‘Rosen Tours: Reimagined’ නිල වෙබ් අඩවිය සහ සන්නාමය එලි දක්වයි
මන්දාරා හෝටල් සමූහයේ සංචාරක කළමනාකරණ අංශය වන Rosen Tours Pvt Ltd හි නව වෙබ් අඩවිය වන www.rosentours.com සහ නව්‍යකරණය කරන ලද වෙළඳ අනන්‍යතාවය දියත් කිරීමේ උත්සවය “Reimagined – Rosen Tours” නමින් Hangla – The Ocean Lounge හිදී පසුගිය දා අති සාර්ථකව පැවැත්වීය. 1999 දී පිහිටුවූ Rosen Tours සමාගම අවුරුදු 26 කට වැඩි කාලයක පළපුරුද්ද සමග ශ්‍රී ලංකාවේ විශ්වාසනීය සංචාරක කළමනාකරණ සමාගමක් (DMC) ලෙස කීර්තිමත් නාමයක් ගොඩ නගාගෙන ඇත. නව දර්ශනයක්, නව අනන්‍යතාවක් සහ ගෝලීය ගුණාත්මක සේවයක් සැපයීමට සමාගම සතු කැපවීම මෙම ව්‍යාපෘතිය තුලින් පිළිබිඹු කරයි. මෙම නව්‍යකරණය ව්‍යාපෘතිය සදහා වෙබ් අඩවියට අමතරව, නව ලාංඡනයක් සහ නව වර්ණ පද්ධතියක්, නවීන සමාජ මාධ්‍ය මුහුණුවරක් (Facebook, Instagram සහ LinkedIn) ඇතුළත් වේ. තවද මෙම නව්‍යකරණ ව්‍යාපෘතිය සඳහා මන්දාරා හෝටල් සමූහය රුපියල් මිලියන 5ක මුදලක් ආයෝජන කර ඇත.
Rosen Tours සමාගම දැනටමත් චෙන්යිනායි හි සහ මුම්බායිහි කාර්යාල ස්ථාපිත කර ඇති අතර ඉදිරියේදී ඩුබායි රාජ්‍යයේ සහ ඕස්ට්‍රේලියාව තුළ නව කාර්යාල විවෘත කිරීමට සැළසුම් කර ඇත. එමෙන්ම සමාගම සතු වාහන සහිත අංගනයත්, 24/7 පාරිභෝගික සේවා පහසුකම් යන විශිෂ්ට කාරණා උපයෝගී කරගනිමින් Rosen Tours නව තාක්‍ෂණය මූලික කර ගත් ගෝලීය තරගකාරී සංචාරක සේවා සමාගමක් බවට පරිවර්තනය වෙමින් පවතී. Rosen Tours සමාගම පිටුපස ඇති ශක්තිය වනුයේ මන්දාරා හෝටල් සමූහ වන අතර ඒ සදහා ඇතුළත් වන්නේ, Mandara Resort, මිරිස්ස, වැලිගම, Mandara Rosen, යාල, Mandara Ridge, හපුතලේ. මීට අමතරව කොළඹ පිහිටි Red Orchids (චීන සහ තායි අවන්හල) සහ හපුතලේ ප්‍රදේශයේ පිහිටි Mandara Estate තේ වතුයායක්ද මන්දාරා සමූහයට ඇතුලත් වේ. තවද සේවකයන් 500 කට අධික ප්‍රමාණයක් මෙම සමුූහෙය් දැනට සේවයේ යෙදෙයි “මෙම Rosen Toursහි නව්‍යකරණය කිරීම අප සමාගමට නව පෙනුමක් පමණක් නොව එය අපගේ අරමුණ වන ශ්‍රී ලාංකීය සංචාරක කර්මාන්තයේ දියුණුවට ඍජුවම දායකවීම පිලිඹිමු කරන්නක්, තවද Rosen Tours, ශ්‍රී ලාංකිකයන්ටම ආවේනික උණුසුම් ආගන්තුක සත්කාර සහ නවීන සංචාරක කලමණාකරන තාකෂණය එකතු කරමින් ගෝලීය සංචාරක කර්මාන්තයේ දැවැන්තයකු බවට වර්තමානයේ පත් වෙමින් සිටිනවා”. මන්දාරා කණ්ඩායමේ සභාපති සාගර පාලිහවඩන මහතා පැවසීය. Rosen Tours හි දැක්ම මන්දාරා සමූහයේ නායකත්වය විසින් මෙහෙයවනු ලබන අතර, එය සභාපති සාගර පලිහවඩන, උප සභාපති අජන්තා පලිහවඩන, විකුණුම් උප සභාපති තිලිනි පලිහවඩන, පරිපාලන අධ්‍යක්ෂක රයන් ගෝනවල, මූල්‍ය අධ්‍යක්ෂක අයාන් පලිහවඩන යන අයගේ මඟ පෙන්වීම යටතේ ක්‍රියාත්මක වේ. Rosen Tours හි මෙහෙයුම් ශක්තියට ජ්‍යෙෂ්ඨ කළමනාකාරිනී සහරා මහරූෆ්, කළමනාකාර ඉසුරු ද සිල්වා, ජ්‍යෙෂ්ඨ විධායක සචින්ත දිසානායක සහ ඉන්දියාවේ ව්‍යාපාර සංවර්ධන කළමනාකරුවන් වන මොහොමඩ් ජකාරියා සහ ඉම්බ්‍රාන් ඛාන් යන අයගෙන් සමන්විත එහි ප්‍රධාන කළමනාකරණ කණ්ඩායම තවදුරටත් සහාය වේ. ශ්‍රී ලංකාවේ සංචාරක කර්මාන්තය වර්තමානයේ ඉහළ වර්ධනයක් අත් කර ගෙන ඇති අතර “Reimagined – Rosen Tours” යන නව පරිච්ඡේදය සමග ශ්‍රී ලංකාවේ සහ මාලදිවයිනහි නවීන සහ ආකර්ශණීය සංචාරක සේවාවන් සපයමින් ජාතික සංචාරක කර්මාන්තයේ දියුණුව උදෙසා ඍජුවම දායක වීමට මන්දාරා සමූහය සූදානම්ය.

