July 27, 2024
බි‍්‍රතාන්‍යයේ ඈන් කුමරිය MAS Holdings හි සංචාරයක
පුවත්

බි‍්‍රතාන්‍යයේ ඈන් කුමරිය MAS Holdings හි සංචාරයක

Jan 11, 2024

එක්සත් රාජධානිය සහ ශ‍්‍රී ලංකාව අතර පවතින ද්වි පාර්ශවික රාජ්‍යතාන්ත‍්‍රික සබඳතාවයට වසර 75ක් පිරීම නිමිත්තෙන් බි‍්‍රතාන්‍යයේ ඈන් කුමරිය නිල සංචාරයක් සඳහා දිවයිනට පැමිණියාය. එම සංචාරය අතරතුර ඈන් කුමරිය, ඇයගේ ස්වාමි පුරුෂයා වන වයිස් අද්මිරාල් ශ්‍රීමත් තිමති ලෝරන්ස් ඇතුළු රාජකීය දුත පිරිස හා ශ‍්‍රී ලංකාවේ බි‍්‍රතාන්‍ය මහ කොමසාරිස් අතිගරු ඇන්ඩෘ පැටි‍්‍රක් මහතා සමඟින් ඔවුන්ගේ සංචාරයේ පළමු නැවතුම ලෙස කටුනායක පිහිටි MAS Holdings හි අනුබද්ධිත MAS Nirmaana වෙත පැමිණි අතර සමාගමේ ඉහළ කළමනාකාරීත්වය විසින් ඔවුන්ව මහත් ගෞරවයෙන් පිළිගන්නා ලදී. MAS Holdings යනු ශ‍්‍රී ලංකාවේ විශාලතම ඇඟලූම් අපනයනකරු මෙන්ම මෙරට පුද්ගලික අංශයේ විශාලතම සේවා යෝජකයා වේ.

MAS Holdings හි නිර්මාණශීලී නිෂ්පාදන සහ සංවර්ධන මධ්‍යස්ථානය වන MAS Nirmaana හි සංචාරය කළ මෙම රාජකීය දුත පිරිසට එහිදී සමාගමේ ඇඟලූම් විශේෂඥතාව සහ නවෝත්පාදන පිළිබඳ හැකියාවන් දැක ගැනීමට අවස්ථාව හිමි විය. MAS Holdings සමූහයේ ප‍්‍රධාන විධායක නිලධාරී සුරේන් ප‍්‍රනාන්දු සහ MAS Active හි ප‍්‍රධාන විධායක නිලධාරී මුදිත ෆර්ඩිනැන්ඩු යන මහත්වරු මෙම නිරීක්ෂණ චාරිකාව සඳහා රාජකීය දුත පිරිස සමඟ එක්ව සිටියහ.

රාජකීය කුමරිය සහ ශ්‍රීමත් තිමති ලෝරන්ස් නව ප‍්‍රවණතා පර්යේෂණය කිරීමේ සිට ඩිජිටල් නිෂ්පාදන නිර්මාණය කිරීම දක්වා අති නවීන තාක්ෂණයෙන් සහ හැකියාවන්ගෙන් සමන්විත ගෝලීය ඇඟලූම් නිෂ්පාදන මධ්‍යස්ථානයක් වන Nirmaana හිදී ඉමහත් ගෞරවයෙන් පිළිගනු ලැබීය. MAS Nirmaana ගෝලීය ඇඟලූම් කර්මාන්තයේ, පුරෝගාමී නිර්මාණශීලී සහ නවෝත්පාදනයේ ප‍්‍රමුඛතම මධ්‍යස්ථානයක් ලෙස ඉදිරියෙන්ම සිටී.

MAS Holdings හි සමූහ ප‍්‍රධාන විධායක නිලධාරී සුරේන් ප‍්‍රනාන්දු මහතා ප‍්‍රකාශ කළේ, ‘‘රාජකීය කුමරිය සහ ශ‍්‍රීමත් තිමෝති ලෝරන්ස් අපගේ ආයතනයකට පැමිණීම අප සැබවින්ම ගෞරවයක් ලෙස සලකනු ලබනවා. ඇඟලූම් කර්මාන්තයේ අපගේ වසර 36ක ගමන්මගේ එක්සත් රාජධානිය අපගේ ප‍්‍රධාන වෙළඳපොළක් ලෙස වැදගත් කාර්යභාරයක් ඉටු කර තිබෙනවා. ශ‍්‍රී ලංකාව සහ එක්සත් රාජධානිය අතර ඓතිහාසික සබඳතාවය සමරන මෙම අවස්ථාවේදී මෙම රටවල් දෙකෙහි මිත‍්‍රත්වය MAS සඳහා ද එකසේ වැදගත් අවස්ථාවක් වනවා.’’ යනුවෙනි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *