July 27, 2024
සෙලින්කෝ ලයිෆ් හි හරිත ගමනින් මිනුවන්ගොඩට නව පරිසර හිතකාමී ශාඛාවක්
පුවත්

සෙලින්කෝ ලයිෆ් හි හරිත ගමනින් මිනුවන්ගොඩට නව පරිසර හිතකාමී ශාඛාවක්

Nov 17, 2023

සෙලින්කෝ ලයිෆ් සමාගමේ නොසැලෙන හරිත ගමනට අනුකූල අරමුණ පෙරදැරි කර සැලසුම් කරන ලද නවතම ශාඛාව, මිනුවන්ගොඩදී සමාගමට අයත් ගොඩනැඟිල්ලකදී විවෘත කරමින් එම ගමනෙහි තවත් සන්ධිස්ථානයක් සනිටුහන් කරන ලදි.

ජාතික ඉංජිනේරු පර්යේෂණ හා සංවර්ධන මධ්‍යස්ථානය (NERD) විසින් හඳුන්වා ඇති නව අඩු වියදම් කොන්ක්‍රීට් තාක්‍ෂණයක් අනුගමනය කරමින් ඉදි කරන ලද සමාගමේ පළමු ශාඛාව මෙය වන අතර, එය අංක : 101, වේයන්ගොඩ පාර, මිනුවන්ගොඩ යන ලිපිනයෙහි පිහිටුවා ඇත. නව තාක්‍ෂණයෙන් ලබාදෙන කාලය හා පිරිවැය ඉතිරිකිරීම් ක්‍රමවේද හරහා, මෙම නව ශාඛාව මාස 10කින් සම්පූර්ණ කරන ලදී.

සමාගමෙහි සියලුම නව ශාඛා සඳහා අනුගමනය කරන පරිසර හිතකාමී ප්‍රමිතීන්ට අනුකූලව මෙම නව ගොඩනැඟිල්ලද ඉදිකරන ලද අතර, එය සමාගම සතු ගොඩනැඟිල්ලක ක්‍රියාත්මක වන 33වැනි සෙලින්කෝ ලයිෆ් ශාඛාව වෙයි.

මෙම නවතම දෙමහල් ගොඩනැඟිල්ල මගින් වර්ග අඩි 3,500ක කාර්යාල අවකාශයක් සපයන අතර, සම්පූර්ණයෙන්ම විදුලිය බල ගැන්වෙන්නේ 10-kw ජාලක සූර්ය බල පද්ධතියකින් සහ 5-kw බැටරි උපස්ථතික බල පද්ධතියක් මගිනි. මෙම තාක්‍ෂණය නිසා ගොඩනැඟිල්ලට ජාතික විදුලිබල පද්ධතියෙන් විදුලිය ලබා නොගනී. එසේම මෙම ගොඩනැඟිල්ලෙහි වැසි ජලය රැස් කිරීමේ පහසුකමක් සහ අපජල ප්‍රතිචක්‍රීකරණ පද්ධතියක්ද ඇති අතර, එමගින්  අපජලය 100% පිරිසැකසුම් කරමින් නල ජලය භාවිතය අවම කරයි.

මෙම නව ගොඩනැඟිල්ල ස්වාභාවික ආලෝකය සහ ස්වාභාවික වාතාශ්‍රය උපරිම ලෙස ලබා ගැනීම සඳහා නිර්මාණය කර ඇති අතර, බලශක්ති කාර්යක්‍ෂම කෘතීම ආලෝකකරණ සහ වායු සමීකරණ පද්ධතියකින්ද සමන්විතය. ඉදිකිරීම උදෙසා දැව භාවිතය අවම කළ අතර, නව ගොඩනැඟිලි පරිශ්‍රයේ අලුතින් ගස් වර්ග රෝපණය කිරීමද සිදුකරන ලදී.

පාරිභෝගික පහසුව සඳහා නව ශාඛාව මගින් වාහන නැවැත්වීමේ ස්ථාන, ඉඩකඩ සහිත පාරිභෝගිකයන්ට අසුන් ගෙන සිටිය හැකි ස්ථානයක් සහ පුද්ගලික සාකච්ඡා කාමර ස්ථාපිත කර ඇත.

2022 වසරේ දී ශ්‍රී ලංකා අලෙවිකරණ ආයතනය (SLIM) විසින් සෙලින්කෝ ලයිෆ් ‘වසරේ සන්නාමය’ ලෙසත්, ‘වසරේ සේවා සන්නාමය’ ලෙසත් නම් කළ අතර වර්ල්ඩ් ෆයිනෑන්ස් විසින් අඛණ්ඩව නව වන වසරටත් ශ්‍රී ලංකාවේ හොඳම ජීවිත රක්ෂණ සමාගම ලෙස සම්මානයට ලක් විය. 2023 SLIM-Kantar ජනතා සම්මාන උළෙලේ දී ශ්‍රී ලංකාවේ වඩාත්ම ජනප්‍රිය ජීවිත රක්ෂණ සමාගම ලෙස 17 වන වසරටත් සම්මානය දිනූ සෙලින්කෝ ලයිෆ් මෑතකදී ශ්‍රී ලංකාවේ වඩාත්ම අගය කරන ලද සමාගම් 10 න් එකක් ලෙස ද නම් කරන ලදී. සෙලින්කෝ ලයිෆ් සමාගම ආරම්භ කර ගෙවුණු වසර 35 න් අර්ධයකට අධික කාලයක් මෙරට ජීවිත රක්ෂණ ක්ෂේත්‍රයේ වෙළඳපල නායකත්වය දරා ඇත. 2023 වසරේ ශ්‍රී ලංකාවේ වඩාත් වටිනා රක්ෂණ සන්නාමය ලෙස බ්‍රෑන්ඩ් ෆයිනෑන්ස් විසින් නම් කර ඇති සෙලින්කෝ ලයිෆ් 2022 වසරේ අඛණ්ඩව තුන්වැනි වසරටත් ශ්‍රී ලංකාවේ ‘විශිෂ්ට සේවා ස්ථානයක්’ ලෙස ද සම්මාන ලැබීය. සක්‍රීය රක්ෂණ ඔප්පු මගින් ජීවිත ලක්ෂ 10 කට ආසන්න ගණනක් ආවරණය කරන සෙලින්කෝ ලයිෆ් සමාගම ඔප්පුහිමියන්ගේ ජීවිත සහ ඔවුන්ගේ අරමුණු වලට ඇති අවදානම අවම කරන සහ ආරක්ෂාව ලබා දෙන නව්‍ය රක්ෂණ විසඳුම් සම්පාදනය කරයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *