July 27, 2024
ජාතික ඉදි කිරීම් විශිෂ්ටතා සම්මානයෙන් Rohana Construction පිදුම් ලබයි
පුවත්

ජාතික ඉදි කිරීම් විශිෂ්ටතා සම්මානයෙන් Rohana Construction පිදුම් ලබයි

Sep 10, 2023

ශ්‍රී ලංකාවේ ඉදි කිරීම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛ සහ විශ්වාසනීය සමාගමක් වන Rohana Construction පෞද්ගලික සමාගම ජාතික ඉදිකිරීම් සම්මාන උළෙලේදී මිලියන 20 – මිලියන 40 ව්‍යාපෘති කාණ්ඩයේ විශිෂ්ටතා සම්මානයෙන් පිදුම් ලැබීය. සම්මාන උළෙල කොළඹ CIDA සම්මන්ත්‍රණ ශාලාවේදී නාගරික සංවර්ධන සහ නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතාගේ ප්‍රධානත්වයෙන් උත්කර්ෂවත් ලෙස පැවැත්විණි. අනුරාධපුර Comfort Center ඉදි කිරීම වෙනුවෙන් Rohana Construction වෙත මෙම සම්මානය හිමි විය. 2015/16 වසර සඳහා මෙන්ම, 2017/18 වසර සඳහාද Rohana Construction ඉදි කිරීම් විශිෂ්ටතා සම්මානවලින් පිදුම් ලබා ඇත.

2000දී අරඹන ලද Rohana Construction සමාගම රජයේ ලියාපදිංචි කොන්ත්‍රාත්කරුවෙකු ලෙස කාපට් මාර්ග, පාලම්, පානීය ජල හා ජල නළ ව්‍යාපෘති, කාර්යාල හා වෙළෙඳ ගොඩනැගිලි, රෝහල්, පාසැල්, හෝටල් ආදී ඕනෑම ඉදි කිරීමක් සිදු කිරීමට අවශ්‍ය තාක්ෂණයෙන් හා වෘත්තීයවේදීන්ගෙන් පරිපූර්ණය. Rohana Construction සමාගම නවීන තාක්ෂණය භාවිතා කරමින්, ගුණාත්මක භාවයෙන් සහ උසස් ප්‍රමිතියෙන් සපිරි අමුද්‍රව්‍ය භාවිතා කරමින් ඉදි කිරීම් ව්‍යාපෘති කලට වේලාවට අවසන් කිරීම Rohana Construction සමාගමේ විශ්වාසනීයත්වය තහවුරු වීමට ප්‍රබල හේතුවක් වී ඇත. වෘත්තීමය අත්දැකීම්වලින් සපිරි පළපුරුදු ඉදි කිරීම් ශිල්පීන් සහ වෘත්තිකයන් සිය ඉදි කිරීම් ව්‍යාපෘති සදහා සම්බන්ධ කර ගැනීම නිසා Rohana Construction සමාගමේ ඉදි කිරීම් විශිෂ්ට මට්ටමක පවතී. “Rohana Construction කෙරෙහි නිරන්තර විශ්වාසය තබමින් ඉදි කිරීම් ව්‍යාපෘති සදහා අප සමඟ අත්වැල් බැඳ ගත් සියලු රාජ්‍ය ආයනවලට, සියලු පෞද්ගලික ආයතනවලට, සියලු පාරිභෝගික භවතුන්ට මෙන්ම නිරන්තරයෙන් කැප වීමෙන් වැඩ කරන Rohana Construction කාර්ය මණ්ඩලයට මාගේ කෘතඥතාව මේ මොහොතේ පළ කරනවා.” Rohana Construction සභාපති රෝහණ අජිත් කුමාර මහතා පැවසීය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *