
Hayleys Energynet විසින් වැඩි දියුණු කළ බලශක්ති කාර්යක්ෂමතාව සහ විශ්වසනීයත්වය සඳහා Riello Master HE UPS පද්ධතිය දියත් කරයි
Hayleys Fentons හි අනුබද්ධිත සමාගමක් වන Hayleys Energynet, බලශක්ති කාර්යක්ෂම UPS විසඳුම්වල ගෝලීය ප්‍රමුඛයා වන Riello UPS (ඉතාලිය) සමඟ සහයෝගීතාවයෙන් 2023 සැප්තැම්බර් 15 වන දින එහි නව Riello Master HE UPS පද්ධතිය හඳුන්වා දෙන ලදී.
වේගයෙන් විකාශනය වන බලශක්ති අංශයේ ප්‍රගතිය උදෙසා, හවුල්කාරිත්වයන්, සහසම්බන්දතාවන් හා ආයතන අතර සහයෝගීතාවයන් තීරණාත්මක කාර්යභාරයක් ඉටු කරයි.
Riello Master HE 800 KVA UPS පද්ධතිය එළිදැක්වීම ‘Energynet Partners Meet’ හි විශේෂ අවස්ථාවක් වූ අතර කර්මාන්තයේ ප්‍රවීණයන්, ඉංජිනේරුවන් සහ ප්‍රධාන පාර්ශ්වකරුවන් මෙම අවස්ථාවට සහභාගී විය.
Hayleys Energynet ශ්‍රී ලංකාවේ Riello UPS සඳහා බලයලත් විකුණුම් සහකරු ලෙස කටයුතු කරයි. Hayleys Energynet ශ්‍රී ලංකාවේ Riello UPS සඳහා බලයලත් විකුණුම් සහකරු ලෙස කටයුතු කරයි. ඉහළ වෝල්ටීයතාවය, සුවිශේෂී බල ගුණාත්මක භාවය, උපරිම ආරක්ෂාව සහ වැඩිදියුණු කළ කාර්යක්ෂමතාව සහතික කරන මෙම Riello UPS පද්ධතිය වැඩි දියුණුකළ විසදුමකි.
Fentons සමාගමේ කළමනාකාර අධ්‍යක්ෂ හසිත් ප්‍රේමතිලක මහතා ප්‍රකාශ කළේ, “Riello UPS සමඟ අපගේ නව හවුල්කාරිත්වය පිලිබඳ මට විශ්වාසයි. සුරක්ෂිත සහ තිරසාර අනාගත බලශක්තිය විසදුම් කරා අප කපවෙන්නෙමු”
මෙම අවස්ථාවට RPS S.P.A හි ප්‍රාදේශීය කළමනාකරු Stefano Sinigallia සහභාගී වී සිටියේ විභව සහයෝගිතා සාකච්ඡා කිරීමට සහ සමාගම් දෙක අතර ඇති බැඳීම ශක්තිමත් කිරීමටය. උත්සවය අතරතුර ඔහු විසින්ම ඉදිරිපත් කරන ලද දැවැන්ත UPS පද්ධතිය නැරඹීමේ වරප්‍රසාදයද ප්‍රේක්ෂකයන්ට හිමි විය.
“සීග්‍රයෙන් වර්දනය වන ආසියානු වෙළෙඳපොළ අපගේ ප්‍රමුඛතාවයකි. වෘත්තිකයන්, තොරතුරු තාක්ෂණ සහ කාර්මික අංශය ඉලක්ක කර ගනිමින් නවතම UPS නිෂ්පාදන වෙළඳපොළට ගෙන එන්නට Hayleys Energynet සමාගමේ සහය විශේෂයෙන් අගය කල යුතුයි.”
“ඉහළ බලශක්ති කාර්යක්ෂමතාවයක් සහ උපරිම බලයක් අවශ්‍ය වන මහා පරිමාණ ව්‍යාපාරික මෙහෙයුම් සඳහාම නිමවූ, Riello Master HE UPS මාලාව ආරක්ෂාව සහ බල ගුණත්වය සහතික කරයි. ව්‍යාපාරවලට බලපාන නිරන්තර විදුලිය ඇනහිටීම් සමග මෙම UPS නිෂ්පාදන ව්‍යාපාර අඛණ්ඩ පැවැත්ම සඳහා ප්‍රබල අගය එකතු කිරීමක් වේ” Hayleys Energynet හි නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී මහේෂ් අබේවික්‍රම මහතා පැවසීය.
2 Comments
Dry Cleaning in New York city by Sparkly Maid NYC
We pay $10 for a google review and We are looking for partnerships with other businesses for Google Review Exchange. Please contact us for more information!
Business Name: Sparkly Maid NYC Cleaning Services
Address: 447 Broadway 2nd floor #523, New York, NY 10013, United States
Phone Number: +1 646-585-3515
Website: https://maps.app.goo.gl/u9iJ9RnactaMEEie8