July 27, 2024
මින්නේරියේ රන් අස්වනු මංගල්‍යයට කොමර්ෂල් බැංකුවේ පූර්ණ අනුග‍්‍රහය
පුවත්

මින්නේරියේ රන් අස්වනු මංගල්‍යයට කොමර්ෂල් බැංකුවේ පූර්ණ අනුග‍්‍රහය

Sep 14, 2023

දේශීය කෘෂිකර්මාන්තයට මෙන්ම සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර සඳහා සිය අඛණ්ඩ කැපවීම විදහා දක්වමින් කොමර්ෂල් බැංකුව පසුගියදා මින්නේරියේ පැවැත්වුණු රන් අස්වනු මංගල්‍යය හෙවත් අලූත් සහල් මංගල්‍යයට පූර්ණ අනුග‍්‍රාහකත්වය ලබා දුන්නේය.

මීට අමතරව, මින්නේරිය වැව් ඉස්මත්තෙහි පිහිටි මහසෙන් මහා දේවාල භූමියෙහි පැවැත්වූ එම සාම්ප‍්‍රදායික මංගල්‍යයට සමගාමීව සිදු කරන ලද සමාජ සත්කාරක කටයුතු කීපයකටද බැංකුවේ සහාය ලැබිණි.

මෙම වැඩසටහන යටතේ සාම්ප‍්‍රදායික සිරිතට අනුව ගොවි මහතුන් විසින් අස්වනු නෙලා ගැනීමෙන් පසු එම අස්වැන්නෙහි අග‍්‍ර කොටස මින්නේරිය දේවාලයට පූජා කිරීම සිදු විය. මෙම කටයුත්තට ගොවි මහත්ම මහත්මීන් සමඟ බැංකුවේ ඉහළ කළමණාකාරීත්වය සහ කාර්යමණ්ඩලය, ප‍්‍රදේශයේ සහල් නිෂ්පාදකයින් මෙන්ම ගම්වාසීන්ද සහභාගී විය. මෙම අවස්ථාව සනිටුහන් කරමින් කොමර්ෂල් බැංකුවේ කළමණාකාර අධ්‍යක්‍ෂ/ප‍්‍රධාන විධායක නිළධාරී සනත් මනතුංග මහතා සල් පැළයක්ද සිටවූ අතර අලූත් සහලෙන් පිසින ලද ආහාරවලින් සියලූ දෙනාට සංග‍්‍රහයක්ද සිදු කරන ලදී. ආශිර්වාද ලබා ගැනීම සඳහා ඉතිරවූ කිරි සම්ප‍්‍රදායානුකූලව මින්නේරිය වැවෙහි පා කොට යැවීමද සිදු කරන ලදි.

බැංකුවේ කාර්යමණ්ඩලය විසින් වැව් බැම්ම ආශි‍්‍රත පරිසරය පිරිසිදු කිරීමේ ව්‍යාපෘතියක් දියත් කල අතර ඉදිරියට ක‍්‍රමවත්ව මෙම පිරිසිදු කිරීමේ කටයුතු සිදු කිරීමට අවශ්‍ය උපකරණ වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ ප‍්‍රධාන ඉන්ජිනේරුවරයාට පරිත්‍යාග කරන ලදී. මේ සමඟම සම්පූර්ණ කල පිරිපහදු ජල පද්ධතියක් ද බැංකුව විසින් ස්ථාපනය කළ අතර, උත්සවයට සහභාගී වූ ගොවීමහතුන්ට යහපත් කෘෂිකාර්මික පිළිවෙත් පිළිබඳ දේශනයක් බතලේගොඩ සහල් පර්යේෂණ ආයතනයේ නියෝජ්‍ය කෘෂිකාර්මික අධ්‍යක්‍ෂ ආචාර්ය P. කරුණාරත්න මහතා විසින් පවැත්වීමේ සියලූ කටයුතු ද බැංකුව විසින් සලසා තිබිණි.

පැමිණ සිටි සියළුම ගොවි මහත්ම මහත්මීන්ට කොමර්ෂල් බැංකුව විසින් සංකේතාත්මක ලෙස පැළ පරිත්‍යාග කිරීමද එම උත්සවයේ කොටසක් විය. පරිසරය සුරැකීම පිළිබදව ජනතාව උනන්දු කිරීම සඳහා වැව ආශි‍්‍රතව ආදර්ශපාඨ සහිත පුවරු සවිකිරීම ද බැංකුව විසින් සිදු කෙරිණ.

මෙම උත්සවය කෙරෙහි බැංකුව දැක්වූ ඉහළ දායකත්වය පෙන්නුම් කරමින් බැංකුවේ කළමණාකාර අධ්‍යක්‍ෂ/ප‍්‍රධාන විධායක නිළධාරී සනත් මනතුංග මහතා, ප‍්‍රධාන මෙහෙයුම් නිළධාරී එස්. ප‍්‍රභාගර් මහතා ඇතුළුව බැංකුවේ ජ්‍යෙෂ්ඨ සහ ආයතනික කළමණාකාරීත්වයේ නියොජිතයින් කීපදෙනෙක් සහභාගී වූහ. මෙම උත්සවය සඳහා භාවිතා කල සියළුම ද්‍රව්‍ය මෙන්ම කි‍්‍රයාකාරකම් පරිසර හිතකාමී අමුද්‍රව්‍ය හා පරිසර හිතකාමී වැඩපිළිවෙලවල් අනුව කි‍්‍රයාත්මක කිරීමට බැංකුව කටයුතු කල අතර සම්පත් දායකත්වයද එම පළාතේම සැපයුම්කරුවන් විසින් සිදු කෙරිණිි.

මෙම උත්සවය අමතමින් කොමර්ෂල් බැංකුවේ කළමණාකාර අධ්‍යක්‍ෂ/ප‍්‍රධාන විධායක නිළධාරී සනත් මනතුංග මහතා මෙලෙස පැවසීය. ”අපගේ ආර්ථිකයේ කොඳු නාරටිය වැනි කෘෂිකාර්මාන්තයෙහි යෙදෙන ගොවි මහත්ම මහත්මීන් සමඟ මෙවැනි මහඟු උත්සවයකට දායක වීමට ලැබීම අප ඉතාමත් භාග්‍යයක් ලෙස සලකනවා. කෘෂිකාර්මාන්තය නඟා සිටුවීමට මෙන්ම ඉතාමත් ඉපැරණි මෙවැනි සාම්ප‍්‍රදායික සිරිත් විරිත් රැක ගැනීමටත් කොමර්ෂල් බැංකුව සැමදා සහය වන බව කියන්නට කැමතියි.

කෘෂි ව්‍යවසායකයින්ට මෙන්ම අනෙකුත් සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරිකයින්ට සාර්ථක සේවාවන් ලබාදීමේ අරමුණෙන් 1990 වර්ෂයේදී ආරම්භ කරන ලද කොමර්ෂල් බැංකුවේ සංවර්ධන ණය දෙපාර්තමේන්තුව මෙම කර්තව්‍යයේ මූලික සංවිධාන කටයුතු සිදු කරන ලදි. 2021 මෙන්ම 2022 වසරේදීත් දේශීය සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයින් වැඩිම පිරිසක් සදහා ණය පහසුකම් සැපයූ බැංකුව ලෙස කොමර්ෂල් බැංකුව පත්වීම දේශීය ව්‍යවසායකයින් වෙනුවෙන්, මෙම කැපවීමට හොඳම උදාහරණයක් බව බැංකුව පවසයි.

ශ‍්‍රී ලංකාවේ පරිසරයට කාබන් මුදාහැරීම 100% තුලනය කළ ප‍්‍රථම බැංකුව සහ ලෝකයේ හොඳම බැංකු 1000 අතරට පත්වු පළමු දේශීය බැංකුව වන කොමර්ෂල් බැංකුව මේ වනවිට දිවයින පුරා බැංකු ශාඛා 271 ක් සහ ස්වයංක‍්‍රීය යන්ත‍්‍ර 957 ක් ක‍්‍රියාත්මක කරයි. ශී‍්‍ර ලංකාවේ සුළු සහ මධ්‍යම පරිමාණයේ ව්‍යාපාර වලට විශාලතම ණය සම්පාදනය කරන්නා මෙන්ම දේශීය බැංකු ක්ෂේත‍්‍රයේ ඩිජිටල් නව්‍යකරණය සඳහා ප‍්‍රමුඛයෙකු වන කොමර්ෂල් බැංකුව බංග්ලාදේශය තුළ ශාඛා 20 ක් ද මියන්මාරයේ නේ පයිටව් හි, ක්ෂුද්‍ර මූල්‍යන සමාගමක් මෙන්ම මාලදිවයින තුළ බහුතර කොටස් හිමිකාරීත්වයෙන් යුතු පළමු පෙළ බැංකුවකින් සමන්විත විදේශීය මෙහෙයුමක් පවත්වාගෙන යන ශ‍්‍රී ලංකාවේ එකම පුද්ගලික වාණිජ බැංකුව ද වේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *