10 වසරක විශිෂ්ටත්වය සමරයි
පුවත්

සැම්සුන් ගෝලීය Soundbar නිෂ්පාදන වෙළෙඳ පොලේ 10 වසරක විශිෂ්ටත්වය සමරයි

Apr 10, 2024

සැම්සුන් ඉලෙක්ට්‍රොනික් 2014 වසරේ සිට 2023 වසර දක්වා අඛණ්ඩව වසර 10ක් ගෝලීය soundbar වෙළෙඳපොලේ ප‍්‍රමුඛයා ලෙස කටයුතු කිරීමේ විශිෂ්ට ජයග‍්‍රහණය මහත් අභිමානයෙන් නිවේදනය කර ඇත. FutureSource Consulting සඟරාව විසින් නිකුත් කළ නවතම වාර්තාව තුළින් එම ජයග‍්‍රාහී සන්ධිස්ථානය තහවුරු කර ඇත්තේ සැම්සුන්හි විශිෂ්ටත්වයද යළි යළිත් සනාථ කරමිනි. නවෝත්පාදන හා ගුණාත්මක නිෂ්පාදනයන් හඳුන්වා දීම වෙනුවෙන් වන සැම්සුන්හි කැපවීම හේතුවෙන් 2023 වසරේදී 20.3%ක වෙළෙඳපොල කොටසක් මෙන්ම 18.8%ක විකුණුම් ප‍්‍රතිශතයක් තමන් සතු කර ගැනීමට සමත්ව සිටියි.

ගෙවුණු වසර 10ක කාලය තුළ පාරිභෝගිකයින්ගේ ගෘහස්ථ විනොදාස්වාද නිෂ්පාදනයන් වෙත නව ප‍්‍රමිතීන් හඳුන්වා දීමට කටයුතු කළ සැම්සුන් උසස් ශබ්ද රටා මෙන්ම අසමසම නවෝත්පාදනයන් තුළින් ඉහළ පාරිභෝගික ආකර්ෂණයක් හිමි කර ගැනීමට සමත් විය. පාරිභෝගිකයා වෙත නවමු අත්දැකීමක් ලබා දීමට සමත් වූ සැම්සුන්හි Q-Symphony සහ SpaceFit වැනි විශේෂාංග තුළින් ඔවුන්ට රිසි සේ සුමිහිරි ශබ්ද රසයන් විඳ ගැනීමේ අවස්ථාව සලසා දීමට කටයුතු කරනු ලැබුවේ සිය නවෝත්පාදන විශිෂ්ටත්වය මනාව ප‍්‍රදර්ශනය කරමිනි.

සැම්සුන්හි හොඳම Soundbar නිෂ්පාදනය ලෙස පිළිගැනීමට ලක් වූ HW-Q990C පරිශීලකයින් වෙත සුවිශේෂී ශබ්ද පරාසයන් රස විඳීමේ අවස්ථාව උදා කර දීමට සමත්ව ඇත්තේ පාරිභෝගික ආකර්ෂණය ඉහළින්ම දිනා ගනිමිනි. විවිධ අන්තර්ගත ශබ්ද රටාවන්හි නිර්මාණාත්මක බව හේතුවෙන් එය HomeTheaterReview හි “Editor’s Choice” ලෙස සම්මාන දිනා ගැනීමට සමත් වීම තුළින් එය මනාව තහවුරු වේ.

2024 වසරේදී සිය Soundbar නිෂ්පාදන තුළින් සුවිසල් පෙරලියක් සිදු කිරීමට සැම්සුන් සමත්ව ඇත්තේ හෝම් තියටර් සඳහා වැඩි උනන්දුවක් දක්වන පාරිභෝගිකයින් වෙත AI තාක්ෂණයේ ශබ්ද රටාවන් හා වෙනත් සමබන්ධතා විකල්පයන් හඳුන්වා දෙමිනි. අද වන විට වෙළෙඳපොල තුළ නව්‍යකරණ නිෂ්පාදනවල ප‍්‍රමුඛතම නිෂ්පාදනයක් ලෙසද මෙය සඳහන් කළ හැකිය.

සැම්සුන් තාක්ෂණික විශිෂ්ටත්වයේ උච්චතම අවස්ථාව ප‍්‍රදර්ශනය කරන Soundbar හි Q නිෂ්පාදන පෙළට අයත් HW-Q990D වැඩි දියුණු කළ Q-Symphony විශේෂාංගයන් සමඟින් ආකර්ෂණීය 11.1.4  ශබ්ද රටාවන් පරිශීලකයින් වෙත අසමසම ශබ්ද රසයක් එක් කරනු ලබයි. AI තාක්ෂණයෙන් බල ගැන්වෙන එය සුපැහැදිලි හඬක් සමඟින් විවිධ හඬ පරාසයන් විශ්ලේෂණය කරමින් එකිනෙකට වෙනස් ශබ්ද රසයන් ලබා දීමට සමත්ව ඇත්තේ මනා රස වින්දනයක් උරුම කර දෙමිනි. සැම්සුන්හි තවත් සුවිශේෂී නිෂ්පාදනයක් වන SpaceFit Sound Pro පරිසරයට අනුකූලව වෙනස් කළ හැකි විශේෂාංගයන් සමඟින් ගෘහස්ථ රස වින්දනය සඳහා HDMI 2.1 සහ 4K/120Hz passthrough පද්ධතීන්හි අවශ්‍යතාවයන් සපුරාලීමට අතිනවීන සම්බන්ධතාවයක් ලබා දෙයි.

මේ සම්බන්ධයෙන් අදහස් දැක්වූ සැම්සුන් ඉලෙක්ට්‍රොනික්හි Visual Display ව්‍යාපාරයේ EVP, Cheolgi Kim මහතා සඳහන් කර සිටියේ ‘‘වසර ගණනාවක් පුරා අපගේ පාරිභෝගිකයින්ගේ අකාර්ෂණීය ප‍්‍රතිචාරයන් පිළිබිඹු කරන සුවිශේෂී සනධිස්ථානයක් වන soundbars වෙළෙඳපොලෙහි ප‍්‍රමුඛයා ලෙස යළිත් වරක් පිළිගැනීමට ලක්වීම පිළිබඳව ඉතාමත් සතුටුයි. පාරිභෝගික අත්දැකීම් හා ගෝලීය වෙළෙඳපොල තුළ සැම්සුන්හි විශිෂ්ටත්වය පවත්වාගෙන යාම වෙනුවෙන් AI මත පදනම් වූ ශබ්ද තාක්ෂණයන් යොදා ගනිමින් අත්පත් කරගත් මෙම සාර්ථකත්වය අසමසම අත්දැකීම් සහිත ගෘහස්ථ විනෝදාස්වාදයක් සම`ගින් ඉදිරියට ගෙන යාමට අපි බලාපොරොත්තු වනවා’’ යනුවෙනි.

Soundbar වෙළෙඳපොලෙහි සැම්සුන් අත්කරගත් මෙම විශිෂ්ටත්වය නවෝත්පාදනය හා ගුණාත්මකභාවය වෙනුවෙන් සැම්සුන්හි කැපවීම යළි යළිත් අරුත් ගන්වන අතර එය තව දුරටත් ඉහළ නංවමින් පාරිභෝගිකයින් වෙනුවෙන් අසමසම ශබ්ද රසයක් එක් කිරීමට සැම්සුන් කැපවී සිටියි.

ශබ්ද රසයෙන් පමණක් නොව සියලූ පාරිභෝගික ඉලෙක්ට්‍රොනික නිෂ්පාදනයන් තුළින් සිය පාරිභෝගිකයින් වෙත සුවිසල් පහසුවක් එක් කිරීමට සැම්සුන් කටයුතු කර ඇත්තේ නව්‍ය තාක්ෂණයේ උරුමය ඔවුන් වෙත ගෙන එමිනි. ඒ යටතේ රූපවාහිනී, ස්මාර්ට් ජංගම දුරකතන, ස්මාර්ට් වොච්, ටැබ්ලට්, ඩිජිටල් උපකරණ, නෙට්වර්ක් සිස්ටම්, මෙමරි කාඞ් system LSI, foundry සහ LED විසඳුම් තුළින් සිය නව්‍යකරණ තාක්ෂණික හැකියාවන් ලොවට ප‍්‍රදර්ශනය කිරීමට සැම්සුන් සමත්ව ඇත.

1 Comment

  • I want to convey my passion for your kind-heartedness for those people that have the need for assistance with your content. Your real commitment to getting the message all around turned out to be remarkably effective and have always permitted girls just like me to reach their endeavors. Your new helpful facts means a whole lot to me and further more to my colleagues. Best wishes; from each one of us.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Close