May 21, 2025
පුබුදු ඉංජිනියරින් පෞද්ගලික සමාගම සිය 33 වැනි සංවත්සරය උත්කර්ෂවත් ලෙස සමරයි
පුවත්

පුබුදු ඉංජිනියරින් පෞද්ගලික සමාගම සිය 33 වැනි සංවත්සරය උත්කර්ෂවත් ලෙස සමරයි

Feb 15, 2024

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ විදුලි පැනල් බෝඩ් නිෂ්පාදන සමාගමක් වන පුබුදු ඉංජිනියරින් පෞද්ගලික සමාගම, ටී. ඒ. එස්. ප්‍රේමලාල් මහතාගේ සභාපතිත්වය යටතේ ආයතනයේ 33 වන සංවත්සරය 2024 ජනවාරි මස 26 වන දින සමස්ථ කාර්ය මණ්ඩලයේ සහභාගීත්වයෙන් උත්කර්ෂවත් ලෙස සැමරීය. එම අවස්ථාවේදී වසර 10, 15, 20, 25 සහ වසර 25ට වැඩි සේවා කාලයක් සම්පූර්ණ කළ සේවක මහත්ම මහත්මීන් ඇගයීම උදෙසා ඔවුන්ට උපහාර පිදූ අතර කාර්ය මණ්ඩලය හා කළමනාකාරිත්වය විසින් සමරු පලකයක් පිරිනමනු ලබමින්  ආයතනයේ සභාපති / කළමනාකාර අධ්‍යක්ෂ ටී. ඒ. එස්. ප්‍රේමලාල් මහතාගේ නායකත්වය අගයන ලදී.

හෝමාගම කටුවාන කර්මාන්තපුරයේ පිහිටා ඇති පුබුදු ඉංජිනියරින් පෞද්ගලික සමාගමේ සභාපති / කළමනාකාර අධ්‍යක්ෂ ටී. ඒ. එස්. ප්‍රේමලාල් මහතා විසින් 1991දී ක්ෂුද්‍ර පරිමාණ ව්‍යාපාරික ආයතනයක් ලෙස ආරම්භ කරන ලද මෙම ආයතනය මේ වන විට සේවකයන් 200කින් සහ නවීනතම යන්ත්‍රෝපකරණවලින් සමන්විත ශ්‍රි ලංකාවේ විශාලම සහ කීර්තිමත්ම විදුලි ඉංජිනේරු ආයතනයක් බවට පත් වී තිබේ. මෙම සමාගම විශාල ගොඩනැගිලි, හෝටල්, ගොවිපොළ සහ කාර්මික සංකීර්ණවල යටිතල පහසුකම්වල අනිවාර්ය අංගයක් වන Powder Coated Metal Enclosures, Switch Gear සහ Control Gear එකලස් කිරීම් නිෂ්පාදනය කරයි. පුබුදු ඉංජිනියරින් පෞද්ගලික සමාගම Type Tested සහතික ඇතුළුව දේශීය හා ජාත්‍යන්තර මට්ටමේ සහතික හා සම්මානවලින් සන්නද්ධව සිය පාරිභෝගිකයන්ට ආරක්ෂිත, විශ්වාසනීය සහ ගුණාත්මක නිෂ්පාදන හා සේවා සපයයි. වසර 33ක සාඩම්බර ඉතිහාසයකට හිමිකම් කියන පුබුදු ඉංජිනියරින් පෞද්ගලික සමාගම ඉන්දියාව, මාලදිවයින, කෙන්යාව සහ ඕස්ට්‍රේලියාව වැනි රටවලට සිය නිෂ්පාදන අපනයනය කරමින් දිවයිනට විදේශ විනිමය ගලා ඒමට දායක වන විශිෂ්ට ගණයේ ආයතනයකි.

4 Comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Close