දිගු කාලීන සේවකයන්ට ගෞරව දක්වමින් Russel’s 38 වන සංවත්සරය සමරයි
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ ආහාර හා පාන සේවා සපයන්නකු වන Russel’s සමූහය සිය 38 වැනි සංවත්සරය සමරමින් දිගු කාලීන සේවකයන්ට ගෞරව දැක්වීය. මෙම අවස්ථාවට බිෂොප් හවුස්හි ප්‍රසාද් පියතුමා සහ විශේෂ ආරාධිත අමුත්තෝ රැසක් සහභාගී වූහ. මෙම සැමැරුමේ විශේෂත්වය වූයේ සමාගමට දිගු කාලයක් කැප වී සේවය කළ සේවකයන් සම්මානයට පාත්‍ර කිරීමයි. Russel’s සමඟ වසර 33ක් සේවය කළ ෂර්මිලා ප්‍රනාන්දු මහත්මියගේ කැප වීම, වෘත්තීයභාවය සහ විශිෂ්ට සේවාව අගයමින් ඇයට හා ඇයගේ පවුලට Horana Plantation Bungalowහි එක් දින පූර්ණ නිවාඩු පැකේජයක් පිරිනමන ලදී.
මෙම සංවත්සර සැමැරුම පසුගිය වසර 38 තුළ සමාගම ලැබූ ජයග්‍රහණ සමාලෝචනය කිරීමක් මෙන්ම එම සාර්ථකත්වයට දායක වූ පුද්ගලයන්ට කෘතඥතාව පළ කිරීමේ අවස්ථාවක්ද විය. Russel’s සමාගම දශක හතරකට ආසන්න කාලයක් තුළ විශිෂ්ටත්වය සහ සේවකයන් හා පාර්ශ්වකරුවන් සමඟ ගොඩ නැගූ දීර්ඝ කාලීන සම්බන්ධතා මත ශක්තිමත් සන්නාමයක් නිර්මාණය කර ඇත. සමාගමට අනුව දිගු කාලීන සාර්ථකත්වය ගොඩ නැගෙන්නේ සේවකයන්ගේ විශ්වාසය, කැප වීම හා දායකත්වය මත වන අතර සේවකයන්ට ගෞරව දැක්වීම සමාගමේ මූලික අරමුණක් වේ. අනාගතය දෙස බලමින් Russel’s සමාගම තම සංවත්සරය සැමැරීම සමඟ තම සාර්ථක ගමන ගොඩ නගා දුන් පුද්ගලයන්ට ගෞරව දක්වමින් ඉදිරියටත් විශිෂ්ට ලෙස සිය සේවා සැපැයීමට බලාපොරොත්තු වේ.

