September 8, 2024
කර්මාන්ත විශිෂ්ටතා රන් සම්මානයෙන් Royal Cashews පිදුම් ලබයි
පුවත්

කර්මාන්ත විශිෂ්ටතා රන් සම්මානයෙන් Royal Cashews පිදුම් ලබයි

Nov 17, 2023

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම කජු නිෂ්පාදන සහ අලෙවි සමාගම වන රෝයල් කැෂූ සමාගම කර්මාන්ත සංවර්ධන මණ්ඩලය (IDB) සංවිධානය කළ ජාතික කර්මාන්ත විශිෂ්ටතා 2023 සම්මාන උළෙලේදී කෙටි ආහාර සහ රසකැවිලි නිෂ්පාදන අංශයේ රන් සම්මානයෙන් පිදුම් ලැබීය. ජනාධිපති රනිල් වික්‍රමසිංහ, කර්මාන්ත අමාත්‍ය රමේෂ් පතිරණ, ප්‍රාථමික කර්මාන්ත රාජ්‍ය අමාත්‍ය චාමර සම්පත් දසනායක, සුළු හා මධ්‍ය පරිමාණ කර්මාන්ත සංවර්ධන රාජ්‍ය අමාත්‍ය ප්‍රසන්න රණවීර සහ කාර්මික සංවර්ධන මණ්ඩලයේ සභාපති වෛද්‍ය සාරංග අලහප්පෙරුම යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් කොළඹ නෙළුම් පොකුණේදී උත්කර්ෂවත් ලෙස පැවැති සම්මාන උළෙලේදී රෝයල් කැෂූ සභාපති වෛද්‍ය රුවන් වතුගල මහතා වෙත රන් සම්මානය පිරිනමන ලදී.

ISO 22000:2018, HACCP, GMP සහ ISO 14001:2015 තත්ත්ව සහතික ලැබූ ශ්‍රී ලංකාවේ ප්‍රථම කජු සැකසුම් සමාගම වන රෝයල් කැෂූ අන්තර්ජාතික වෙළෙඳපොළට ගුණාත්මකභාවයෙන් සහ ප්‍රමිතියෙන් ඉහළ නිෂ්පාදන රැසක් සපයයි.

1991දී ශ්‍රී ලාංකීය කජු නිෂ්පාදන ජාත්‍යන්තර වෙළෙඳපොළට අපනයනය කිරීමේ අරමුණින් ඇරැඹූ රෝයල් කැෂු සමාගම වර්තමානයේදී Royal Food Marketing, Trust Lanka Suppliers සහ Green Way Asia Lanka යන සමාගම්වල එකතුවෙන් සමුහ ව්‍යාපාරයක් වී ඇත. රෝයල් කැෂූ නිෂ්පාදන ජපානය, ඇමෙරිකාව, නවසිලන්තය, ඕස්ට්‍රේලියාව, කැනඩාව, චීනය, දකුණු අප්‍රිකාව සහ මාලදිවයින වැනි රටවල් රැසකට අපනයන කරයි.

රෝයල් කැෂූ ප්‍රදර්ශනාගාර One Galle Face, Shangri-La, Crescat, Marino Mall, CCC, K-Zone, KCC, WTC, වැලිපැන්න සේවා ස්ථානය, නුගේගොඩ, ගාල්ල සහ බොරැල්ල ආදී ස්ථාන 15ක පමණ ඇත. රෝයල් කැෂූ නිෂ්පාදන වර්ග 19කින් ඇසුරුම් වර්ග 682කින් www.royalcashew.com වෙබ් අඩවිය ඔස්සේද දිවයින පුරා බෙදා හරියි.

“ජාතික කර්මාන්ත විශිෂ්ටතා සම්මාන උළෙලේදී රන් සම්මානයෙන් පිදුම් ලැබීම මගින් තහවුරු වන්නේ ශ්‍රී ලංකාවේ කජු නිෂ්පාදනයේ සහ අළෙවියේ ප්‍රමුඛයා බවට රෝයල් කැෂූ පත් වී ඇති බවයි. මේ ජයග්‍රහණය අප වෙත ලැබීමට සුවිශාල ශක්තියක් වූ අපගේ ගෞරවණීය පාරිභෝගිකයන්ටත්, ගොවි මහතුන්ටත්, කාර්ය මණ්ඩලයටත් මාගේ ස්තූතිය පළ කරනවා.” රෝයල් කැෂූ සභාපති වෛද්‍ය රුවන් වතුගල මහතා පැවසීය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *