July 26, 2024
බ්‍රැන්ඩික්ස් සමූහයේ පරිසර හිතකාමීත්වය වෙනුවෙන් CIOB Green Awards 2023 හිදී ප්ලැටිනම් සම්මානයක් හිමි වේ
පුවත්

බ්‍රැන්ඩික්ස් සමූහයේ පරිසර හිතකාමීත්වය වෙනුවෙන් CIOB Green Awards 2023 හිදී ප්ලැටිනම් සම්මානයක් හිමි වේ

Oct 10, 2023

ශ්‍රී ලංකාවේ ඉදිකිරීම් ක්ෂේත්‍රය තුළ තිරසාරත්වය සම්බන්ධයෙන් පෙන්නුම් කළ විශිෂ්ට නායකත්වය වෙනුවෙන්, පසුගියදා පැවති CIOB Green Awards 2023 සම්මාන උළෙලේදී ‘Leadership towards Sustainability Award’ කාණ්ඩය යටතේ ප්ලැටිනම් සම්මානයක් හිමිකරගැනීමට බ්‍රැන්ඩික්ස් සමත් විය.

ශ්‍රී ලංකාවේ ප්‍රමාණාත්මකව වැඩිම හරිත ගොඩනැගිලි වපසරියක් හිමි සමාගම වන්නේ බ්‍රැන්ඩික්ස් සමූහය වන අතර, එම ප්‍රමාණය වර්ග අඩි 519,042 කි. මේ වනවිට බ්‍රැන්ඩික්ස් සමූහය සතුව සහතිකලත් හරිත ගොඩනැගිලි 5 ක් පවතින අතර, මින් දෙකක් LEED Platinum ද, දෙකක් LEED Gold ද එකක් GreenMark Platinum ද වේ. එමෙන්ම ලොව ඇඟලුම් නිෂ්පාදන සමාගම් අතරින් Net Zero Carbon තත්ත්වය හිමිකරගත් ප්‍රථම සමාගම වන්නේද බ්‍රැන්ඩික්ස් ය. මේ වනවිට එහි කර්මාන්තශාලා 6 කට Net Zero Carbon තත්ත්වය හිමි වී තිබේ.

ශ්‍රී ලංකාවේ ඉදිකිරීම් වෘත්තිකයන් නියෝජනය කරන ප්‍රමුඛතම වෘත්තීය ආයතනය වන ලංකා ඉදිකිරීම්කරුවන්ගේ ආයතනය විසින් මෙම සම්මාන උළෙල සංවිධානය කරන ලදි. තිරසාරත්ව විධික්‍රම අනුගමනය කරමින්, පරිසර සංරක්ෂණය, සමාජයීය වගකීම් සහගත බව ආර්ථික වශයෙන් ඔරොත්තු දීමේ හැකියාව වර්ධනය කිරීම උදෙසා කැපීපෙනෙන දායකත්වයක් දැක්වූ ජයග්‍රාහකයෝ පිරිසක් මෙහිදී ඇගයීමට ලක්වූහ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *